වවුනියා රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු 87කට කොරෝනා

213

වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනකු, හෙදියන් සිව්දෙනකු හා ආරක්ෂක අංශ සාමාජිකයන් නවදෙනකු ඇතුළුව පුද්ගලයන් 87 දෙනකු කොරෝනා ආසාදිතයන් වශයෙන් ඊයේ (11 දා) හඳුනාගෙන තිබේ.

වවුනියාවේ ප‍්‍රාදේශීය රෝහල්වලට අනුයුක්තව සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් විශාල පිරිසක් කොරෝනා රෝගීන් බවට පත් වීමත් සමගම පළාත පුරා දැඩි ආරක්ෂණ ක‍්‍රමවේදයක් ආරම්භ කොට තිබේ.

මේ වනවිට වවුනියාවේ බොහෝ රෝහල්වලට අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පුද්ගලයන් ඇතුළුවීම තහනම් කොට තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment