වසන්ත මුදලිගේ ඇතුළු පිරිස රිමාන්ඩ්

333

අධ්‍යාපන අමාත්‍යාංශය තුළදී කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත ඊයේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ඇතුළු 57 දෙනාගෙන් යුත් පිරිස මෙම 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

සැකකරුවන්ව අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව එම නියෝගය ලබාදී ඇත.

පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ක්‍රියාකාරීන් 57 දෙනකුගෙන් යුතු පිරිසක් ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය තුළදී කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment