වසංගත, ව්‍යසන හා වර්ජන මැද්දේත් ජයටම දරුවන්ට උගන්වන උස්සාපිටිය සුමංගලයේ ගුරු දෙවිවරු මෙන්න

872

අප අපේ වගකීම් ඉටුකරනවා…  – රජය ඔවුන්ගේ යුතුකම් ඉටුකරාවි… – විදුහල්පති ඩබ්ලිව්.ජී.ජයසිංහ

දරුවන් අපේ සම්පතක් නිසා මානව දයාව පෙරදැරි කරගෙන අපේ පාසලේ ඉගෙන්වීමේ කටයුතු කරගෙන යනවා. පහසුකම් තිබෙන දරුවන්ට ඔන් ලයින් ක‍්‍රමයටත් අනිත් ළමයින් පාසලට ගෙන්වා අධ්‍යාපන කටයුතු කරනවා යැයි මාවනැල්ල උස්සාපිටිය ශ‍්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.ජී.ජයසිංහ මහතා පැවසීය.

වසංගත, ව්‍යසන හා වර්ජන මැද්දේත් ජයටම දරුවන්ට උගන්වන උස්සාපිටිය සුමංගලයේ ගුරු දෙවිවරු මෙන්න

ඔහු එසේ පැවසුවේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට ළමුන්ට ඉගැන්වීමේ කටයූතුවල යෙදී සිටින අතරදීය. මෙම පාසල 2015 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප‍්‍රථමයා බිහි කළ පාසලය.

මෙහිදී තවදුරටත් කතා කළ විදුහල්පතිවරයා වසර තූනක් තිස්සේ දරුවන් නිවෙස්වලට වෙලා සිටියා. මේ ජාතික සම්පත නිවසට වෙලා හුදකලා වෙලා සිට මානසික පීඩාවට පත්වුණා, මාස ගණනාවක් අධ්‍යාපනය අහිමි වුණා.

අපේ පාසලට එන දරුවන් ඉතාමත් දුෂ්කර ප‍්‍රදේශවල සිට ඵන්නේ. පහසුකම් තිබෙන ළමයින් ස`දහා ඔන් ලයින් ක‍්‍රමයටත් පහසුකම් නොමැති ළමයින් පාසලට ගෙන්වාගෙනත් ඉගෙනීම කටයුතු කරනවා. මෙවැනි දුෂ්කරතා තිබෙන දරුවන් ගැන අපට බලා ඉන්න බැහැ. ගුරුවරුන් හැටියට මේ දරුවන් වෙනූවෙන1යි අපි වැටුප් ලබන්නේ. මේ ජාතික සම්පතත් සමගයි අපි ගනුදෙනු කරන්නේ,

වෘත්තිය සමිති සමග සාකච්ජා කර තමයි ුපි මේ වැඬේ පටන් ගත්තේ. මෙය වෘත්තිය සමිති අරගලවලට විරුද්ධව කරන දෙයක් නොවේ.

දරුවෝ අහිංසකයි, ඵ් නිසා මම තීරණය කළා මේ ආකාරයට අධ්‍යාපනය ලබා දෙන්න. මේ විදිහට ගියොත් නිදහස් අධ්‍යාපනය නැති වෙනවා. අපිත් නිදහස් අධ්‍යාපනය ලැබූ අය. රටේ ව්‍යසනයක්, වසංගත තත්වයක් ඇති අවස්ථාවක අපට ජාතික වගකීමක් තිබෙනවා. මෙය ජාතික වෑදගත්කමක් සේ සලකා අප පාසලට පෑමිණ ඉගැන්වීමේ කටයූතු කරනවා. ඉදිරියටත් කරනවා.

මම සිතනවා අපේ වගකීම ඉටු කළාම රජයත් අපේ ඉල්ලීම් ඉටු කරාවි කියා.

කෑගල්ල එම්.බී. පහළවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment