වසංගතය හා අමනයින්

868

පසුගිය 06 වැනිදාත් රෝගීන් 44 දෙනෙකු කොරෝනාවට බිලි වී ඇත. දිනකට වාර්තාවන රෝගීන් ප‍්‍රමාණය අඩු වී ඇතත් අවදානම පහ වී නොමැත. රට විවෘතකර තිබුණ ද අපේ ආරක්ෂාව ඉවත් කරගත යුතු නැත. ලබන 21 දක්වා පළාත් සංචරණ සීමා දීර්ඝකර ඇත්තේ ද මේ නිසාය. රට විවෘත කළ ද තමන්ගේ හිතුමතයට කටයුතු කළ නොහැක. ලංකාව ආර්ථික වශයෙන් අසීරු අඩියකට පත්ව ඇත්තේ ද මාස ගණනාවක් තිස්සේ රට වසා දැමීම හේතුවෙනි. එසේම ඊනියා වර්ජන රැුල්ලක් නිසාම දිනකට රෝගීන් හාරදහස ඉක්මවා වාර්තාවන තත්ත්වයක් ද ඇති විය. ඒ අසීරු කාලය අවසන් කර දැමුවේ බොහෝ කැප කිරීම් සිදු කරමිනි. කිරිපිටි සඳහා පෝලිම් ඇති වූයේ ද මේ නිසාය. එය ලංකාවට පමණක් පොදු දෙයක් නම් නොවේ. එංගලන්තයේ ඉන්ධන පිරවුම් අසල ගුටි හුවමාරු වන්නේ කවර හේතුව නිසාද? ලෝකයේම තෙල් හා ගෑස් මිල ඉහළ ගොස් ඇත. කොවිඞ් ප‍්‍රහාරයට ලක්වූ ආර්ථිකය හිස ඔසවනවිට ඉන්ධන මිල ඉහළ යයි. ශීත කාලය එළැඹෙත්ම යුරෝපයේ ගෑස් මිල ඉහළ ගොස් ඇත. ඉහළ යන ඉල්ලූම අපේ බඩටත් වදී. මන්ද මෙරට කහ පාට” කොළ පාට ගෑස් මිල ද ඉහළ යන නිසාය. එම නිසා නැවත රට නොවසන්නට කටයුතු කිරීම මෙරට ජනතාවගේ වගකීමකි. යළිත් ලොක්ඩවුන් පැමිණියහොත් බඩ නොව බෙල්ලම හිරකර ගැනීමට සිදුවනු ඇත. කිසිවිටකත් මුව ආවරණය ඉවත දැමිය යුතු නැත. එය  තමාගේම මෙන්ම සමාජයේ ආරක්ෂාව පිණිසය. තමා සුරක්ෂිත වූ විට සමාජය සුරක්‍ෂිතවන අතර සමාජය සුරක්‍ෂිත වීම තුළින් තමා ද සිය පවුල ද සුරැුකේ. මේ වසංගතය නිසා ලෝකයට බොහෝ පාඩම් ඉගැන්වූ බව අපි දනිමු. වසංගත ගැන කතා චිත‍්‍රපටවල පමණක් වූ අයට එය අත්දැකීමෙන්ම ලබා දෙන්නට කොරෝනාව නොමසුරු විය. වූහාන් නගරය ලොක්ඩවුන් කර ඇති අයුරු රූපවාහිනියෙන් නැරඹු කොපමණ පිරිසක් අද ඒ රෝගයට ම ගොදුරු වී මෙලොව හැරගොස් ඇතිද? පසුගිය දිනක මීගොඩ ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක සේවකයකු දරුණු ලෙස ප‍්‍රහාරයට ලක්වන ආකාරය රූපවාහිනී ප‍්‍රවෘත්තිවලින් දැකගත හැකි විය. ඒ ගනුදෙනුකරුවකු හා ඔහුගේ සහචරයින් අතිනි. මේ සේවකයා කළ වැරැද්ද කුමක්ද? මුව ආවරණයක් පැළඳ ගන්නැයි කීම පමණි. එයට උරණ වූ අධමයින් මොහුට නොසෑහෙන සේ පහර දුන්හ. මේ කණ්ඩායම දැන් රිමාන්ඞ් ගතකර තිබේ. ඇත්තෙන්ම මොවුනට උපරිම දඬුවම් දිය යුතුය. අධමයින්ට සැලකිය යුත්තේ අධම ආකාරයටය. මොවුන් ඒ සේවකයා උස්සා පොළොවේ ගසන අයුරුත් දැකගත හැකි විය. වසංගතය පොළොවේ ගසන්නට නොහැකි නිසා මොවුහු අසරණ සේවකයකු පොළොවේ ගැසූහ. මීට පෙර අවස්ථාවකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ පුද්ගලයාට දඬුවම් ලබාදුන් ආකාරයෙන්ම මේ අධමයින්ට දඬුවම් දී එයින් සමාජයට වඩා හොඳ පණිවුඩයක් දීම කළ යුතුය. නැත්නම් මුව ආවරණය පැළඳ ගන්නා ලෙස කියන බස් කොන්දොස්තරවරුන්ටත් පහරදීමට පෙළඹෙන පිරිස් බිහිවිය හැකිය. ඇෙඟ් හයියට රටේ නීති කැඩිය නොහැක. සමාජයත් රටත් අනතුරේ හෙළන්නෝ මෙවැනි පිරිස්ය. රට අනතුරේ බව හොඳින්ම දැන දැන ගුරු පෙළපාලි සංවිධානය කරන්නෝ ද මොවුන් හා සමානය. දැන් යළිත් සෞඛ්‍ය වර්ජන රැල්ලක් ද ආරම්භ වී ඇත. සාමාන්‍ය ජනයාට රට එපා වන්නේ මේ වර්ජන නිසාය. හමුදාව එන්නත්කරණය පටන් ගත් විට ඊට එරෙහි වූයේත් මේ වෘත්තිය සමිති පිරිස බව අපි දනිමු. ඔවුන්ට එන්නත්කරණය භාර දුන්නා නම් ඒ කටයුත්ත ද බංකොලොත් වී රටම ප‍්‍රපාතයකට ඇද වැටෙන්නේය. එක් රෝගියෙක් පමණක් වාර්තා වීම නිසා නවසීලන්තය රට වසා දැමූ විට ලංකාවේ සිටින මුහුණු පොතේ වීරයෝ ද අගමැති ජසින්ඩා අගය කරමින් කවි ලිවූහ. නමුත් ඇය දැන් කියන්නේ කුමක්ද? රෝගීන් ප‍්‍රමාණය ශුන්‍ය කිරීම කොහෙත්ම කළ නොහැක්කක් බවයි. එසේම එරට එන්නත්කරණය ද සාර්ථක අන්දමින් සිදුව නැත. ඒ අනුව ජසින්ඩාගේ රටට වඩා ලංකාව සාර්ථකය. හැමදේටම රට වසන්නට බැරිය. රට වසා මිනිස්සු ජීවත් කළ නොහැක. වසංගතය අනුව ජීවත් වීමට හුරුවිය යුතුය. නමුත් වසංගතය පිළිබඳ අනතුරු දැන දැන අමනකම් නොකළ යුතුය. ඒ අමනයින්ට එරෙහිව දැඩිව කි‍්‍රයාත්මක වීම රජයේ වගකීමය.

advertistmentadvertistment
advertistmentadvertistment