වවුනියාව භූ කම්පනයට හේතු

185

එකතුවී තිබෙන ශක්තිය මුදා හැරීම සාමාන්‍ය තත්වයක් බවත් මෙය සාමාන්‍යයෙන් පොළොවෙහි භූගත මට්ටම්වල ශක්තිය මුදා හැරීමක් ලෙස නිරීක්‍ෂණය වන බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා හා භූගර්භ දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.මෙවැනි භූ කම්පන තත්ත්වයක් වසර දහයකට පෙර එම ප්‍රදේශයේම සිදුව ඇති බව කී මහාචාර්යවරයා මධ්‍යම කඳුකරයේ හෝ ජලාශ පරිසර තත්වයන් ඇති පෙදෙස්වල ඇතිවන භූ කම්පන තත්ත්වයන්ට වඩා සාමාන්‍ය තත්ත්වයක් මෙම තැනිතලා බිමෙහි පවතින බවත් කියා සිටියේය.ඉදිරියේදී මෑත කාලීනව නැවත එවන් භූ කම්පනයක් ඇතිවේ යැයි සිතීම අපහසු බව කී හෙතෙම ශ්‍රී ලංකාව වැනි රටක පිහිටීම අනුව මෙවැනි තත්ත්වයන් ඇතිවන බවද කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment