වසරේ ටෙස්ට් ක‍්‍රීඩකයා සම්මානයට දිමුත්ගේ නමත්

199

ජාත්‍යන්තර ක‍්‍රිකට් සම්මේලනය මගින් වාර්ෂිකව තෝරා පත්කර ගන්නා වසරේ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානයට නිර්දේශිත නම් හතර අතරට ශ‍්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ නම යෝජනා වී ඇත.

මෙම වසර තුළ ටෙස්ට් තරග 7 කට ක‍්‍රීඩා කර ඇති දිමුත් එහිදී ලකුණු 902 ක් රැුස් කර ගෙන ඇති අතර ඒ සඳහා ශතක 4 ක් ඇතුළත් වේ. ලකුණු 69.38 ක සාමානයක් එහිදී වාර්තා කර ඇති ශ‍්‍රී ලංකා ටෙස්ට් නායකයා ඒ සඳහා ද්විත්ව ශතකයක්ද ඇතුළත් කර ගෙන තිබේ.

වසරේ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානයට නිර්දේශ වී ඇති අනෙක් ක‍්‍රීඩකයන් තිදෙනා වන්නේ එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්, ඉන්දීය කණ්ඩායමේ රවිචන්ද්‍රන් අශ්වින් සහ නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක කයිල් ජැමීසන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment