වසංගතය මැදත් ආහාරවලින් රට ස්වයංපෝෂි කිරීම රජයේ අරමුණයි -තුන්වැනි කොවිඞ් රැල්ලත් මඬින්න අපට පුළුවන් – යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

500

* කඩිනමින් එන්නත්  ලබාගැනීමට හැකිවීම රාජතාන්ති‍්‍රක  සබඳතාවල ප‍්‍රතිඵලයක්

* සියලූ දෙනාට  එන්නත දීම  ඉලක්කයක්

* ආර්ථික හවුල්කාරිත්වයන් සඳහා  ශී‍්‍ර ලංකාව අද්විතීය ස්ථානයක්  හිමිකර ගෙන තියෙනවා

* ශ‍්‍රී ලංකා  ආයෝජන සංසදයේ  වාර්ෂික සැසිවාරය

ශ‍්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම අනුව අද වන විට ආර්ථික හවුල්කාරිත්වයන් සඳහා අද්විතීය ස්ථානයක් හිමි කර ගෙන ඇති රටක් බවට පත්ව ඇතැයි ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි, යුද හමුදාධිපති සහ ‘කොවිඞ්-19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා ආයෝජන සංසදයේ වාර්ෂික සැසිවාරයේ දෙවැනි දිනය වූ පෙරේදා (08 දා) ආරාධිත දේශකයා ලෙස එක්වෙමින් ඒ මහතා මේ බැව් පැවසීය. මෙම සැසිවාරයට මාර්ගගත ක‍්‍රමවේද ඔස්සේ රටවල් 65කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ සම්බන්ධ වූහ.

එහිදී යුද හමුදාපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අපි සැවොම දන්නවා, ‘කොවිඞ්-19’ වසංගතය මුළු ලෝකයෙම ජිවිතවලට තර්ජනයක් වෙලා තියෙනවා. එමගින් සමාජ ආර්ථික තත්ත්වයන් බලවත් ලෙස පසුබෑමකට පත් වෙලා තියෙනවා. අතීතයේ කිසිම දිනෙක නොවූ පරිදි මිනිසාගේ ජීවිත ආරක්‍ෂාව බලපාලා තියෙනවා.

ඒවාගේම මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් මගකට තල්ලූ‍ කරලා තියෙනවා. එකිනෙකට බැඳුණු සමාජ රටාවක් ඇති අපිට කොහෙත්ම බෑ තනිතනිව හුදෙකලා ජීවිත ගත කරන්න. හුදෙකලාව වෘත්තින්වල යෙදෙන්න, ආර්ථික වශයෙන් විදෙස් සබඳතා හා සමාජ සම්බන්ධතා කරගෙන යාම අත්‍යාවශ්‍ය කටයුත්තක්. ඒ නිසා මෙය අපි අවබෝධකරගත යුතු වෙනවා. වසංගත තත්ත්වය කළමනාකරණය හා පාලනය කරමින් අර්ථිකය ආරක්‍ෂා කරගන්න අපට අවශ්‍ය වෙනවා අනෙකුත් අවශ්‍යතා සාමාන්‍ය පරිදි ඉටුකරගන්න සිදුවෙනවා.

මේ නිසා ආර්ථික තත්ත්වයන් යහපත් ලෙස පවත්වාගෙන යාමටත් සුපුරුදු ජීවන රටාවන් රැුකියාවන් හා සමාජ සම්බන්ධතා කොවිඞ්-19 වසංගත තත්ත්වයේ අභියෝගවලට මුහුණදෙමින් ඉටුකරගැනීමත් සමාජ ආර්ථික ක‍්‍රියාවලියන් නොකඩවා කරගෙන යාමටත් අවම නීතිරීති තුල රට ඉදිරියට ගෙන යාමටත් අපිට සිදුවෙනවා.

ශ‍්‍රී ලංකාව මෙම කොවිඞ් වසංගත තත්ත්වය යටතේ කළයුතු දේ ගැන ජනාධිපතිතුමන් සහ රජය විසින් යම් ක‍්‍රමවේදයක් රට තුළ ක‍්‍රියාත්මක කිරීමට තීරණය කළා. පළමුව ආසාදිතයින් වැඩිවීමේ ප‍්‍රවණතාව අවම කිරීම, මෙම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා කළ යුතු ක‍්‍රියාමාර්ග නොපමාව ගැනීම, දෙවනුව ආසාදිත පුද්ගලයින් ආසාදිත නොවූ අයගෙන් වෙන් කොට හුදෙකලා කර තැබීම හා මහජනතාව ගැවසෙන ස්ථානවලින් ඈත් කර තැබීම, තුන්වෙනුව ආසාදිත පුද්ගලයින් ප‍්‍රතිකාර කිරීම තුළින් ජීවිත අවදානම අවම කර මරණ සංඛ්‍යාව අඩු කිරීම, සිව්වනුව රටේ ජනතාව ආර්ථික දුෂ්කරතාවයන්ට පත්වීම අවම කර ගැනීම, සංචරණ සීමා නිසා වෛද්‍ය පහසුකම් ලබා ගැනීම හා අනෙකුත් අවශ්‍යතා උදෙසා ක‍්‍රමවේදයන් සැකසීම, පස්වනුව වෛරසය පාලනය සඳහා එකම විසඳුම වන එන්නත් කරන වැඩසටහන නියමාකාරයෙන් සිදුකිරීම හා අවසාන වශයෙන් ආර්ථික වර්ධනය හා

රැකියා සුරක්‍ෂිතභාවය ඇතිකිරීම සඳහා වසංගත කාලය තුළදී මෙන්ම ඉන් පසුවත් අවශ්‍ය පියවර ගැනීමත් සිදුකරනු ලබනවා.

මා විසින් මූලිකත්වය ගෙන ක‍්‍රියාකරන ‘කොවිඞ්-19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය ජනාධිපතිතුමන් විසින් පත්කරනු ලැබූ ජාතික ආයතනයක්. එය මෙම කාර්යයේදී මුලිකත්වය ගෙන කටයුතු කරන මධ්‍යස්ථානයක්. මෙම මධ්‍යස්ථානය සෞඛ්‍ය හා වෛද්‍ය බලධාරීන්, හමුදා සාමාජිකයින්, නීති ක‍්‍රියාවේ යොදන බලධාරීන්, ආර්ථික විශේෂඥයින්, ආපදා කළමනාකරණ නිලධාරීන්, පරිපාලන නිලධාරීන් මෙන්ම සාමාජයේ ඉහළ බුද්ධිමත් හා උගතුන්ගෙන් සමන්විතයි.

මීට අමතරව, ජනාධිපතිතුමන් විසින් ජනාධිපති කාර්යසාධක බළකායක් ස්ථාපිත කරලා තියෙනවා. ඉන් ආර්ථික පුනර්ජීවනය ඇති කර දුප්පත්කම නැති කිරීම තුළින් ආර්ථික හා සමාජීය සංවර්ධනයක් ඇති සමාජයක් ගොඩනැගීම සඳහා පියවර ගන්නවා.

‘කොවිඞ්-19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය

මගින් වෛද්‍ය යටිතල පහසුකම්, ප‍්‍රදේශ හුදෙකලා කිරීම්, සංචරණ සීමා පැනවීම්, මහජනයාගේ රැුකියාවන් කරගෙන යාම සඳහා පහසුකම් සැපයීම පිළිබඳව ඉතා දැඩි සැලකිල්ලට භාජනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර ක‍්‍රියාවට නැංවීම සිදුකරනවා. එමෙන්ම ‘කොවිඞ්-19’ තොරතුරු යාවත්කාලින කරනවා.

ඒ අනුසාරයෙන් ජනාධිපතිතුමා හා රජය මගින්

ගන්නා තීරණ තීන්දු බිම් මට්ටමේ සිට ක‍්‍රියාවට නැංවීම සිදු කරනවා. ඒ නිසා මම කැමැතියි කියන්නට මේ සියලූ‍ම ප‍්‍රයත්නයන් ඉතා විස්තරාත්මකව ගැඹුරින් අධ්‍යයනයකට ලක් කර මේ ඒකාබද්ධ වූ කණ්ඩායමට ඒවා ක‍්‍රියාත්මක කිරීමට උපදෙස් හා සහයෝගය රජයේ ඉහළම බලධාරින් විසින් ලබාදෙනු ලබනවා.

මෙම කොවිඞ්-19 පාලනය කිරීම සඳහා වූ උපායමාර්ග ක‍්‍රියාත්මක කිරීමේදී දුරස්ථභාවය, යහපත් සෞඛ්‍ය පුරුදුවලට අනුගතවීම, ආශ‍්‍රිතයන් සොයා ගැනීම, හුදෙකලා කිරීම සහ නිරෝධායනය කිරීම වැනි ක‍්‍රියා සමාජයට හඳුන්වාදී එය ක‍්‍රියාත්මක කරනවා.

හමුදාව, ජාතික බුද්ධි සේවය උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගත්තා. එමගින් ආශ‍්‍රිතයන් සොයා ගැනීම හා ඔවුන් නිරෝධායනය සඳහා යෙදවීමට සෞඛ්‍ය අංශ මගින් අධීක්‍ෂණය හා රෝගීන් ඉවත් කිරීමට මහත් පිටුවහලක් වුණා. මෙහිදී ආරක්‍ෂක අංශ මගින් නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීම හා නඩත්තු කිරීම, එමෙන්ම ආරක්ෂාව හා වෛද්‍ය ආධාර ලබාදීම හා නිරෝධායන මධ්‍යස්ථාන දිවයින පුරා ක‍්‍රියාත්මක කිරීම සිදුවුණා.

රෝගය පැතිරීම වැළැක්වීම ආසාදිත පුද්ගලයින් ආසාදනය නොවූ පුද්ගලයින් හා මිශ‍්‍රවිම හා සමාජයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා ආසාදිතයින් හුදෙකලා කරන ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කිරීමට සිදුවුණා. මේ සඳහා යුද්ධ හමුදාව අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමටත් ඒවා නඩත්තු කරගෙන යාම සඳහාත් සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව සෞඛ්‍ය බලධාරීන්ට සහ ඒ අංශවලට උපකාර වුණා.

එන්නත්කරණ වැඩසටහනේ රජයේ ප‍්‍රධාන අභිප‍්‍රායවන්නේ මෙරට සියලූ‍ම ජනතාවට එන්නත් ලබාදීමයි. එහිදී සුවිශේෂී අවධානයක් යොමු කරන්නේ වෛරසය දැඩි ලෙස පැතිරී ඇති ප‍්‍රදේශවල මහජනයාට එන්නත් ලබාදීමටයි.

මෙහිදී මෙම එන්නත් කඩිනමින් මෙන්ම ප‍්‍රමාණවත් අන්දමින් ලබා ගැනීමටත් මුල් අවධියේම හැකිවීම රජය වෙනත් රාජ්‍යයන් හා පවත්වාගෙන යන සුහදශීලි හා විශ්වාසනීය රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතාවයේ ප‍්‍රතිඵලයක් ලෙස බව සඳහන් කරන්න කැමතියි. එමෙන්ම ඉදිරි දිනයන්හිදී ද එන්නත් තොග අපිට ලැබීමට නියමිතයි.

මෙමගින් අපි විශ්වාස කරනවා අපේ රටේ සියලූ‍ම ජනතාව ‘කොවිඞ්-19’ එන්නත 2022 වර්ෂය අවසන් වනවිට ලබාදීමට හැකි වේ යැයි කියා. අපි සාර්ථකව පළමු සහ දෙවන කොවිඞ් රැුල්ල මැ`ඩ පැවැත්වූවා වාගේම අපට විශ්වාසයි අපට තුන්වෙනි රැුල්ලත් සාර්ථකව මැ`ඩ පැවැත්වීමට හැකි වේයැයි කියා.

කොවිඞ්-19 සමග සටන් කරන අතරතුරේම ආර්ථික දර්ශකයන් යහපත් මට්ටමේ තබාගැනීමත් ජනාධිපතුමන්ගේ දර්ශනයට අනුව රජය හඳුනාගෙන තිබෙනවා. ආර්ථික අවපාතයකට රට යාමට ඉඩ නොදී, ආර්ථිකය යහපත් වතාවරණයකදී ඉදිරියට ගෙන යාමටත් රටට විදේශීය ආදායම ගෙන දෙන ඇඟලූ‍ම් කර්මාන්තය සහ එවැනි කාර්මාන්තවල නිෂ්පාදන කටයුතු විධිමත්ව පවත්වා ගෙන යාමටත් එමගින් එහි සේවය කරන සේවක පිරිස් හා දිවයිනේ දෛනිකව ආදායම් ලබන අයවලූ‍න්ගේ ජීවන මට්ටම යහපත් අයුරින් කළමනාකරණය කිරීමටයත් අවශ්‍ය කටයුතු සඳහා රජය ශක්තිමත් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බවත් සඳහන් කළ යුතුයි. වසංගතයක් රටේ පවතිද්දී ගෘහස්ථ නිෂ්පාදන ක‍්‍රියාවලිය වැඩි කරන්න, ඒ වගේම ආහාරවලින් ස්වයං පෝෂිත වෙන්න, සේවාවන් සාර්ථකව කරගෙන යාමට රජය අවදානය යොමු කරලා තියෙනවා. එමෙන්ම, අපනයනය වැඩි කරන්න. සේවා හා භාණ්ඩ මත පනවා ඇති බදු නිසි අයුරින් කලමනාකරණය කරන්න මේ අවස්ථාවේ රජය විසින් කුඩා මධ්‍යම හා මහ පරිමාණ ව්‍යාපාරික ප‍්‍රජාවට අවශ්‍ය මුල්‍යමය ප‍්‍රතිපාදන, නීතිමය හා ශිල්පීය ආධාර ලබාදීමෙන් ව්‍යාපාරික ප‍්‍රජාව උනන්දු කිරීමක් හා බලගැන්වීමක් කරලා තියෙනවා.

ශ‍්‍රී ලංකාව මේ වන විට කාර්මාන්ත, කෘෂි නිෂ්පාදන හා අනෙකුත් සේවාවන් පිළිබඳව ගවේශනාත්මකව අධ්‍යයනය කර එම අවස්ථාවන් අප වෙත ළ`ගා කර ගෙන ඇති කොවිඞ් වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද සමබර සෞඛ්‍ය හා ආර්ථික අංශයන්ගේ දියුණුවක් ලබා ඇති බවත් මා විශ්වාස කරනවා.

ශ‍්‍රී ලංකාවේ ජාතික ආර්තිකය සුරැුකීම වසංගතයට පෙරත්, ඒ අතරතුරේදීත්, ඉන් පසුවත් ඉතා සැලසුම් සහගතව සිදුවන ඉතා වැදගත් කරුණක්. ආර්ථිකයේ බාහිර මෙන්ම අභ්‍යන්තර කරුණු දෙස අපි එක සමාන අවධානයක් යොමු කරලා තියෙනවා.

අපගේ වසංගත කළමනාකරණ ක‍්‍රියාවලිය සිදුවුයේ බාධාවකින් තොරව කර්මාන්ත, නිෂ්පාදනය ක‍්‍රියාවලිය, අපනයන අංශ සහ ජාත්‍යන්තර වෙළෙඳාම සිදුවීමට ඉඩ සලසාදෙමින්. ඒවාගේ සේවය කරන පිරිස් කොවිඞ් වසංගතය මධ්‍යයේ ද සෞඛ්‍ය ආරක්‍ෂිතව මේ නිෂ්පාදන කටයුතු අපනයන කටයුතු ඉටුකළා. මෙය තමා ශ‍්‍රී ලංකාවේ ශක්තිය.

ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ ජාත්‍යාන්තර වෙළෙඳපොළට යැවීම සහ එම වෙළඳ කටයුතු වසංගත තත්ත්වය හමුවේ නවතා දැමුවේ නැත. එමෙන්ම, ශ‍්‍රී ලංකා තේ හා කුළුබඩු වැනි කෘෂිකර්ම අපනයන භාණ්ඩ නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව විදේශයන්ට යවනු ලබනවා. වැවිලි කර්මාන්ත හා කෘෂි නිෂ්පාදන සියල්ල ඉතාමත් සුරක්‍ෂිතව සෞඛ්‍ය

මාර්ගෝපදේශවලට අනුකූලව විදේශීය වෙළෙඳපළට යැවීම ඉතා සාර්ථකව සිද්ධ වෙනවා.

ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දිවයිනක් ලෙස මුහුදු මගින් භාණ්ඩ ප‍්‍රවාහනය පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තියෙනවා. ප‍්‍රති අපනයනය හා අපනයන ක‍්‍රියවලියේ දී මිත‍්‍රශීලි රටවල් සමග අන්‍යෝන්‍ය අවබෝධයක් සහිතව මුහුදු ප‍්‍රවාහන කටයුතු සිදු කරනවා. අපි දන්නවා මිත‍්‍ර රටවල් අපේ රටින් බලාපොරොත්තුවන සේවාව. මේ වසංගත තත්ත්වය තිබියදීත් බාධාවකින් තොරව භාණ්ඩ ප‍්‍රවාහනය, ආරක්‍ෂාව, සුරක්‍ෂිත බව මේ සෑම දෙයක්ම දිවයිනක් හැටියට අපි මනාව ඉටු කරනවා.

අපි අපගේ දිවයින පිහිටා ඇති වැදගත් ස්ථානය හා ලෝකයේ එයට ඇති ආකර්ශනය ගැන අවබෝධ කරගෙන අපි එම අවස්ථාවෙන් උපරිම පල නෙලා ගත යුතු වෙනවා. මා සිතන ආකාරයට ශ‍්‍රී ලංකාව ඉතාම අද්විතියයි. අවස්ථාවන් බොහොමයක් ඇති දිවයිනක්. ආර්ථික මර්මස්ථානයක්. අප ඉදිරියේ ඇත්තේ මෙම මහත් අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන ලෝකයේ වෙනත් රටවල ව්‍යාපාරික ප‍්‍රජාවත් හා සම්බන්ධවී අපේ ආර්ථික සංවර්ධනය සඳහා මෙම අවස්ථාව පිටුවහලක් කරගත් යුතු බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment