වසන්ත මුදලිගේට සිතාසි

270


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන අභියාචනය ලබන 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.
ඒ අනුව එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා අදාළ අභියාචනයේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින වසන්ත මුදලිගේ වෙත සිතාසි නිකුත් කරන ලෙසද එම නියෝගයේ සඳහන් වෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment