වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනකු රඳවාගෙන ප්‍රශ්න කරයි

91

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පෙරේදා (18 වැනිදා) පස්වරුවේ යුනියන් පෙදෙස ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දහසය දෙනකු රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එන්. කේ. ඉලංගසිංහ මහතා ඊයේ (19 වැනිදා) නියෝග කළේය.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගල්වල සිරිධම්ම හිමි ඇතුළු තිදෙනකු ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය අතිරේක මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විරෝධතා ව්‍යාපාරයක නිරතවීම නිසා වසන්ත මුදලිගේ මෙන්ම තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙන බවත් ඒ අනුව එකී සැකකරුවන් පෙරේදා (18වැනිදා) අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට පැවසූ පොලිසිය සැකකරුවන් සියලුදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් සැකකරුවන් ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment