වසංගතයෙන් ගම්පොළ බේරාගන්න කැපවූ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියාටත් කොරෝනා

195

ගම්පොළ නගරයේ පදිංචිකරුවන් ඇතුළු උඩපළාත සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පදිංචි ජනතාව කොරෝනා වෛරසයෙන් බේරා ගැනීමට අපමණ වෙහෙසක් ගෙන කටයුතු කළ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී එම්. ෂාහිම් මහතා ද කොරෝනා වෛරසයට ගොදුරුව ඇත.

 වෛද්‍යවරයා ඇතුළු ඔහුගේ බිරිඳ හා දරුවන් ද ආසාදනය වී නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව ෂාහීම් මහතා පැවසීය. ගම්පොළ උඩපළාත වෛද්‍ය කොට්ඨාසය තුළ සිටින එක්ලක්ෂ විසිඅටදහසක් වූ ජනගහනයෙන් 60% ක් සඳහා මේ වනවිට එන්නත්කරණය කිරීමට දායකත්වය ලබාදී ඇති මෙම වෛද්‍යවරයා ඒ සඳහා මොඩර්නා හා ස්පුට්නික් වැනි එන්නත් ගම්පොළට ගෙන ඒම සඳහා ද කැපවීම් කර ඇත.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment