වසර එකහමාරකට පසු රග්බි තරගාවලියක්

119

යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය හැව්ලොක් සහ සීඑච් ඇන්ඞ් එෆ්සී කණ්ඩායම් සහභාගි වන සත්සාමාජික රග්බි තරගාවලියක් ලබන මස 30 වැනිදා සහ 31 වැනිදා පැවැතවීමට කටයුතු යොදා ඇත.

මෙම තරගාවලිය වසර එකහමාරකට පමණ පසුව ශ‍්‍රී ලංකාව තුළ පැවැත්වෙන පළමු රග්බි තරගාවලිය වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලද කොවිඞ් මර්දන නිර්දේශ මත පදනම්ව තරගාවලිය පැවැත්වේ.

ශ‍්‍රී ලංකා රග්බි ආයතනයේ අවසරය අනුව පැවැත්වෙන මෙම තරගාවලියෙන් ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ක‍්‍රීඩකයන් තෝරා ගැනීමද සිදු කෙරෙන අතර එසේ තෝරා ගන්නා ජාතික සංචිතය ජෛව ආරක්‍ෂිත බුබුළක් යටතේ පුහුණුවීම් සඳහා සහභාගි වීමට නියමිත වේ.

කෙසේ වෙතත් මෙම තරගාවලිය සඳහා මහනුවර සහ සී ආර් ඇන්ඞ් එෆ් සී කණ්ඩායම් සහභාගි නොවීමට තීරණය කර ඇත.

කොවිඞ් තත්ත්වය හේතුවෙන් පුහුණුවීම් කිරීමට නොහැකිවීම මත ඔවුන් මෙම තරගාවලියට සහභාගි නොවේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment