වවුනියාවේ කැබ් ටිපර් මුහුණට මුහුණ ගැටී දෙදෙනකු එතැනමයි

129

වවුනියාවේ කනගරායන්කුලම් ප‍්‍රදේශයේදී ටිපර් රථයක් හා කැබ් රථයක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු ඊයේ (08 දා) අලූයම 5.30 ට පමණ එම ස්ථානයේදීම මියගොස් තිබේ.

වවුනියාවේ කැබ් ටිපර් මුහුණට මුහුණ ගැටී දෙදෙනකු එතැනමයි

මියගොස් ඇත්තේ කැබ් රථයේ ගමන් කළ දෙදෙනා වන අතර ඔවුන් කුරුණෑගල, දොඩම්ගස්ලන්දේ කලූවාදේවයලාගේ කුලසිරි තිලක් කුමාර (44) සහ කොළඹ 12, බාලසුබ‍්‍රමනියන් නිරූබන් (31) රියදුරු වශයෙන් හඳුනාගෙන තිබේ.

අනතුරට පත් කැබ් රථය පෞද්ගලික සමාගමකට අයත් රථයක් වන අතර එය වවුනියාව සිට යාපනය දක්වා ගමන් කරමින් තිබියදී අනතුරට පත්ව තිබේ.

කැබ් රථයේ රියදුරුට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුව ඇති බවට විශ්වාස කරන අතර සිද්ධිය වූ වහාම පොලිසිය හා ප‍්‍රදේශවාසීන් පමිණ කැබ් රථයේ සිර වී සිටි දෙදෙනා අලවංගුවලින් කැබ් රථය කඩා ඉවතට ගෙන තිබේ. මළසිරුරු වවුනියාව මහ රෝහලේ තැන්පත් කොට තිබේ. කනගරායන්කුලම පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment