වසරේ පළමු ග‍්‍රහ සටනින් කුජ පරදා සිකුරුට ජය…. ලග්න හයකට සුබයි…..

1665

වෘෂභ හා තුලා යන ලග්නවලටත් සිකුරා යෝග කාරක වන මිථුන, කන්‍යා, මකර හා කුම්භ යන ලග්න හිමියන්ටත් තම අපේක්ෂා ඉටුවන ඉතාමත් යහපත් කාලයක් වනු ඇත.

රාශි වළල්ලේ දොළොස් ග‍්‍රහයින් අතරින් ප‍්‍රධාන මෙන්ම පෘථිවි වාසී අපට ඉතා ආසන්න ග‍්‍රහ තාරකා දෙකක් වන කුජ හා සිකුරු යන ග‍්‍රහයින් දෙපල සංයෝග වීමක් හෙවත් ග‍්‍රහ යුද්ධයක්, 2022 පෙබරවාරි මස 16 වන බදාදා රාත‍්‍රී 07×58 ට සිදු වීමට නියමිතය.

ඒ අනුව යම් ග‍්‍රහයින් දෙදෙනකු එකම රාශියක එකම අංශකයක් තුළ ගෝචර වශයෙන් ගමන් කරන විට එම එක් ග‍්‍රහයෙකුගේ කිරණ වළල්ලට අනෙක් ග‍්‍රහයා ආවරණය වීම අප ජ්‍යොතිෂයේදී සරලව ග‍්‍රහ යුද්ධයක් ලෙස හඳුන්වනු ලබනවාx මෙහිදී ජයග‍්‍රහණය හිමි වන්නේ යුද වදින ග‍්‍රහයින් දෙදෙනාගෙන් උතුරින් සිටින ග‍්‍රහයාටය. මෙම සංසිද්ධියෙන් පරාජයට පත්වන ග‍්‍රහයා අසුබ කිරණ විහිදුවන සුබ බලයෙන් ඉතාමත් අඩු දුර්වල ග‍්‍රහයෙකු ලෙස ජ්‍යොතිෂයේදී සලකනු ලබනවාx ඒ අනුව එවන් වූ ග‍්‍රහ යුද්ධයක් අප සෞරග‍්‍රහ මණ්ඩලයේ දොළොස් ග‍්‍රහයින් අතරින් ග‍්‍රහ ලොව සුකුමාලිය හා සුබ ග‍්‍රහ ලොවක් වන ශුක‍්‍ර හෙවත් සිකුරු හා චණ්ඩ ග‍්‍රහ ලොවක් වන කුජ ග‍්‍රහයා අතර සිදුවීමට නියමිතයx කුජ හා සිකුරු ග‍්‍රහ මණ්ඩලයේ අතිශයින් ප‍්‍රබල ග‍්‍රහයින් යුගලකි.

ධනු රාශියේ සිදුවන මෙම ග‍්‍රහ යුදයෙන් කුජ පරදා සිකුරු ජය ගනු ඇත. මෙය ලංකා කේන්දරයේ 11 වන භාවයේ සිදුවන අතර එසේම සිකුරුගේ ජයෙන් සිකුරුගෙන් නියෝජනය වන අංශවලට සුබ බලපෑම් එල්ල වීමේ ප‍්‍රවණතාවයක් දැකගත හැකිය. සිකුරු ජය ගැනීම විවාහ මංගල කටයුතු, නව නිවාස ඉදිකිරීම, පේ‍්‍රම සම්බන්ධතා, යාන වාහන, විසිතුරු භාණ්ඩ හා රෙදි පිළි කර්මාන්තයට සුබදායක වනු ඇත. එසේම සිකුරු මහ දශා, අතුරු දශා හා විදශා ගත කරන්නන්ට මෙම මෙම සිකුරුගේ ජයග‍්‍රහණය ඉතාමත් යහපත් වන්නේයx සිකුරු හිමි ලග්න වන වෘෂභ හා තුලා යන ලග්නවලටත් සිකුරා යෝග කාරක වන මිථුන, කන්‍යා, මකර හා කුම්භ යන ලග්න හිමියන්ටත් තම අපේක්ෂා ඉටුවන ඉතාමත් යහපත් කාලයක් වනු ඇතx මෙම කාල සීමාව තුළ මෙරට තුළ විශිෂ්ට කලා නිර්මාණ බිහිවන කාලයක් වන්නේය. මෙරට සිනමා පටයක් හෝ නාට්‍යයක් ජාත්‍යන්තරය තුළ සම්මානයට පාත‍්‍ර වනු ඇතx කලාකරුවන්ට යහපත් වූ කාලයකි.

එසේම මෙම ග‍්‍රහ සටනින් කුජ පරාජය වීම හේතුවෙන් රාජ්‍යයේ කටයුතු හා ආරක්ෂක ක්ෂේත‍්‍රයේ කටයුතුවලට යම් අර්බුදකාරි තත්ත්වයන් ඇති වනු ඇතx මෙම කාලසීමාව තුළ උගතුන්ට, බුද්ධිමතුන්ට මෙන්ම සමාජයේ දැන උගත් ප‍්‍රභූන්ට විවිධාකාරයේ නරක නාම මෙන්ම බාධාකාරි හා අර්බුදකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. විශ්වවිද්‍යාල ක්‍ෂෙත‍්‍රයේ අර්බුද, ශිෂ්‍ය උපවාස මර්දනකාරි තත්ත්වයන් ඇති වන අතර ශිෂ්‍ය ප‍්‍රජාවේ පෙරළිකාර හා ජනතාවගේ රැඩිකල් ගති ඉස්මතු වන කාලයක් වනු ඇත. එසේම මංකොල්ල හා සමාජ විරෝධී කි‍්‍රයා ඉහළ යනු ඇත. ඒ අනුව මෙම කාල සීමාව එතරම් යහපත් නොවනු ඇත.

කුජ මහ දශා හා අතුරු දශා, විදශා ගත කරන අය පරිස්සම් විය යුතුය. ලග්න වශයෙන් ගත් කල මේෂ, කටක, සිංහ, වෘශ්චික, ධනු, මීන යන ලග්නවලට යම් පමණක අසුබ ප‍්‍රතිඵලත් ඇති වනු ඇත. මෙම ග‍්‍රහ අපල සඳහා අඟහරුවාදා, දිනවල බෝධි පූජා පැවැත්වීමත්, කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් යහපත් වනු ඇත.

* මේෂ ලග්නය

ඔබට මෙම කාලය තුළ බලවත් තනතුරු ලැබෙන අතර ප‍්‍රධානීන්ගේ සිත දිනාගැනීමට අවස්ථා උදා වනු ඇතx අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. විදේශ ගමන්වලට එක්විය හැකිය. පවුල් ජීවිතය තුළ පැවති ගැටුම් සමනය වන අතර, තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමට ද හැකිය. පැවති රෝග සුව වන අතර සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

* වෘෂභ ලග්නය

 මහන්සියේ තරමට ප‍්‍රතිඵල ලබා ගත හැකිය. ඥාතීන් සමග හිතවත් කම් ඉහල යෑමට හේතු වනු ඇත. ගැහැනු දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශවලින් සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැුකියා ස්ථානයෙන් උසස් වීමක් ද හිමි වීමට ඉඩ තියනවා. ආගමට දහමට නැඹුරු වන කාලයකි. ශරීර සෞඛ්‍ය යහපත් වන අතර ඔබට සමාජයේ ගෞරවය හිමි වනු ඇත.

* මිථුන ලග්නය

පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත්වෙයි. තනතුරු ලාභ ලැබෙයි. ඉගෙනීමේ කටයුතු සාර්ථක වන අතර අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලූතින් අරඹන කටයුුතු ද මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය යම් පමණකට පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

* කටක ලග්නය

හදිසි ගමන් බිමන් යෑමට අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ඔබට ප‍්‍රසිද්ධිය හා කීර්තිය ලැබෙන කාලයකිx ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප‍්‍රවණතාවයක් ඇත. රෙදි පිළි හා වස්තු ලාබ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍යදේ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර මෙම කාලයේදී ප‍්‍රනීත රසමුසු ආහාර ද ලැබීමේ හැකියාව පවතී.

* සිංහ ලග්නය

විවාහ ජීවිතයේ කරදර හා බාධා මෙම කාල සීමාව තුළ යම් පමණකට උදා වනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප නොලැබීම හා ඔබ කාර්ය බහුල වීමට ඉඩ ඇත. සහෝදරයකුට යම් අපලතාවක් පෙනේ. ආදායම් තත්ව පහත වැටීම හා ගේ දොර කටයුතුවලට බාධා ඇතිවීමට ඉඩ ඇත.

* කන්‍යා

සේවක ගැටලූ හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලූ පැන නැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ  රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. පැවති රෝගවලින් සුවය ලැබේx ශරීරය පැහැපත් වනු ඇතx ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස් වීම්  වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැුකියාවේ පාඩු සිදු විය හැකිය. ලොතරැුයි ජයග‍්‍රහණ හිමි වන කාලයක.

* තුලා

සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැඛීමට හැකිය. මුත‍්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායකවේ. අසනීපවලින් යම් සුවයක් අත්වේ. ගෘහ ජීවීතය තුළ වැය පක්ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතුවල ද යම් ආවේගශීලි තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනෙකු හෝ අසල්වාසීන් සමග අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැුකියාවේ ඉදිරි ගමනට යම් යම් බාධා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධා ද ඇති විය හැකියි.

* වෘශ්චික

ඔබගේ පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ‍්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. රැකියා සම්බන්ධ කටයුතු පැවතිවල දැඩි අර්බුදකාරි තත්ව පහව යනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. රෝහල් ගත වීමේ අවදානමකුත් තියනවා. සෙම් රෝග බහුල වන අතර යුග දිවි සමගියට බාධා ඇති වනු ඇත.

* ධනු

 ඇස් රෝග හා මුත‍්‍රා අමාරු ඇති විය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප‍්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරා ගත දේපළ වාසි හිමිවේ.

* මකර

කාලයක් පැවති රෝගාබාධවලින් සුවය ලැබෙන කාලයකි. මෙතෙක් කාලයක් අඩාලව පැවති යම් යම් කාරණා ඉටු වන කාලයකි. ඉහළ රැුකියා හා රැුකියා උසස් වීම් මෙන්ම නව රැුකියා අවස්ථා උදා වනු ඇතx විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුටට අපලතාවක් පෙනේ. ලැබීම් අඩාල වන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත.

* කුම්භ –

 ඔබගේ ජනප‍්‍රියතාව ඉහළ යන කාලයකිx රැුකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. පැවති නඩු හබවලින් පහසුවෙන් ජය ගත හැකියx

* මීන

මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමග අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයින්ට අසුභ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකියි. සහෝදරයින්ට අසුභ වෙයි.

 සැ. යු.

 ඉහත සඳහන් පලාඵල තත්ත්වයන් ඔබේ ජන්ම පත‍්‍රයේ ග‍්‍රහ පිහිටීම්, ගත වන මහ දශා හා අතුරු දශා, ග‍්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධ ග‍්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

වසරේ පළමු ග‍්‍රහ සටනින් කුජ පරදා සිකුරුට ජය.... ලග්න හයකට සුබයි.....



ජ්‍යොතිෂවේදී, බණ්ඩාරගම සම්පත්  එස් කල්පගේ
0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment