වසරේ පළමු ඡායා චන්ද්‍රගහණය …. ප්‍රවේශම්වන්න!

1698

පැරණි ඍෂිවරු, අතීත මුතුන් මිත්තන් සොබා දහමේ රටාවන් හා ඉඟි හොඳින් තේරුම් ගත් අය වේ. සඳු මෝදුවනවිට මානසික ලෙඩ්ඩුන්ගේ එම තත්ත්වය උග්‍රවන බවත්, වඩදිය බාදිය ඇතිවීමට සඳු බලපාන බවත් අද වනවිට නො රහසකි. එනම් ජලයට හා මනසට සඳු ඍජුව ම බලපෑම් කරන බව පෙනී යයි. මෙම චන්ද්‍රගහණය සිදුවීම හා එම සිදුවීම වෙසක් පොහොය දින සිදුවීම සුලුපටු නොවනු ඇත.

ජනමනස පීඩාවට පත්කරන ඡායා චන්ද්‍රග්‍රහණයෙන් ඔබේ මනස බේරාගැනීමට වෙහෙස විය යුතු කාලය එළැඹ තිබේ. මේ වසරේ පළමු ඡායා චන්ද්‍රග්‍රහණය මැයි 05 වැනි සිකුරාදා රාත්‍රී 10.55ට මධ්‍ය කොට සිදුවේ. සිදුවන රාශිය තුලා වන අතර නැකත විසා නැකතයි. ඒ අනුව තුලා යනු ලෝකායන ජ්‍යොතිෂය ගැන බලන විට හත්වන රාශියයි. හැත්වැන්නෙන් සහකාර සබඳතා, හවුල් ව්‍යාපාර සබඳතා පෙන්නුම් කෙරේ. කුම්භ ලග්න කේන්ද්‍රයට අනුව නම් නව වැන්න වන පුණ්‍ය ස්ථානයයි. දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.

ප්‍රධාන පෙළේ සංඝ පීතෘ වරයෙකුට, දළදා මාලිගය, ත්‍රෛයිනිකායික නාහිමිවරුන් ආශ්‍රිත අටමස්ථාන, කැලණිය, මහියංගණය වැනි පුදබිම් ආශ්‍රිත පූජ්‍ය ස්වාමීන්වහන්සේ පිළිබඳ අවධානය යොමුකළ යුතු කාලයකි. එමෙන්ම ඉහළ පෙළේ ප්‍රභූ කාන්තාවකට ද මාරක අපල උදාවිය හැක. එමෙන්ම උසස් අධ්‍යාපනික ආයතනයක් මුල් කරගෙන මහජන හිත පෑරෙන ප්‍රවෘත්තියක් අහන්න, දකින්න සිදුවීම ද පෙන්නුම් කෙරේ.

දියණියන් පිළිබඳ වෙනදාට වඩා දෙමාපියන් අවධානය යොමුකිරීම ඉතා අත්‍යවශයි. කෙසේ වෙතත් ජලය, ජලය ආශ්‍රිත පරිසර, ප්‍රධාන වාරි ආශ්‍රිත විපත්, ජලයේ ගිලී මියයෑම් ආදිය ඉහළ යන සති තුනක කාලයකි. එනම් චන්ද්‍රග්‍රහණයට පෙර සතියක් හා පසු සති දෙක මෙම බලපෑමට තදින් ලක්වන බව පෙනේ.

එම නිසා මෙම වෙසක් පොහොය දිනය වෙනදාට වඩා වැඩි බරක් සහිතව ආගමික හා ආධ්‍යාත්මික කටයුතුවල ජනතාව නිරතවිය යුතු වෙසක් පොහොය දිනයක් ලෙස සිහිතබා ගත යුතුයි. ඉදිරියේ දී නිර්මාණය වන ජන මනස් ව්‍යාකූල වීම් ඇතුළු බොහෝ මානසික ව්‍යාධි සඳහා පොහොය දින හා ඒ ආශ්‍රිත නිතර ආගමික වතාවත්වල නිරත අත්‍යවශ්‍ය වනු ඇත.

පැරණි ඍෂිවරු, අතීත මුතුන් මිත්තන් සොබා දහමේ රටාවන් හා ඉඟි හොඳින් තේරුම් ගත් අය වේ. සඳු මෝදුවනවිට මානසික ලෙඩ්ඩුන්ගේ එම තත්ත්වය උග්‍රවන බවත්, වඩදිය බාදිය ඇතිවීමට සඳු බලපාන බවත් අද වනවිට නො රහසකි. එනම් ජලයට හා මනසට සඳු ඍජුව ම බලපෑම් කරන බව පෙනී යයි.

මෙම චන්ද්‍රගහණය සිදුවීම හා එම සිදුවීම වෙසක් පොහොය දින සිදුවීම සුලුපටු නොවනු ඇත.

එබැවින් ඔබ සැම පහත වතාවත් කිරීමෙන් එම දෝෂභංග කරගැනීමට අවස්ථාව උදාවනු ඇත.

මෙම දින හා ඊට පෙර පසු දින දෙක හෝ අවම වශයෙන් නිර්මාංශ වීම, මාළුන්ට කෑම දීම, වතුර, වතුර ෆිල්ටර් වැනි දේ දන් දීම. සතුන්ට වතුර පානය කළ හැකි තැන් නිර්මාණය කිරීම. නිවසේ කුරුල්ලන්ට වතුර පානයට තැනක් සැකසීම. පෙරහන් කඩ පූජා කිරීම. කිරි ආහාර පූජා කිරීම. පොඩි ළමයින්ට, කාන්තාවන්ට, මානසික පීඩාවට පත් අයට දාන දීම, කිරි මිශ්‍ර ආහාර දීම ඉතා ශුභයි. නිතර මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම වැව්, පොකුණු, වගා ළිං පිරිසිදු කිරීම කිරි අම්මාවරු දාන දීම, පත්තිනි මෑණියන්ට පූජා තැබීම, පොඩි ළමයින් සතුටු කරවීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය, ගැබිනි මවුවරුන්ට දන් දීම, වතුර ටැංකි, බේසම්, බාල්දි වැනි ජලය රැස්කරගත හැකි උපකරණ බෙදා දීම.

වසරේ පළමු ඡායා චන්ද්‍රගහණය …. ප්‍රවේශම්වන්න!

මෙම සමයේ උදාවන අපල දුරුකරවීමට හේතුවනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment