වවුනියාවේ එන්නත් මධ්‍යස්ථානයක ඇති වූ ගැටුමෙන් දෙදෙනකුට තුවාල

70

වවුනියාව පූවරසන්කුලම ප‍්‍රදේශයේ එන්නත් මධ්‍යස්ථානයක ඇති වූ අධික තදබදය හා පසුව දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනකු ඉකුත් 14 දා සුළු තුවාල ලබා තිබේ.

එන්නත ලබාදීම සඳහා පූවරසන්කුලමේ මධ්‍යස්ථාන කීපයක් සූදානම් කොට තිබූ අතර ග‍්‍රාම නිලධාරී වසම් අනුව එක් මධ්‍යස්ථානයකදී ලබාදෙන එන්නත් ප‍්‍රමාණය 500 කට සීමාකොට තිබුණි. මෙම නියමයන් නොතකා අධික පිරිසක් එක් මධ්‍යස්ථානයක් වෙත පැමිණ සිටි අතර ඔවුන් සෞඛ්‍ය නීතිරීති නොතකා කෑකෝ ගසමින් කලහකාරී ලෙස හැසිරුණු අවස්ථාවේදී යුද හමුදා නිලධාරීන් විසින් පැමිණ තත්ත්වය සමථයකට පත්කොට වැඩිපුර පැමිණි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. එන්නත් ලබා ගැනීමට අවස්ථාව අහිමි වූ පිරිස ආපසු යමින් සිටියදී එන්නත් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් මත දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන ඇති අතර ඔවුන් එකිනෙකාට පහරදී ගැනීම නිසා දෙදෙනකු සුළු තුවාල ලබා තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment