වවුනියාව බසාර් වීදියේදී නාඳුනන අයකුගේ මළ සිරුරක් හමුවෙයි

76

වවුනියාවේ බසාර් වීදියේ වෙළෙඳසලක් ඉදිරිපිට තිබී නාඳුනන මළ සිරුරක් පොලීසිය විසින් 15 දා සොයාගෙන තිබේ. මෙම පුද්ගලයා කවුරුන්දැයි මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහු වවුනියාවට පිට පළාතකින් පැමිණි යාචකයෙකු විය හැකි බවට පොලීසිය විශ්වාස කරයි.

දැනට එම මළ සිරුර වවුනියාව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment