වවුනියාවේ බොක්සිං ශූරිය පාකිස්තානයේදී රන් දිනයි

246

පාකිස්තානයේ පැවති තුන් වන ජාත්‍යන්තර ී්ඩ්එැ බොක්සිං තරගාවලියෙන් රන් පදක්කමක් දිනා ගැනීමට වවුනියාවේ දිලක්ෂණී කන්දසාමී ක්‍රීඩිකාව සමත් වූවාය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 4 ක් හා ක්‍රීඩිකාවන් 9 ක් සහභාගි වී ඇති අතර ඔවුන් විසින් රන් පදක්කම් 9 ක් හා රිදී පදක්කම් 4 ක් දිනා ගැනීමට සමත්විය.

උතුරු පළාත නියෝජනය කරමින් සහභාගිවූ වවුනියාවේ දිලක්ෂණී කන්දසාමී ක්‍රීඩිකාව එම තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ඇය මේ වන විට සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ අධ්‍යයන අංශයේ ශිෂ්‍යාවක් වශයෙන් අධ්‍යාපන කටයුතු හදාරමින් සිටියි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment