වසංගතයක් තිබුණත් සංවර්ධනයේ අරුණලු රටටම විහිදුවනවා – අගමැති මහින්ද රාජපක්‍ෂ

125

රටට අවශ්‍ය ගැටලූ විචාරය කරන්නන් නොව ප‍්‍රායෝගික අභියෝගයන්ට මුහුණ දෙමින් විසඳුම් ඉදිරිපත් කරන්නන් බවත් ඒ සඳහා ඔබ සියලූ දෙනා බලාපොරොත්තු වන නව මාවතක් අදින් පටන් ගන්නා නව වසර තුළ එළිදැක්වෙනු ඇති බවත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කළ අලූත් අවුරුදු සුභාශිංසන පණිවුඩයේ සඳහන් වේ.

එම පණිවුඩයේ මෙසේද දැක්වේ.

ගෝලීය වසංගත තත්ත්වයට මුහුණ දෙමින් ගෙවී ගිය වර්ෂය තුළ ශ‍්‍රී ලංකාව මුහුණ පෑ අභියෝග රැුසකි. සමාජ හා ආර්ථික වශයෙන් පැමිණි එම අභියෝග ජය ගැනීම උදෙසා රටක් ලෙස සියලූ දෙනා එක්ව ඉටු කරන කැපකිරීම් කෘතඥපූර්වකව සිහිපත් කරමි. රජයක් ලෙස අප පසුගිය වසරේ වඩා ප‍්‍රමුඛත්වය ලබා දුන්නේ

ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙනි. එන්නත්කරණය සාර්ථකව කි‍්‍රයාත්මක කිරීමෙන් ඔබේ සමීපතමයන්ගේ ජීවිත ඇතුළු රටේ දහස් ගණනක් ජීවිත ආරක්‍ෂා කර දීමට අපට හැකි විය.

රට හමුවේ මෙවැනි අභියෝගයක් නොමැති කාලයක පවා අතහැර දැමු සංවර්ධන ව්‍යාපෘති රැසක් අපි පසුගිය කාලය තුළ ජනතා අයිතියට පත් කළෙමු.

වසංගතය හමුවේ ඒ කිසිදු සංවර්ධන කටයුත්තක් නවතා දැමීමට රජයක් ලෙස ක‍්‍රියා නොකළ අතර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් සංවර්ධන අරුණළු අඛණ්ඩව රටටම විහිදුවාලීම අපගේ රජයේ අනාගත අපේක්‍ෂාවයි.

ඒ වෙනුවෙන් සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් අප හමුවේ ඇති විවිධ බාධක ජය ගත යුතුය. එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට නිවැරදි දේ තෝරාබේරාගෙන ඒ සඳහා ක‍්‍රියාත්මක වීමෙන් දැනට පවතින බොහෝ ගැටලූ ජයග‍්‍රහණයෙන් කෙළවර කළ හැකිය. රටටඅවශ්‍යගැටලූ විචාරය කරන්නන් නොව

ප‍්‍රායෝගික අභියෝගයන්ට මුහුණ දෙමින් ඔබට විසඳුම් ඉදිරිපත් කරන්නන්ය. ඒ සඳහා ඔබ සියලූ දෙනා බලාපොරොත්තු වන නව මාවතක් අදින් පටන් ගන්නා නව වසර තුළ එළිදැක්වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment