වසරක කාලයකින්  ආර්ථිකය  ස්ථාවර වෙයි ද?

705

මෙය කැමති සහ අකැමැති භේදයෙන් තොරව සියලු දෙනා සමග සහ සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු මොහොතකිග අනිත් අතට එදා ප්‍රකාශයට පත් වූ ඒ ජනවරම අද මහපොළොවේ ඇත්තේ ද නැතග එනම් පසුගිය කාලයේ සිදු වූ බොහෝ දේවල් සමග මහජන මතය මේ වන විට බොහෝ වෙනස් වී තිබෙන්නට පුළුවනග කෙසේ හෝ දැන් අවශ්‍ය කරන්නේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය උපරිම දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීමයි.

මිරිහාන විරෝධතාවයෙන් ආරම්භ වූ ජනයා මහපාරට බැස සිදු කරන විරෝධතාවලින් පසු රටේ බොහෝ දේශපාලන වෙනස්කම් සිදුව තිබේග තවමත් සිදුවෙමින් ද තිබේග එම වෙනස්කම් රට වැටී ඇති අයහපත් ආර්ථික තත්ත්වයට හොඳට මෙන්ම නරකට ද හේතු විය හැකියග ජනාධිපතිවරයා දිගින් දිගටම බොහෝ වැරදි තීන්දු තීරණ ගනිමින් ඒවායේ අඩුපාඩු පෙන්වා දෙන රජයේම නිලධාරීන් සහ ඇමැතිවරුන් පවා ඊට පසුදිනම නෙරපා හරිමින්ිමම තමයි හොඳටම කරේ’ යන මානසිකත්වයෙන් ඉතා උද්දච්ජ ලෙස ගෙන ගිය රාජ්‍ය පාලනය :ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස තවමත් සිටියත්) බොහෝ දුරට වෙනස් වී ඇතග දැන් ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතායග නැත්නම් ඒ දෙදෙනාම :ජනපති සහ අගමැති) විය හැකියග එදා රනිල් අගමැති වූ යහපාලනය ගෙදර යවා ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කළ ජනයාට අද දැකිය හැකි වන්නේ තමන් ගෙදර යැවූ යහපාලනයේ අගමැතිවරයාවම තම ජනවරම ගත් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා විසින් නැවත අගමැති ලෙස පත්කර ඇති බවයිග මේ කිසිවක් පසුගිය මැතිවරණවල ජනවරමට අනුව සිදුවන දේවල් නොවිය හැකියග මෙවැනි දෙයක් සිදුවනු ඇතැයි එදා ඡන්දය භාවිතා කළ ජනයා ද කිසිවිටෙකත් නොසිතන්නට ඇතග කෙසේ හෝ එවැනි දෙයක් සිදුව තිබේග මෙය කැමති සහ අකැමැති භේදයෙන් තොරව සියලු දෙනා සමග සහ සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු මොහොතක් වන බැවිනිග අනිත් අතට එදා ප්‍රකාශයට පත් වූ ඒ ජනවරම අද මහපොළොවේ ඇත්තේ ද නැතග එනම් පසුගිය කාලයේ සිදු වූ බොහෝ දේවල් සමග මහජන මතය මේ වන විට බොහෝ වෙනස් වී තිබෙන්නට පුළුවනග කෙසේ හෝ දැන් අවශ්‍ය කරන්නේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය උපරිම දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීමයිග යම් කාලයකට හෝ දේශපාලන භේද අමතක කර ඒ සඳහා සියලු දෙනාගේ සහාය ලබා දීමයි.

වසරක කාලයකින්  ආර්ථිකය  ස්ථාවර වෙයි ද?
අනුර ප්‍රියදර්ශන යාපා

දැනට සිදුවෙමින් පවතින වෙනස්කම්වලට අමතරව ඉදිරි කාලයේ ද තවත් බොහෝ දේශපාලන වෙනස්කම් සිදුවනු ඇතග කෙසේ හෝ මේ අසීරු මොහොත වහාම මැතිවරණ පැවැත්විය හැකි වෙලාවක් හෝ පුළුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කිරීමට සුදුසු මොහොතක් නොව සියලු දෙනාම එක් වී අප වැටී ඇති ආර්ථික අගාධයෙන් යම්තාක් දුරකට හෝ ගොඩ ඒමට කටයුතු කළ යුතු මොහොතකිග රනිල් අගමැති වී බොහෝ දේශපාලන වෙනස්කම් සිදුව තිබුණත් ආණ්ඩුවට එරෙහි විරෝධතා තවමත් තිබේග මේ ජනාධිපතිවරයාගේ පසුගිය රාජ්‍ය පාලනය සැබැවින්ම ජනපීඩක පාලනයක්ම වියග මේ නිසා සියලු ජනයා මේ වන විට බලවත් පීඩාවට පත්ව සිටිතිග නිසි තීන්දු තීරණ නොගනිමින් සහ වැරදි තීන්දු ගනිමින් සිදු කළ රාජ්‍ය පාලනය සහ ආර්ථික කළමනාකරණය නිසා ජනයා දිනෙන් දිනම විඳින පීඩනය වැඩි වූ අතරල රජය සහ ආර්ථික බලධාරීන් මේ පීඩාවන් ගත්තේ ඉතා සැහැල්ලුවෙනිග මේ නිසා ජනතාවගේ අසහනය දිනෙන් දිනම උග්‍රවියග ආණ්ඩුවේ දේශපාලනඥයෝ ද පසුගිය කාලයේ මාධ්‍යයට පැමිණ බොහෝ දේශපාලන පම්පෝරි ගසමින්ල සියලු ආර්ථික ප්‍රශ්න කොරෝනා වසංගතයට බැර කරමින් ජනතාවගේ කෝපය තවත් වැඩි කළහ.

මේ නිසා කැබිනට් මාධ්‍ය හමුව ද දේශපාලන පම්පෝරි හෝ අඳෝනා නගමින් මාධ්‍යවේදීන්ගේ සහ ජනයාගේ වටිනා කාලය කාදමන එකක් බවට පත් කර නොගත යුතුයග කැබිනට් තීරණ දැනුම් දී මාධ්‍යවේදීන් ජනතාව වෙනුවෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට එය යොදාගත යුතු එකකිග පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ ගැන පෙන්වා දුන් මාධ්‍යවේදීන්ට ස්තුති කළ යුතුව තිබේග මේ ආකාරයට ජනතා සංවේදීව කටයුතු නොකිරීම නිසා අන්තිමට මේ ආර්ථික පීඩනය පුපුරා ගොස් ජනයා මහ පාරට බැස විරෝධතා කිරීමට පටන් ගත් අතර ඒවායේ ප්‍රතිඵලයක් ලෙස මුලින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිටියදී ඇමැති මණ්ඩලයට ඉල්ලා අස් වීමට සිදුවියග පසුගිය මැයි 09 දින ගෝල්ෆේස් ප්‍රහාරයෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ද ඉල්ලා අස් වී සැඟවී සිටීමට ද සිදු වියග අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වූයේ ඉන් පසුවයග එහෙත් විරෝධතා පවත්වන බොහෝ දෙනෙක් කියන්නේිගෝඨා ගෝ හෝම්’ කියායග එනම් ජනපතිවරයා ජනපති ධුරයෙන් ඉවත් විය යුතු බවයිග කෙසේ හෝ මේ වන විට අන්තර්කාලීන රජයක් පිහිටුවා ඇතග ඒ ගැන ද බොහෝ විවේචන තිබේග එහි ඇමැතිවරුන් ද පත් කරමින් සිටින්නේ කොටස් වශයෙනිග මෙතරම් දෙයක් රටේ සිදු වී තිබියදීත් මේ ඇතැම් ඇමැති පත් කිරීම් නම් සිතා ගැනීමටත් අපහසුය.

කවර විවේචන තිබුණත් මේ නව රජය හෝ ස්ථාවරව ආර්ථික තත්ත්වය හොඳ අතට පත් කර ගන්නා තෙක් ඉදිරියට යන්නේ නම් එය රටට හොඳයග මේ කුමන දේ කළත් බඩු මිල ඉහළ යාම සහ ආර්ථික පීඩනය හමුවේ රජයට එරෙහි ජනතා විරෝධතා නම් තවමත් අවසන්ව නැතග ගෑස් සහ තෙල් ප්‍රශ්න අවසන්ව නැති අතරම පෝලිම් තවත් දිගු වී ඇතග තවත් අති විශාල තෙල් මිල වැඩි කිරීමක් සිදු කරමින් රජය විසින් තවත් වටයකින් බඩු මිල ඉහළ නැංවීමට ද පියවර ගෙන ඇතග මේ නිසා ජනතාව දැන් සිටින්නේ ආර්ථික පීඩනයෙන් හොඳටම අපහසුවට පත්වයග ඔවුන්ට තවත් බර පටවන්නේ නැතුව දැන් නව රජයෙන් අවශ්‍ය කරන්නේ ජනයාට කිසියම් සහන සලසන වැඩපිළිවෙළකිග ඒ සඳහා ඉදිරි අයවැයෙන් පියවර ගනු ඇතැයි අපේක්ෂා කරමුග මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ :25* උදේ ජනාධිපති මන්දිරයේ දී මුදල්ල ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේයග මේ නිසා ඉදිරි ආර්ථිකය මෙහෙයවීමේ රජයේ පුළුල් වගකීමල අගමැතිවරයා විසින් භාරගෙන ඇති අතර ඒ කටයුතු මහ බැංකුව ඇතුළු අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ සහාය සහ දායකත්වය ඇතිව සාර්ථක කර ගැනීමට ඔහුට හැකි වේවායි අපි සුභ පතමු.

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ රැස්වීම ඉකුත් මැයි 24 දින පාර්ලිමේන්තුවේ දී පැවැත්විණිග එහිදී වත්මන් අසීරු ආර්ථික තත්ත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසඟවා ජනතාවට පවසන ලෙසත් දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සඳහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙරේදා :24* පාර්ලිමේන්තුවේදී පැවැති එම රජයේ මුදල් කාරක සභා රැස්වීමේ දී විශේෂ ඉල්ලීමක් කර තිබිණිග ඒ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබිණිග ඇත්තවශයෙන්ම එය ඉතාම අවශ්‍ය දෙයකිග ඇතැම් දේශපාලන පක්ෂ රජයේ ඇමැති වගකීම් භාර නොගත්ත ද රජයේ යහපත් තීන්දුවලට සහාය දෙන බව දැනටමත් පවසා තිබේග එය හොඳ දෙයකිග ආර්ථිකය යහපත් කර ගැනීමට යම් කාලයක් ලබා දී පක්ෂ දේශපාලනය පසුව කරන ලෙස අපි ද ඉල්ලා සිටිමුග එහෙත් නව රජය වැරදි දෙයක් කරන්නේ නම් හෝ අඩුපාඩු තිබේ නම් ඒවා පෙන්වා දීමට එය බාධාවක් නොවිය යුතුයග.

එසේම ආර්ථික අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහ අදාළ ඉදිරි ගමන්මග පිළිබඳ පූර්ණ වාර්තාවක් මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දෙන ලෙසටත් මෙහිදී එම කාරක සභාව නිර්දේශ කර තිබේග ඒ අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඊට අවශ්‍ය සහය ලබා දීමට අපේක්ෂා කරන බවත් මුදල් කාරක සභා සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසා තිබේග මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දුන් අවස්ථාවේදී ඊට එල්ලවූ විරෝධය හමුවේ එය ක්‍රියාවේ යෙදවීමට නොහැකි වූ බවත් අනතුරුව අද වන විට එය හඳුන්වා දීමට සිදුවී ඇති බවත් ආචාර්ය නන්දලාල් මහතා පෙන්වා දී තිබිණිග පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහල මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පෙරේදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට මෙසේ කැඳවූ අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් මහ බැංකු අධිපතිවරයා පවසා ඇත්තේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා වෙන් කළ ඇගඩොලර් මිලියන 600 ක මුදලක් ඉදිරි කාලය සඳහා ඉන්ධනල ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා යෙදවීමට එකඟ වී ඇති බවයිග එසේම කෙසේ හෝ ඩොලර් සපයා දුන්නද විදුලි බල මණ්ඩලයල ඛනිජ තෙල් සංස්ථාවල ලිට්‍රෝ ගෑස් වැනි ආයතන ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැති වීමද බලවත් ගැටලුවක් බව ඔහු පෙන්වා දී ඇතග තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බවත් පළමු වටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡාවල අවසන් දිනය පෙරේදා :24* බවත් ඒ මහතා පැවසීයග එම සාකච්ඡා සාර්ථක කොට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අදාළ අයිඑම්එෆ් ගිවිසුම් ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4 ක කාලය අභියෝගාත්මක බවත් ඒ සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත.

පසුගිය කාලය තුළ අයවැය පිළියෙල කිරීමේදී ඇස්තමේන්තු ගත රාජ්‍ය ආදායම සැබෑ තත්ත්වයට එහා ගිය යථාර්ථවාදී නොවන ආදායමක් ලෙස ඉදිරිපත් කිරීම නිසා පාර්ලිමේන්තුව ද නොමග යෑම සිදු වූ බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබේග මේ නිසා මෙම ඇස්තමේන්තු ගත රාජ්‍ය ආදායම මත පදනම්ව අමාත්‍යාංශ ඇතුළු වියදම් සඳහා ඉහළ මුදලක් වෙන් කිරීමත් අවසානයේ එම වියදම පියවා ගත නොහැකිව ඉහළ අයවැය පරතරයක් ඇති වීමත් ණය උගුලක හිරවීමටත් මෙම තත්ත්වය හේතු වූ බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේග මීට අමතරව ආදායම් බදු නිසි ලෙස අය කරගැනීම සඳහා යාන්ත්‍රණයක් ඇති කිරීමල මැණික් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්තයන්ට අදාළව අපනයනයේදී සහ ආනයනයේදී සිදුවන අක්‍රමිකතා වළකා නිසි ආදායම් රටට හිමිකර දීම ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වියග තවද දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මීට පෙර අවසර දෙන ලද මුදලට වඩා වැඩිපුර රුපියල් ටි්‍රලියනයක් දක්වා ණය ලබා ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද එදින පැවති මුදල් කාරක සභාවේ එකඟත්වය හිමිවියග මෙවැනි රැස්වීමක් පැවැත්වීම පිළිබඳ අපි එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ද ස්තුති කරමුග හැම පැත්තකින්ම අප මේ වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා දායක විය යුතුව තිබේග අමාත්‍ය විදුර වික්‍රමනායකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්ල ආචාර්ය නාලක ගොඩහේවාල අනුප පැස්කුවල්ල ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරුද මුදල අමාත්‍යාංශයල ශ්‍රී ලංකා මහ බැංකුවල ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ මාධ්‍ය සමාජය ඉකුත් මැයි 23 දා සවස කොළඹ හිල්ටන් හෝටලයේදී සංවිධානය කර තිබූ හමුවේ ප්‍රධාන ආරාධිත දෙසුම පවත්වන ලද්දේ ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතායග මේ වනවිට සැලසුම් කර ඇති ප්‍රධාන කරුණු ඉදිරි මාස 6ල 7 තුළ සම්පූර්ණ කර ගත හැකි වුවහොත් මාස 12 ක පමණ කාලයකදී ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පත්කර ගැනීමට හැකි වනු ඇතැයි තමා සිතන බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී කීවේයග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීම සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන කාරණා ඉදිරි මාස 6ල 7 තුළ සම්පූර්ණ කර ගත හැකි වුවහොත් අර්ථිකය මෙසේ ස්ථාවර කරගත හැකි බවද මහ බැංකු අධිපතිවරයා කීවේයග තමා කියන්නේ භාණ්ඩ මිල ගණන් පහළ යෑමක් ගැන නොව ආර්ථිකය දැනට පවතින තත්ත්වයට වඩා යහපත් මට්ටමක ස්ථාවර වනු ඇති බව යැයි ද ඔහු සඳහන් කළ කරුණකිග සියලු දෙනාම බලා සිටින්නේ ආර්ථිකය දෙසයග එය ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වන තෙක්යග එහෙත් එය තරමක කාලයක් ගත වන ක්‍රියාවලියක් බවත් එහිදී තවත් කාලයක් භාණ්ඩ මිල ඉහළ යාම් ඇතුළු ආර්ථික පීඩාවන්ට ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇති බවත් මේ සියලු කතාවලින් අපට පැහැදිලි වන දෙයයි.

● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]
 

advertistmentadvertistment
advertistmentadvertistment