වසරක නිහඬියාවකින් පසු නන්දා මාලිනී සංගීත ආශ‍්‍රමයට නවක සිසු සිසුවියන් බඳවා ගැනේ

130


දේශයේ දරු පරපුර වෙනුවෙන් ‘‘හඳහාමී..” ‘‘සින්දු හෝඩිය..” ‘‘පුංචි සින්දු.. වැනි නිර්මාණ රැුසක් ප‍්‍රදානය කළ සංගීත විශාරද නන්දා මාලිනිය මෙහෙය වන සංගීත පන්ති සඳහා ‘‘නන්දා මාලිනී සංගීත ආශ‍්‍රමයට.. නවක සිසු සිසුවියන් බඳවා ගැනීම මේ දිනවල සිදු කෙරේ.

 වයස අවුරුදු 8 සිට 12 දක්වා වූ කුඩා දරු දැරියන් සඳහා මූලික ස්වර අභ්‍යාස සහිත දරුවන්ගේ මුවට පහසුවෙන් ගායනා කළ හැකි මධුර ගීත මාලාවක් ඔවුන්ගේ කටහඬ පුහුණුව සඳහාම උගන්වනු ලැබේ.

 වයස අවුරුදු 12 සිට 15 දක්වා වූ දරුවන්ට පාසල් විෂය මාලාව හා සම්බන්ධ කෙරුණු දේශීය ජන ගායනා සහ රාගධාරි විෂය ඇතුළත් සංගීත පාඨමාලාවක්ද” තරුණ ශිෂ්‍ය – ශිෂ්‍යාවන් සඳහා තම ගායනා හැකියාවන් ප‍්‍රගුණ කර ගැනීම සඳහා ඉන්දියාවේ භාත්ඛණ්ඬේ සංගීත විiාපීඨයේ ප‍්‍රවේශිකා” ප‍්‍රථම සහ ඩිප්ලෝමා යන පාඨමාලාවන් ද ඉගැන්වේ.

 සංගීත ආශ‍්‍රමය අංක 30” විජයබා මාවත”

 නුගේගොඩ යන ලිපිනයට නොවැම්බර් 30 වන දිනට පෙර මුද්දර සහිත කවරයක් එවීමෙන් අයදුම්පත් ලබාගත හැක.


advertistmentadvertistment
advertistmentadvertistment