වසරකට පවුල් ආරවුල් පැමිණිලි ලක්ෂයක් වැඩිම සංඛ්‍යාව අනියම් සම්බන්ධතා ගැන

599

වසරකට පවුල් ආරවුල් සම්බන්ධ පැමිණිලි ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් දිවයිනේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශවලට ලැබන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට පැවසුවාය.

දිවයිනේ පොලිස් ස්ථාන 600කට අධික ප‍්‍රමාණයක් ඇති අතර ඒ සෑම පොලිසියකම ළමා හා කාන්තා කාර්යාංශයක් ස්ථාපිතව පවතී.

පවුල් ආරවුල් පැමිණිලිවලින් වැඩිම ප‍්‍රමාණයක් ලැබී ඇත්තේ අනියම් සම්බන්ධතා සම්බන්ධයෙන් බව ඇය සඳහන් කළාය. ඊට අමතරව නැන්දම්මා ලේලිය අතර ආරවුල්, සැමියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා ඇතිවන ආරවුල්, පවුල් අසමගිය යනාදිය ද පැමිණිලි අතරේ වන බව ද ඇය කීවාය. මෙම පවුල් ආරවුල් හේතුවෙන් පවුල් ඒකකය තුළ පවතින බැඳීම ටික ටික ගිලිහී යමින් පවතින බව ද ඇය සඳහන් කළාය.

සමාජ මාධ්‍ය ජාලා තුළ වත්මන් හැසිරීම්ද බොහෝ පවුල් ආරවුල් ඉහළ යෑමට හේතුවක් වී ඇතැයිද ඈ කියා සිටියාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment