වසර එකහමාරකට පසු‍්‍ර ශ‍්‍රී ලංකාවට තරගාවලි ජයග‍්‍රහණයක්

220

මාස දහ අටකට එනම් වසර එකහමාරකට පසුව එක්දින  තරගාවලියක් ජය ගැනීමට නොහැකිව සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම සංචාරක දකුණු අප‍්‍රිකානුවන් ලකුණු 78 කින් පරාජයට පත් කරමින් තරග තුනකින් යුත් දෙරට අතර තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ඊයේ (07 වැනිදා) සමත්විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 203 ක ඉලක්කය හඹා ගිය දකුණු අප‍්‍රිකා කණ්ඩායමේ සියලූ පිතිකරුවන් ලකුණු 125 කට දවා  ගැනීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූයේ සංචාරකයන්ට ලකුණු 78 ක පරාජයක් උරුම කර දෙමිනි.

වසර එකහමාරකට පසු‍්‍ර  ශ‍්‍රී ලංකාවට තරගාවලි ජයග‍්‍රහණයක්

මෙම තරගාවලියට පෙර ශ‍්‍රී ලංකාව අවසන් වරට එක්දින  තරගාවලියක් ජයග‍්‍රහණය කර තිබුණේ 2020 වසරේ පෙබරවාරි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලද තරගාවලි ජයග‍්‍රහණයයි. ඒ අතරතුර ශ‍්‍රී ලංකාව ඉන්දියාවට, එංගලන්තයට, බංගලාදේශයට සහ බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ එක්දින තරගාවලි පරාජයට පත්වී තිබිණි. දකුණු අප‍්‍රිකාවද සිය රට තුළදී 2020 වසරේ මාර්තු මස ඔස්ටේ‍්‍රලියාව පරාජයට පත්කළ පසු එංගලන්තය හමුවේ තරගාවලියක් පරාජයට පත්ව තිබූ අතර අයර්ලන්තය හමුවේ තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් විණි.

දකුණු අපි‍්‍රකා කණ්ඩායමේ පළමු කඩුලූ 3 ලකුණු 19 ක් තුළ දවා ගැනීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වූයේ කමිඳු මෙන්ඩිස් සහ ධනංජයද සිල්වා රැුකගත් අගනා උඩ පන්දුවල සහායද සමගිනි.

දුෂ්මන්ත චමීර සිය තෙවැනි සහ පස්වැනි පන්දුවාර දෙකේදී රීසා හෙන්ඩිරික්ස්ගේ සහ රසී වෑන්ඞ් ඩුසේන්ගේ කඩුලූ දවා  ගැනීමට සමත් වූවේය. හෙන්රික්ස්ගේ කඩුල්ල වෙතට පන්දුව යොමු කරමින් ඔහුව දවාගත් චමීර වැන්ඩර් ඩුසේන් දවා ගත්තේ ලකුණු 5 කටය. ඒ සඳහා කමිඳු මෙන්ඩිස් රැුකගත් උඩ පන්දුව අති විශිෂ්ට ගණයේ එකක් විය.

ඒඞ්න් මාක‍්‍රම් දවා ගනිමින් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කඩුලූ දඩයම ඇරඹූ ප‍්‍රවීන් ජයවික‍්‍රමට පසුව දඟ පන්දුවෙන් කඩුල්ලක් ලබා ගත්තේ මහීෂ් තීක්‍ෂණය. සිය පළමු ජාත්‍යන්ත එක්දින තරගයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීම තීක්‍ෂණ සමත්වූ අතර තරගයේ පන්දුවාර 9 යි එක් පන්දුවක් කි‍්‍රයාත්මකව තිබියදී වර්ෂාව හේතුවෙන් තරගය මඳ වේලාවකට නතර කෙරිණි. ඒ වන විට දකුණු අපි‍්‍රකාවේ කඩුලූ 4 ක් ලකුණු 45 කට බිඳ වැටී තිබිණි.පන්දු යැවීමේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, ප‍්‍රවීන් ජයවික‍්‍රම, මහීෂ් තීක්‍ෂණ සහ චාමික කරුණාරත්න දකුණු අප‍්‍රිකා ඉනිම අඩපණ කිරීමට දායකත්වය දුන්හ.

චමීර කඩුලූ 02 ක්ද, වනිඳු කඩුලූ 02 ක්ද දවා ගත් අතර ප‍්‍රවීන් ජයවික‍්‍රම 01 මහීෂ් කඩුලූ 04 බැගින් දවා ගත්හ.

තරගාවලියේ පළමු තරග දෙක කණ්ඩායම් දෙක විසින් 1-1ක් ලෙස සමව ජයගෙන තිබූ නිසා තරගාවලියේ ජය ගැනීමට මෙම තරගයේ ජය දෙපිලටම අත්‍යවශ්‍ය විය. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායකයා කිසිදු පැකිලීමකින් තොරව පළමුව පිතිහරඹයේ නිරත වීමට තීරණය කළද දකුණු අපි‍්‍රකාවෙන් එල්ල වුණු තර්ජනය හමුවේ ශී‍්‍ර ලංකා පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගියහ.

පළමු තරග දෙකේදී අනුගමනය කළ උපක‍්‍රමයට පිටින් යමින් දඟ පන්දු යැවීම මත වැඩි විශ්වාසය තැබූ දකුණු අපි‍්‍රකානු නායකයා තරගයේ දෙවැනි පන්දුවාරයේ සිටම දඟ පන්දුව ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට එරෙහි අවිය ලෙස යොදා ගැනීමට කටයුතු කළේය.

නායකයා ලෙස එම වගකීම තම සුරතට ගත් කේශාව් මහරාජ් සිය දෙවැනි පන්දු වාරයේදීම ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු 10 කට දවා ගත්තේය.

පසුගිය තරගයේදී ජාත්‍යන්තර එක්දින තරග වරම් ලබාගත් ජොර්ජ් ලින්ඬේ, ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මෙම තරගයට අලූතින් කැඳවා තිබූ දිනේෂ් චන්දිමාල්ගේ සහ කවිඳු මෙන්ඩිස්ගේ කඩුලූ දෙක දවා ගත්තේ ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව කඩුලූ 3 ට ලකුණු 64 ක් ලෙස සටහන් කරමිනි.

භානුක රාජපක්‍ෂ සහ මිනෝද් භානුක දෙදෙනා වෙනුවට කමිඳු මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් කැඳවා තිබූ අතර අකිල ධනංජය වෙනුවට මෙම තරගයට කැඳවූ මහීෂ් තීක්‍ෂණගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගයද මෙය විය.

ශී‍්‍ර ලංකා ඉනිම ගොඩනැඟීම පිණිස පළමු සහ දෙවැනි තරග දෙකේදීද වැඩි මෙහෙයක් ඉටු කළ චරිත් අසලංක මෙම තරගයේදී ද වගකීමෙන් සහ සංයමයෙන් යුතුව පිතිහරඹයේ යෙදෙමින් කී‍්‍රඩා කළේය.

සෙසු පිතිකරුවන්ගෙන් ඔහුට නිසි සහයෝගයක් නොලැබුණද පන්දු 71 ක් තුළ ලකුණු 47 ක් රැුස් කළ චරිත් අසලංක ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව ලකුණු 166 ක් වන විට දැවී ගියේ 8 වැනි කඩුල්ලේ දැවී යෑමද සටහන් කරමිනි.

අසලංකට පසුව ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැුස් කළ පිතිකරුවා වූ ධනංජයද සිල්වා ලකුණු 31 කට දැවී යෑම ශී‍්‍ර ලංකා පිලට මහත් පාඩුවක් වූ අතර නායක දසුන් ශානක ලකුණු 13 කට සහ වනිඳු හසරංග ලකුණු 06 කට දවා ගැනීමට නායක මහරාජ් සමත් වූවේය.

දෙවැනි එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීම සඳහා කඩුලූ 5 ක් දවා ගත් ටබ්රේස් ශම්සි මෙම තරගයේදී ද කඩුලූ 2 ක් දවා ගත් අතර ශී‍්‍ර ලංකා අවසන් පිතිකරුවන් දඩයම් කිරීම පිණිස වේග පන්දු යවන කී‍්‍රඩක කාගිසෝ රබාඩා නැවත පන්දු යැවීමට යොදා ගත්තද එය සාර්ථක නොවූයෙන් ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව කඩුලූ 9 ක් දැවී ලකුණු 203 ක් ලෙස සටහන් විණි. ශී‍්‍ර ලංකා ඉනිමට අවසන් මොහොතේදී ජීවය එක් කළ අංක 09 පිතිකරු දුෂ්මන්ත චමීර ලකුණු 29 ක් ලබාගත් අතර මහීෂ් තීක්‍ෂණ නොදැවී ලකුණු 10 ක් ලබා ගත්තේය.

තම මංගල තරගයේදීම දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් අන්දමන්ද කිරීමට සමත් වූ මහිෂ් තීක්‍ෂණ තම කඩුලූ 4 දවා ගත්තේ දකුණු අපි‍්‍රකානු පිතිකරුවන්ට ලකුණු 37 ක් පමණක් ලබාදෙමිනි.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment