වවුනියාව මහ රෝහලේ කොවිඞ් සිරුරු ගොඩ ගැසේ

152

වවුනියාව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින් 12 දෙනෙකුගේ මළ සිරුරු ආදාහනය කිරීමට නොහැකිව නිසා එම මළ සිරුරු ඉතා ඉක්මනින් ආදාහනය කිරීමට නොහැකිනම් භූමදානය කරන්නැයි ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

ආදාහනාගාර වලදී දිනකට ආදාහනය කළ හැකි මළ සිරුරු සංඛ්‍යාව සීමා සහිත වීම නිසා වවුනියාව මහ රෝහලේ මළ සිරුරු එකතු වන්නට පටන් ගෙන තිබේ.

මේ මළ සිරුරු ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම අවසන් වනතුරු පවුලේ ඥාතීන්ට දැඩි මානසික කම්පනයකින් ජීවත් වීමට සිදු වන නිසා වහාම මේ සම්බන්ධයෙන් සුදුසු පියවරක් අනුගමනය කරණ ලෙස කොරෝනා රෝගයෙන් මියගොස් සිටින අයගේ ඥාතීන් ඉල්ලිමක් කොට තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment