වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිගෙන් පවුල් 500 කට  රු. 5000 ක් වටිනා වියළි ආහාර මල්ලක්

291

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ දරිද්‍රතාවය හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින පවුල් පන්සීයකට වැඩි පිරිසකට, ලක්‍ෂ විසිපහකට වැඩි වඩිනාකමින් යුතු වියළි ආහාර තොගයක් බෙදාදීම පෙරේදා (30 දා) මිහින්තලයේ පිහිටි බොංජි ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිගෙන් පවුල් 500 කට  රු. 5000 ක් වටිනා වියළි ආහාර මල්ලක්

තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිiාලයේ නිර්මාතෘ හා කුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙහිදී දුගී ජනතාව වෙනුවෙන් රුපියල් 5000 කට වැඩි වටිනාකමින් යුත් වියළි ආහාර අඩංගු බෑගයක් ලබාදෙනු ලැබීය. පැමිණ සිටි පිරිස් මෙහිදී පැවසූයේ කිසිදු පුද්ගලයකු තමන් පිළිබඳව සොයා නොබලන මෙවැනි අවස්ථාවක මෙම නාහිමිවරුන් දෙපළ මහඟු පුණ්‍යකර්මයක් සිදුකළ බවයි.

මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment