වසංගත රැල්ලක් තිබියදී චීනයේ සියලු කොරෝනා නීති ඉවතට

151

පාලනය කළ නොහැකි තරම් වේගයෙන් කොරෝනා වසංගත රැල්ලක් පැතිර යමින් තිබියදී ලබන ජනවාරි මස 08 වැනිදා සිට විදෙස් රටවල සිට පැමිණෙන්නන් නිරෝධායනය වීම අනිවාර්යය කිරීමේ නීතිය ඉවත් කර රට සම්පූර්ණයෙන් බාහිර ලෝකයාට විවෘත කිරීමට චීන රජය විසින් තීරණය කර තිබේ.

වසර තුනකට පෙර චීනයේ වූහාන් නගරයේ කොරෝනා වසංගතය මුලින්ම පැතිර යෑම පටන් ගත් පසු රට වසා දැමීමට පියවර ගත් චීන බලධාරීහු මෙසේ චීනයේ වසා දමා තිබූ දේශ සීමාවන් විවෘත කරමින් රට සම්පූර්ණයෙන් නැවත බාහිර ලෝකයාට විවෘත කිරීමට තීරණය කර ඇත්තේ දැඩි කොරෝනා මර්දන නීති රීතිවලට එරෙහිව මහජනතාවගෙන් දැඩි විරෝධයක් පැන නැගීමේ ප්‍රතිපලයක් වශයෙනි. චීනය බාහිර ලෝකයාට විවෘත වීමෙන් පසු විදෙස් රටවල සිට රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතු හා පවුලේ සාමාජිකයන් මුණ ගැසීම සඳහා විදෙස් රටවල සිට පැමිණෙන්නන් හට නිරෝධායනය වීමෙන් තොරව චීනයට පැමිණීමට හැකි වනු ඇත. කෙසේ වුවද මෙම දිනවල චීනයේ පැතිර යමින් පවතින දරුණු කොරෝනා වසංගත රැල්ල හේතුවෙන් රෝහල් දැඩි සත්කාර ඒකක පිරී ඉතිරී ගොස් ඇති බවත් වැඩිහිටියන් විශාල පිරිසක් මිය යමින් සිටින බවත් චීනයෙන් ලැබෙන නිල නොවන වාර්තාවලින් හෙළි වී තිබේ .

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment