වසන්තට දවසක්

171

‘80 අපි’ නමැති කණ්ඩායම තමයි මා වෙනුවෙන් මේ උපහාර උළෙල පවත්වන්නේ. මේ කණ්ඩායම හැදෙන්නෙ 80 දශකය තුළ සෝවියට් මිත්ත‍්‍රත්ව මන්දිරයේ පැවති දෙසතියක වැඩමුළුවක ප‍්‍රතිඵලයක් ලෙසයි. ඒ වැඩමුළුවේ ප‍්‍රධානීන් වුණේ ඩග්ලස් සිරිවර්ධන, එච්. ඒ. පෙරේරා, පරාක‍්‍රම නිරිඇල්ල සහ මමයි. අද වන විට ක්‍ෂේත‍්‍රයේ ඉන්න විවිධ රංගධරයන් කලා අධ්‍යක්ෂවරු ප‍්‍රවීණ චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු විශාල පිරිසක් එමගින් බිහිවුණේ. ඉතින් ”80 අපි’’ කණ්ඩායමෙන් උපහාර උළෙලක් පවත්වන්න යනවලූ. මම ඒ පිළිබඳව වැඩි විස්තරයක් කියන්න දන්නෙ නැහැ. මට කිව්වේ ඒ දිනය වෙන්කර ගන්න විතරයි.

ඉස්සරට වඩා ඔබව දැන් පුංචි තිරය ඔස්සේ දැක ගන්නට ලැබෙනවා. එයට විශේෂ හේතුවක් තියෙනවද?

ඔව් වෙන්න පුළුවන්. ඉස්සර හුඟක් වෙලාවට මම අංග රචනය කරන ගමන් තමයි රංගනයේ යෙදුනේ. නමුත් දැන් මම අංග රචනය නොකරන නිර්මාණවලත් රංගන ශිල්පියෙක් විදියට රංගන දායකත්වය ලබා දෙනවා. මම අංග රචනයෙන් ලද ශිල්පීය නිපුණතාව නිසා රංගනය සඳහා සුදුසුතාවයත් හේතුවනවා ඇති වර්තමානය තුළ මාව රංගනය සඳහාම යොදවා ගන්න.

මේ වන විට අප රටේ ඩොලර් නොමැතිකමින් රජය විසින් ක‍්‍රියා මාර්ගයක් ගෙන තිබෙනවා රූපලාවන්‍ය විලේපන වර්ග ලංකාවට ගෙන්වීම නතර කරන්න. මෙය ඔබලාට බලපාන්නේ කොහොමද?

මෙහෙමයි දැන් ලංකාවේ සිනමාව කර්මාන්තයක් නොවන නිසාත් අනෙක් ක්‍ෂේත‍්‍රවල වෘත්තීමය තත්ත්වයක් නැති නිසාත් මේ සියල්ල වැටෙන්නේ රූපලාවන්‍යාගාරවල විලේපන වර්ග හැටියට. නමුත් කර්මාන්තයක් හැටියට සිනමාව, වේදිකාව, රූපවාහිනිය අනෙකුත් වෙළෙඳ දැන්වීම් ආදිය සිදු කිරීමට අංග රචනා ශිල්පීන් අවශ්‍යයි. ඔවුන්ගේ කාර්යයන් සිදු කිරීම සඳහා විලේපන අමුද්‍රව්‍ය අවශ්‍ය අතර ඩොලර් හිඟයක් රටට ආව පමණින් එක පාරටම රජය මේ ගත්ත තීරණය හේතුවෙන් අපට ලොකු අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙනවා. මෙම නියෝගයන් ගන්න දේශපාලඥයින් හෝ නිලධාරීන් කිසිවෙක් සිතන්නේ නැහැ. මේ හේතුවෙන් කලාව කියන විෂයට කොපමණ පහරක් වදිනවාද? මොනතරම් පසුබෑමකට ලක් වෙනවාද? කියන එක රූගත කිරීමකදී එය කාර්මික විෂයක්. අංග රචනය කියන්නේ ඉරියව් සම්පේ‍්‍රෂණය කිරීම චරිත ඉස්මතු කරලා නිර්මාණය කර ගැනීමයි. මෙහිදී අලේපන උපාංග නැතිවම බැහැ. මේ නිසා රූපලාවන්‍යයෙන් ඔබ්බට ගිය වෘතීමය පදනමක් තුළ මෙම භාණ්ඩ ගෙන්වීමට ක‍්‍රමවේදයක් සකස් කළ යුතුයි. නැතහොත් කලා මාධ්‍ය කියන සියල්ලටම එය තර්ජනයක් විය හැකියි.

වසන්තට දවසක්

වසන්ත විට්ටව්චිගෙන් පසු අපි එම පැනයම යොමු කළේ තවත් අංග රචනා ශිල්පියෙක් වන ප‍්‍රියන්ත දිසානායකට. මේ ඊට ඔහුගේ පිළිතුර..

මෙම රූපලාවන්‍ය ආලේපන ගෙන්වීම තහනම් කිරීම තුළින් වෙනත් වෙළෙඳ ප‍්‍රජාවකටවත් රජයටවත් පාඩුවක් සිදු වන්නේ නෑ. අංග රචන ශිල්පීන්ට තමයි එහි පාඩුව වෙන්නේ. චිත‍්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය කියන අංශ තුනෙන් ගොඩදෙනෙක් ජීවත් වෙනවා. මේ අය වෙනුවෙන් රජය මැදිහත් වෙලා කලා ක්‍ෂේත‍්‍රයට තව දුරටත් වැටෙන්නට ඉඩ නොදී මෙම ආලේපන අමුද්‍රව්‍ය නැවතත් ගෙන්වීමට ක‍්‍රමවේදයක් සකස් කර ඒවා සාධාරණ මිල ගණන් යටතේ ලබා දෙන්නේ නම් එය මේ වෙලාවේ කලා ක්‍ෂේත‍්‍රයට කරන සාධාරණයක් වනවා. නවීන පන්නයේ කැමරා තාක්ෂණය උපයෝගි කරගෙන කරන රූපගත කිරීම්වලදී උසස් තත්ත්වයේ අංග රචනයක් ලබාදීම අනිවාර්ය වනවා. ඒ සඳහා උචිත ප‍්‍රමිතියකින් යුතු ආලේපන වර්ග යොදා ගත යුතු වන අතර දැනට දේශීය වශයෙන් නිෂ්පාදනය වන ආලේපන තුළින් එම ප‍්‍රමිතිය ලබා ගත නොහැකියි. අප මුහුණපා ඇති මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට කලා ක්‍ෂේත‍්‍රයේ අනාගත පැවැත්ම ගැන සිතා මේ සඳහා සතුටුදායී ක‍්‍රියා මාර්ගයක් ගැනීමට රජය මැදිහත් වේයැයි අපි මේ බලාගෙන ඉන්නේ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment