වවුනියාවට ග්‍රීස් යක්කු පනී

747

වවුනියාවේ මදවයිත්තකුලම හා ඒ අවට ගම්මාන කීපයකට රාත්‍රී කාලයේදී ග්‍රීස් යකුන් පැමිණෙන්නට පටන් ගෙන තිබීම නිසා වහාම ගම්මාන වලට ආරක්ෂාව සපයන්නැයි එම ගම්මානයේ පිරිසක් ඊයේ (8දා) වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයායාගෙන් සහ ජෙයෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

ලිපියක් මගින් කළ එම ඉල්ලීමේ සදහන් වන්නේ දැනට සතියක පමණ කාලයක සිට රාත්‍රීයට නාදුණන හා අද්භූත පිරිසක් තම ගම්මාන වල නිවෙස් වලට පැමිණෙන බවයි.

එසේ පැමිණෙන පිරිස ඇග පුරා විවිධ වර්ණයෙන් යුත් තීන්ත ආලේප කරගෙන සිටින බවත් ඔවුන් බොහෝවිට නිරුවතින් පැමිණ නිවෙස් වල තනිවම සිටින කාන්තාවන්ව බිය කරණ බවත් පවසන ගම් වැසියෝ වහාම පොලීසිය මැදිහත් වී මේ උවදුර නතර කොට දෙන මෙන් ඉල්ලීමක් කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment