වසරේ පළමු මාස 8 තුළ ආදායම පසුගිය වසරට වඩා සියයට 4 ක් වැඩිවෙලා… රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

128

ණය අරන් රට විනාශ වෙද්දී දේශපාලකයෝ කෝටිපතියෝ වුණා – ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ)

රටේ සිටින බිලියනපතියන්ගෙන් වැඩි පිරිස දේශපාලනයෙන් පොහොසත්වූවන් – ශානක්‍යන් රාසමානික්කම් (දෙජාස)

දේශපාලන මඩගැසිම්වලින් තොරව වත්මන් වසංගත තත්ත්වය හමුවේ රට ගොඩනැංවීමට අවංකවම පක්ෂ – විපක්ෂ සියලූ දෙනා කටයුතු කළ යුතුව ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය.

වේත‍්‍රධාරි නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මුලාසනයෙන් යුතුව ඊයේ (08 දා) පෙරවරු 10.00 ට රැුස්විණි.

නිවේදන, වාර්තා, ලිපි ලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්තී‍්‍රවරු වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

පසුව 27/2 යටතේ පක්ෂ නායකයන් විසින් විශේෂ ප‍්‍රශ්න යොමු කිරීම සහ පිළිතුරු සැපයීම සිදු කිරීමෙන් අනතුරුව 2021 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අදාළ සභාව කල්තැබීමේ විවාදය ඇරඹිනි.

විවාදය ආරම්භ කරමින්, ජාතික ජනබලවේගය කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා –

අපි දීර්ඝ කාලයක් අයවැය, මහබැංකු, මුදල් අමාත්‍යාංශ දත්තයන් තුළ හිරවෙමින් කටයුතු කරනවා. අදත් අපට එලෙස කළ හැකියි.

වීරසුමන වීරසිංහ මහතා මුලාසනයට පැමිණේ.

අනුර කුමාර මහතා – එම දත්තවලින් එළියට ඇවිත් අපි බැලූවොත් අද පෝලිම්වල ජනතාව, වරායේ කන්ටේනර්වල ආහාර ද්‍රව්‍ය හිර වෙලා. ආණ්ඩුව ගැසට් ගැහුවා, නීති ගෙනවා, අත්‍යවශ්‍ය කොමසාරිස්වරු පත් කළා, නමුත් එය පලක් වෙලා නෑ. පසුගියදා හාල් මිල පාලනය ඉවත් කළා.

ඊට පසුදින හාල්මෝල් හිමියන් හාල් මිල ප‍්‍රකාශයට පත් කළා. ඊයේ කිරිපිටි වල පාලන මිල ඉවත් කළා. ඒ අනුව අද කිරිපිටි ග‍්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 520 දක්වා ඉහළ යනවා. අද හවස වනවිට ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000 කින් වත් ඉහළ යයි. හෙට සිමෙන්ති මිල ඒවි. ඒ නිසා මේ අනුගමනය කරන ආර්ථික ප‍්‍රතිපත්ති නිසා රට කඩා වැටීමකට ලක් වෙනවා කියලා අපි කියා සිටියා. එම අර්බුදය අද අප ඇස් ඉදිරිපිට ඔප්පු වෙනවා. ඒ වගේම මහා පරිමාණ වංචා, දූෂණ අද එළිවෙමින් තිබෙනවා. ඇතැම් මහා පරිමාණ ව්‍යාපෘති පටන් ගන්නේම කොමිස් වෙනුවෙන්. උදාහරණයකට ගත්තොත් නෙලූම් කුළුන. ණය මත ඉදිවූ ඒ කුළුනට අපි ණය වාරික ගෙවනවා. කවදා හෝ එහි ෂොපින් මෝල් පටන් ගනීවි. නමුත් අපට ඒවාට ප‍්‍රමුඛත්වයක් ලබාදිය යුතු යැයි කියලා කිව නොහැකියි. මත්තල ගුවන්තොටුපළ මගින් අපට මේ වනවිට ලැබී තිබෙන ප‍්‍රතිලාභය කුමක්ද? සූරියවැව කී‍්‍රඩාංගණයත් එහෙමයි. ණය ලබා ගනිමින් එම ව්‍යාපෘති කළේ. නමුත් අපට දැන් ණය ලබා නොදෙන තත්ත්වයක් ඇති වෙලා. ඒ නිසා අපට බැඳුම්කර නිකුත් කරන්න වෙලා. ඞීල්, කොමිස්, වංචා, පගා හරහා මේ රට ගොඩනඟන්න පුළුවන් කියලා මේ ආණ්ඩුව හිතනවාද දන්නේ නෑ. ඒ නිසා තමයි එවැනි අය මහ බැංකු වැනි ඉහළ තනතුරුවලට පත් කරන්නේ. දැන් හෙළි වෙනවා පැන්ඩෝරා පති‍්‍රකා හරහා අපේ රටේ පාලකයන්ගේ ඥාතීන්ගේ වත්කම්. නමුත් අපේ රටේ තරුණ තරුණියන් අද මේ රට හැර යෑමට පාස්පෝට් කාන්තෝරුවල විදේශ තානාපති කාර්යාලවල පෝලිමේ ඉන්නවා. අපේ රටේ මුදල් වාර්තාවලින් ධන, ඝෘණ පෙන්නුම් කරනාව. නමුත් ඉන් ඔබ්බට ගියොත් කළු ආර්ථිකයක් තිබෙනවා. ඒවාට උදව් දෙන්නේ දේශපාලනඥයන්. අප මේ සංස්කෘතිය අවසන් කළ යුතුයි.

වසරේ පළමු මාස 8 තුළ ආදායම  පසුගිය වසරට වඩා  සියයට 4 ක් වැඩිවෙලා... රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ)

ආණ්ඩුවේ පොරොන්දු වචනවලට පමණක් අද සීමා වෙලා. අද තිබෙන්නේ බංකොලොත් රටක්. ජනතාව හිඟන්නො ලෙස හිතාගෙන ආණ්ඩුව වැඩ කරන්නේ. රුපියල් දෙදහ ගාණේ මාසෙකට දුන්නේ. නමුත් ආණ්ඩුව සැප විඳිනවා. ඇවිදින මංතීරු හදනවා.

දේශීය වෛද්‍ය මංජුසාවක් දෙන්න යනවා. අද ගෙවල්වල කොත්තමල්ලි ආදිය තිබෙනවා. අලූතෙන් මංජුසා ඕන නැහැ. කෝටි 600 ක් ඒකට වෙන් කරලා. කාගෙ හරි සාක්කුවට සල්ලි යනවා ඇති.

ණය අරන් අපේ රට විනාශ කළා. දේශපාලකයෝ කෝටිපතියෝ වුණා. මේ දේශපාලකයෝ ඉන්නකං රටක් කරන්න බැහැ. අපේ යහපාලන ආණ්ඩුවේ හිටපු නායකයන් දෙන්නා රට විනාශ කරන්න කි‍්‍රයා කළා. අපේ රටේ ජනතාවගේ බලාපොරොත්තු සුන් කළා.

කොවිඞ් සඳහා තුන්වන එන්නතකට අනිවාර්යයෙන්ම යා යුතුයි. ලෝකයේ පරීක්ෂණවලදී මාත‍්‍රා දෙක මාස හයක් යන විට එහි ශක්තිය අඩු වෙනවා කියලා තිබෙනවා.

අද මිනිස්සු පෝලිම්වල ඉන්නවා. ආණ්ඩුවේ අය කරන වංචාවලින් ජනතාවට බර පැටවෙනවා.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන

1977 දී එනම් මීට අවුරුදු 44 කට පෙරත් රොනී ද මැල් මහතාගේ අයවැය කතාව කරද්දිත් සරත් ෆොන්සේකා මහතා වගේම රට විනාශ වෙලා කියලා බඩු මිල ඉහළ ගිහින් පෝලිම් ඇති වෙලා කියලා කිව්වා.

ආණ්ඩුව ලබා ගන්නා මුළු ආදායම පුනරාවර්තන වියදමටවත් ප‍්‍රමාණවත් නැහැ. ඒ නිසා පැවැති හැම ආණ්ඩුවක්ම ණය ලබා ගත්තා. පසුගිය ආණ්ඩුව කාලයේ කිසිම අර්බුදයක් නැතිවත් අවුරුදු පහට ටි‍්‍රලියන 6 ක් ණය අරගෙන.

දේශපාලන මඩගැසීම් නැතිව පවතින අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය පියවර අවංකවම සාකච්ඡුා කළ යුතුයි.

මඩකලපුව දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ශානක්‍යන් රාසමානික්කම් (දෙ.ජා.ස.)

අද රටේ ඉන්න බිලියනපතියන්ගෙන් වැඩි පිරිස දේශපාලන උපකාර මත පොහොසත්වූවන්. පසුගිය වසර කිහිපයේම උදාහරණ තිබෙනවා.

බදු සහන දීමේදී එය ජනතාවට ලැබෙන පරිදි දිය යුතුයි. අද බදු සහන ලැබෙන්නේ පෞද්ගලික අංශයටයි.

අපි ළඟ ජනතාවට සහන දෙන යෝජනා තිබෙනවා ඉදිරියේ කරන්න අවස්ථාව ලබා දෙන්න.

වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන

අනුර කුමාර කළ ආර්ථිකය කඩාවැටීමේ කතාවට 2015 හා 2019 ආණ්ඩු කාලය ගැන කිසිවක් ඇතුළත් වූයේ නැහැ. මහ බැංකු මංකොල්ලය ගැනවත් කියයි කියා හිතුවත් එයවත් කිව්වේ නෑ.

අද නැව් ගාස්තු සියයට දෙසීයකින් වැඩි වෙලා. මේවා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. කොවිඞ් නිසා බොහෝ ගැටලූ ඇති වී තිබෙනවා. අද ඩොලර් ලබා ගැනීමට අපනයන ක‍්‍රමයන් වැඩි කරමින් පවතිනවා. ඒ වගේම ආයෝජන රට තුළට ගෙන එමින් පවතිනවා.

අද ලෝක වෙළෙඳපොළේ ගෑස්, කිරිපිටි මිල ගණන් ඉහළ ගිහිල්ලා. විපක්ෂය ඒ ගැන දැන දැනත් වචනයක්වත් කියන්නේ නැහැ. පෝලිම් ඇති වෙන්න අපි තියන්නේ නැහැ. කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට අපි සියලූ පියවර ගෙන තිබෙනවා. එදා 70-77 යුගයේ අඩුපාඩු කියමින් ජේ. ආර්. ජයවර්ධන ඇට අටක් දෙනවා කිව්වා. පස්සේ ඡුන්දෙ අරන් රටේ කෘෂිකර්මාන්තය විනාශ කළා.

රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා

2015 සිට ආර්ථික වර්ධන වේගය අඩු වුණා. 2019 දී වර්ධන වේගය සියයට 2.3 ට අඩු වුණා. ඒ ආණ්ඩුව තිබුණා නම් රටේ තත්ත්වය හිතාගන්නවත් බැහැ.

2014 දී ඒකපුද්ගල ආදායම 3819 ක් තිබුණා. 2019 වනවිට එය වැඩි වුණේ ඩොලර් 50 කින් පමණයි. ආනයනිික භාණ්ඩ මිල, අපි රජය භාර ගන්නා විට විශාල ලෙස වැඩි වුණා. 2019 වනවිට අයවැය පරතරය ඩොලර් බිලියන 1000 ක් දක්වා වැඩිකර තිබුණා.

2010 දී විදේශ ණය ඩොලර් බිලියන 7000 යි. 2019 වනවිට එය ඩොලර් බිලියන 15000 දක්වා වැඩි වුණා. යහපාලන ආණ්ඩු කාලයේ අධික බදු බරක් පටවා තිබුණා. අපි ඒ බදු බර අඩු කළා.

මහනුවර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී එස්. එම්. හලීම් (සජබ)

ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග නිසා අද ජනතාව අසරණ වෙලා. අද සහල් මිල තීරණය කරන්නේ ඩඞ්ලි සිරිසේනයි. ආණ්ඩුවේ නිසි කළමනාකරණයක් නොමැතිකමින් නොහැකියාව පෙන්වා අවසන්.

අපේ යහපාලන ආණ්ඩුව ජනතාවට සහන දෙන්න පියවර ගත්තා. මේ ආණ්ඩුව ඒ සහනත් නැති කළා.

වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ

අපි අද එන්නත්කරණය කරලා රෝගීන් හා මරණ දහස් ගණනක් බේරාගෙන තිබෙනවා. නමුත් ලොව ප‍්‍රබල රටවල්වල තවමත් මරණ විශාල ලෙස සිදුවෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අපව අගය කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ යුගයේ ආර්ථික වර්ධනය 2015 න් පස්සේ බිඳ දැම්මා.

මේ වසරේ තේ, පොල්, රබර් අපනයනය සඳහා අගෝස්තු මාසය වනවිට ඩොලර් බිලියන 2.5 ක් ආදායම් උපයා තිබෙනවා. මේවා වැඩිම ආදායම් වාර්තා බවට පත්ව තිබෙනවා. 2022 වසරේදී මෙය තවත් විශාල ලෙස වැඩි වෙනවා.

පත්කළ මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර (ශ‍්‍රීලපොපෙ)

අපි ආණ්ඩුව අතට ගනිද්දී අපට ආර්ථිකය ගොඩනැ`ගීම හා තරුණයන්ගේ රැුකියා ගැටලූ විසඳීමට තිබියදී කොවිඞ් අභියෝගයට මුහුණ දෙන්න සිදුවුණා. එහිදී එන්නත්කරණය තුළින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න හැකිවුණා.

රජය වෙළෙඳපොළට මැදිහත් විය යුත්තේ තීරණාත්මක අවස්ථාවක පමණයි. ඒ නිසා පාලන ගැසට් ඉවත් කළා. රටට අවශ්‍ය සියලූ දේ ආණ්ඩුවට එකම තැනකින් නිපදවන්න බැහැ. ඒ නිසා වෙළෙඳපොළ ක‍්‍රියාකාරිත්වයට ඉඩදිය යුතුයි. ආණ්ඩුව අවශ්‍ය විට මැදිහත් වෙනවා.

පත්කළ මන්ත‍්‍රී වසන්ත දිසානායක (සජබ)

ආණ්ඩුව මේ රටට පොරොන්දු වූ දේ ද කර ඇත්තේ කියා සිතා බැලිය යුතුයි. කැලෑ කැපීම්, මුහුදට වූ හානිය, මත්ස්‍ය හානිය විරැුකියාව ආදී ප‍්‍රශ්න රැුසයි. ආණ්ඩුව ඒ ගැන කතා කරන්නේ නැහැ. වහාම ආණ්ඩුව ඒ ගැන රටට කිව යුතුයි. කිරිපිටි ගෑස්, ඩොලර්, සිමෙන්ති පෝලිම් රට පුරාම පවතිනවා.

මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී වීරසුමන වීරසිංහ (ශ‍්‍රීලපොපෙ)

මේ තරම් බරපතළ ආර්ථික අර්බුදයකට අපි මීට පෙර මුහුණ දී නැහැ. කොවිඞ් තත්ත්වය රටේ ප‍්‍රශ්න උග‍්‍ර කරන්න හේතුවුණා.

අද රටේ ප‍්‍රශ්නවලින් පොහොර, අධ්‍යාපනය, බඩුමිල ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතුයි. බඩුමිල ප‍්‍රශ්නය විසඳීමට සියලූ අමාත්‍යාංශ එක්විය යුතුයි.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන (සජබ)

අද රටේ ආහාර නැහැ. පොහොර නැහැ. ජනතාව අසරණ වෙලා. කිරිපිටි ගන්න පැය ගණන් පෝලිම්වල. ආණ්ඩුවට ඒවාට විසඳුම් නැහැ. කිරිපිටි, ගෑස්, සහල්, සිමෙන්ති ආයතනවල පදයට නටන්න ආණ්ඩුවට සිදුවෙලා දරුවන්ගේ මන්දපෝෂණය සියයට 12.3 ක්. එවැනි අවස්ථාවක කිරිපිටි ටිකවත් දීගන්න ආණ්ඩුවට බැරි වුණා. ලංකා ඉතිහාසයේ පළමු ුවරට ආර්ථිකය බංකොලොත් වෙලා කියලා ආණ්ඩුව අද පිළිඅරන්.

රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර

අද ආර්ථික අර්බුදය ඇතිවුණේ කොයි කාලයේද කියලා මහ බැංකු වාර්තාවල තිබෙනවා. ඒකපුද්ගල ආදායම 2018 දී අඩුවීමට පටන් ගත්තා. ඒ වගේම කෘෂිකර්මාන්තයේ වර්ධනය සෘණ පැත්තට ගෙන ගියා. කිරිපිටි, වීමෝල් මාෆියාව හැදුවේ ගිය යහපාලන ආණ්ඩුවයි. කුඩා වී මෝල් විනාශ කළා. රාජ්‍ය කර්මාන්ත සියල්ල විනාශ කළා. මේවා ගැන කවුරුවත් විපක්ෂයේ අය කතා කරන්නේ නැහැ.

2014 රජයේ ආදායම රුපියල් මිලියන 1195000 යි. රජයේ වියදම වැඩිවුණේ රුපියල් මිලියන ලක්ෂයකින් විතරයි. 2016 සිට රජයේ වියදම රුපියල් මිලියන ලක්ෂ හයකින් වැඩි වුණා. ඒත් ආදායම වැඩිවුණේ නැහැ.

පත්කළ මන්ත‍්‍රී ඩයනා ගමගේ (සජබ)

මාධ්‍යවලින් කියනකම් මම දන්නේ නැහැ පක්ෂයෙන් ඉවත් කළාය කියන එක. මහලේකම්වරයා ගැන ලැජ්ජයි. කෘත්‍යාධිකාරී මණ්ඩලය බබාලා වගේ හැසිරෙන්නේ. මේ පක්ෂය මගෙත් මහත්තයගෙත් පක්ෂය. ඔප්පුව තියෙන්නේ මගේ අතේ. කරන විහිළු නවත්වන්න. පක්ෂය අද කෑලි කැඩිලා. නායකයාට කිසිම වැඩපිළිවෙළක් නෑ කියලා මන්ත‍්‍රීවරු කියනවා. සේනාංකත් හදාගෙන.

අපේ ජාතික පෙරමුණ පක්‍ෂය මගෙන් ලැබුණේ. එම පක්ෂය දුන්නේ නැතිනම් විපක්ෂයේ බාගයට බාගයක් නැහැ. මම සජබේ යාවජීව සාමාජිකාවක්. මම පඹයෙක් වගේ හැසිරෙන්නේ නැහැ.

කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී සංජීව එදිරිමාන්න

වෙළෙඳ ශේෂයේ අර්බුදය ඇති කළේ ජේ. ආර්. ජයවර්ධනගේ වැරදි ආර්ථික ක‍්‍රියාකාරකම්. රාජ්‍ය ආදායම් වැඩිකිරීමට මෙතෙක් කිසිම ක‍්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. ඒත් අපේ ආණ්ඩුව ආදායම වැඩිකර ගන්න පියවර රැුසක් ගත්තා. ඒ වගේම රාජ්‍ය වියදම විශාල ලෙස අඩුකර තිබෙනවා. ඒ වගේම ජනපති වැය ශීර්ෂය අඩුකරගෙන තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ යුගයේ තිබූ ආර්ථික වර්ධනය පහළට ඇද දැම්මා. යහපාලනයේ ආර්ථික ඔස්තාර්ලා ඉන්නවා කිව්වත් ආර්ථිකය විනාශකර දැම්මා.

මාතලේ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (ශ‍්‍රීලපොපෙ)

මේ ආර්ථිකයේ වෙනසක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ගතානුගතික බවෙන් මිදුනෙ නැත්නම් එක තැන පල්වෙන එක වළක්වන්න බැහැ.

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ

2015 ආණ්ඩුවට භාර ගන්න තිබුණේ ආර්ථික අතින් දියුණු රටක්. ඒත් ඒ ආණ්ඩුවට ඒ ආර්ථිකය තවත් ඉදිරියට ගෙනයන්න බැරි වුණා. ඔවුන්ට තිබුණේ පලිගැනීම පමණයි. කිසිදු සංවර්ධන ඉලක්කයක් තිබුණේ නැහැ.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා (සජබ)

අද රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ගැන කවදාවත් කතා කළේ නෑ. රාජ්‍ය ආදායම කෝටි 79,800 යි. වියදම කෝටි 101,500 යි. අයවැය පරතරය සියයට 94 කින් වැඩිවෙලා. එය විසඳන්නේ කොහොමද කියලා කවුරුවත් කතා කළේ නැහැ.

ගිය ආණ්ඩුව රුපියල් බිලියන 5400 ක් ණය ගත්තා. නමුත් මේ ආණ්ඩුව රුපියල් බිලියන 3750 ක් ණය අරන් තියෙන්නේ මාස 18 ක් ඇතුළතයි. කොරෝනා වලින් බලපෑමක් ඇතිවුණා. අපි එය පිළිගත යුතුයි.

අපේ රටේ සංචිත ප‍්‍රමාණය ඩොලර් බිලියන 2.18 දක්වා පහළ වැටිලා. සුළු වත්කම් ඩොලර් බිලියන 2006 ක් මහ බැංකුව වාර්තා කර තිබෙනවා. මෙයට ගන්නා ක‍්‍රියාමාර්ග මොනවාද? අපිට බැණ බැණ ඉඳල වැඩක් නැහැ. ඩොලර් බිලියන 7242 ක් අප ණය ගෙවිය යුතුයි.

රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

වසරේ පළමු මාස 8 තුළ ආදායම

පසුගිය වසරට වඩා සියයට 4 ක් වැඩිවෙලා

බදු අඩු කිරීම ආණ්ඩුව සිදු කළ නිසයි මෙලෙසින් හෝ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ. යම් යම් ඉලක්ක අඩුවී තිබෙනවා.

ඉදිරි අවුරුද්දට ගෙවීම් තියෙන්නේ ඩොලර් බිලියන 3.7 යි. කවුද හර්ෂ මන්ත‍්‍රීට වැරදි තොරතුරු දීලා බිලියන 7 ක් ගෙවන්න තියෙනවා කියලා.

පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට යළි රැස්වීමට නියමිතය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment