වලිකාමම් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඇතුළු‍ තුන් දෙනා බේරා ගන්න දේශපාලන බලපෑම්

368

යාපනයේ මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් මත යාපනය වලිකාමම් ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු ඇතුලූ‍ තුන් දෙනෙකු පොලිසිය විසින් 04 දා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට දේශපාලන බලපෑම් එල්ල වන්නට පටන් ගෙන තිබේ.

යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා ඊ.පී.ඞී.පී.පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු වන අතර සිද්ධිය සමථයකට පත් කරන ලෙසත් අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙසටත් බලපෑම් එල්ල වී තිබේ. යාපනය ඌරණි මාර්ගයේ මාර්ග බාධකයක් හරහා මෙම මන්ත‍්‍රීවරයා හිස්වැස්මක් නොමැතිව යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරීන් ඔහුව නවත්වා රාජකාරී කිරීමට ගිය අවස්ථාවේදී මන්ත‍්‍රීවරයා හා පොලිස් නිලධාරීන් අතර දැඩි වචන හුවමාරුවක් සිදුව තිබේ. මන්ත‍්‍රීවරයා දුරකතන ඇමතුමක් ලබාගෙන පිරිසක් එම ස්ථානයට කැඳවා ගැනීමෙන් පසුව ඔවුන් එකතු වී පොලිසියට ගල්වලින් පහර දෙන්නට පටන් ගැනීමත් සමගම පොලිසිය අහසට වෙඩි තබා සිද්ධිය වූ ස්ථානයෙන් මිදී තිබේ.

පසුව සිදු කළ මෙහෙයුමකින් පසුව මන්ත‍්‍රීවරයා ඇතුලූ‍ව සිද්ධියට සම්බන්ධ තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment