වව්නියාවේ තරුණියකට වෙඩි තබා මරලා: – සැකපිට පෙම්වතා අත්අඩංගුවට

471

වව්නියාව නෙදුන්කර්නි ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී නාඳුනන පුද්ගලයකු පෙරේදා (18 දා) රාත්‍රි සිදුකළ වෙඩි තැබීමකින් 21 හැවිරිදි තරුණියක් ඝාතනයට ලක්වී ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ ප්‍රේම සම්බන්ධතාවක් බිඳී යෑම නිසා කෝපයට පත්ව පෙම්වතා විසින් මෙම තරුණිය ඝාතනය කරන්නට ඇති බවට සැක පහල කරන බවයි.

ඝාතනයට ලක්වූ තරුණිය පෙරේදා රාත්‍රියේ සිය නිවසේ දොර විවෘත කරගෙන නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ ඒ අසල සැඟවී සිටි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්ය. උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත නෙදුන්කර්නි පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment