වව්නියාවේ දී බිරියට ගිනි තබා මැරුවැයි සැමියා සැකපිට අල්ලයි

418

වව්නියාවේ කට්පහපුරම් ප‍්‍රදේශයේ පුද්ගලයකු සිය බිරි`දගේ සිරුරට ගිනි තබා ඝාතනය කළේ යැයි යන සිද්ධියක් මත ඇගේ සැමියාව සැකපිට 14 දා වව්නියාවේ පූවරසන්කුලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාව ජීවත් වූ නිවසේ දොර ජනෙල් වලින් ගින්නක් හා දුමක් යමින් තිබෙන බව දුටු අසල්වාසීන් වහාම එහි ගොස් බලන විට කන්තාවගේ සිරුරට ගිනි ඇවිලී තිබෙනු දැක ගින්න නිවා ඇයව රෝහල්ගත කළත් පසුව මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වව්නියාවේ කට්පහපුරම් ප‍්‍රදේශයේ පදිංචිව සිටි රාජේන්ද්‍රන් ආන්ද්‍රා නැමති 44 හැවිරිදි තුන් දරු මවකි.

ඇයගේ සැමියා බිම් බෝම්බ ඉවත් කිරීමේ ආයතනයක සේවය කොට පසුව ඉන් ඉවත් වී ඇති අතර ඔවුන්ගේ පවුලේ නිතර නිතර අඩදබර වූ බව අසල්වාසීන් පොලිසියට පවසා තිබේ.

පූවරසන්කුලම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment