වල්පැළෑටි විද්‍යාවට කළ මෙහෙයට මහාචාර්ය බුද්ධි මාරඹේ ට ජාත්‍යන්තර සම්මානයක්

429

ජාත්‍යන්තර වල්පැළෑටි විද්‍යා සංගමය (IWSS) මගින් ජීවිත කාලයේ එක් වතාවක දී පමණක් පිරිනමන ‘Lifetime Achievement Award’නම් සම්මානය මෙවර කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාට පිරිනමා තිබේ.

සම්මාන ප්‍රදානය ඉකුත්දා තායිලන්තයේ බැංකොක් නුවර මැරියට් හෝටලයේ දී පැවැති අතර, මහාචාර්යවරයා විසින් කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් වල්පැළෑටි විද්‍යාව සඳහා දක්වන ලද දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය ප්‍රදානය කර ඇත.

මහාචාර්ය මාරඹේ කලක් පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කළ අතර ඔහු ශ්‍රී ලංකාවේ වල්පැළෑටි පිළිබඳ විශේෂඥයෙකි. ආගන්තුක ආක්‍රමණික ශාක හා සතුන් පිළිබඳ විශේෂඥ කමිටුවේ ද සාමාජිකයෙක් ලෙස කටයුතු කරන ඔහු දේශගුණික විපර්යාස පිළිබඳව දේශකයකු හා විද්‍යාඥයකු ලෙස ද ප්‍රකටය. මහාචාර්ය මාරඹේ ලෝක දේශගුණික සමුළුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අඛණ්ඩව අධ්‍යයනය කරන හා නියෝජනය කරන විද්වතකු ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment