වසන්ත මුදලිගේ රඳවා ගැනීම තව දික් කරන්න එපා

149

මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි

අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා අන්තර් විශ්වවිiාල භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව නිකුත් කර ඇති දින 90 ක රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2022.08.18 දින සිට දින 90 ක කාලයක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සහ අඛණ්ඩව ඔවුන් සිරගත කිරීම අසාධාරණ සහ අයුක්ති සහගත බව කියමින් එකී නිර්දේශය සිදුකර ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම ක්‍රියාව ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවද වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment