වසරකට හදිසි අනතුරු මරණ 10,000ක්

50

හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගල මරණ දසදහසකට අධික සංඛ්‍යාවක් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවැසීය.

එසේම, හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව මෙරටින් මරණ 32ත් 35ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ද හෙතෙම කීය.

රථ වාහන අනතුරු, දියේ ගිලීම්, විෂවීම් ඇතුළු හදිසි අනතුරු හේතුවෙන් මෙම මරණ සිදුවන බව ද ඒ මහතා කියා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීය. තවදුරටත් කතා කළ හෙතෙම මෙසේ ද පැවැසීය.

“ලංකාවේ රජයේ රෝහල්වලට නේවාසිකව ප්‍රතිකාර ලබන්න එන අයගෙන් වැඩිම ප්‍රමාණයක් ඇතුළත් වෙන්නේ හදිසි අනතුරු නිසා. ඇත්තටම ලංකාවේ ජනගහනයෙන් සෑම පස් දෙනකුගෙන් හෝ හය දෙනකුගෙන් එක් අයකු වෛi ප්‍රතිකාර ලැබීමට සුදුසු ආකාරයේ අනතුරක් සෑම අවුරුද්දකම කරගන්නවා. සෑම පැය තුනකටම සැරයක්ම දළ වශයෙන් 4දෙනෙකුගේ පමණ ජීවිත අහිමි වෙනවා.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment