වසන්ත මුදලිගේ රඳවා ගැනීම බල රහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

89

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක් රැඳවුම් භාරයට පත්කරමින් ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් ලබාදී ඇති රැඳවුම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිඥයෙක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

වසන්ත මුදලිගේ මහතා වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් ගොනුකර ඇති එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කවින්ද පියසේකර, ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්, පෑලියගොඩ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කළුවිතාරණ, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න හා නීතිපතිවරයා නම් කර ඇත.

ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වන වසන්ත මුදලිගේ කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට කිසිදු ආකාරයකින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නොතිබියදීත් රජයට එරෙහිව දියත් වූ ජන අරගලයට සක්‍රියව දායකත්වය දැක්වීම නිසා ත්‍රස්තවාදී පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන්නේ යැයි ද එම පෙත්සමෙන් කියා ඇත.

එබැවින් එම රැඳවුම් නියෝගය වහාම ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment