වසරකට රිය අනතුරු 38000 ක් මරණ 3000 ක්

630

මෙරට වාර්ෂිකව සිදුවන රිය අනතුරු සංඛ්‍යාව 38,000 ක් පමණ වන බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස මරණ 3,000 ක් හා බරපතළ තුවාල සිදුවීම් 8000 ක් පමණ වාර්තා වී ඇති බවත් ලෝක බැංකුවේ මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ශී‍්‍ර ලංකාවේ ගමන් මග අලූත්ම වාර්තාවේ සඳහන් වේ.

මාර්ග අනතුරු නිසා වන ඒකපුද්ගල මරණ සංඛ්‍යාව අතර අසල්වැසි දකුණු ආසියාවේ රටවල් අතර ඉහළම අගය අප රටට හිමිවන බවත් එම සංඛ්‍යාව මාර්ග අනතුරු පාලනය කරන ලද ලෝකයේ හොඳම කි‍්‍රයාකාරී රටවල ඒකපුද්ගල මරණ මෙන් පස්ගුණයක් බවත් වාර්තාවේ දැක්වේ. මාර්ග අනතුරුවලට ගොදුරු වූවන්ගෙන් තුනෙන් දෙකකට වැඩි සංඛ්‍යාවක් වයස අවු. 15-64 ත් අතර අය වෙති. සියයට 90 ක් ම පදිකයන් හා යතුරුපැදිකරුවන් මියගොස් තිබේ.

මාර්ග ආරක්‍ෂාව පිළිබඳ අර්බුදයට එරෙහිව කටයුතු කිරීමට ඩොලර් බිලියන 2 ක අමතර ආයෝජනයක් අවශ්‍ය බවද පෙන්වා දෙන ලෝක බැංකුව මාර්ග භාවිතා කරන සියල්ලන්ට මාර්ග ආරක්ෂිතව භාවිතා කිරීමට හැකි වන පරිදි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ යෝජනාවලියක් ද ඉදිරිපත් කර තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment