වසර තුනකට පසු චෙන්නායි සිට ගුවන් යානයක් පලාලි එයි

148

චෙන්නායි සිට යාපනය දක්වා මගී ගුවන් යානයක් ඊයේ (12දා) උදෑසන පැමිණීමෙන් පසුව පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් සේවා කටයුතු වසර තුනකට පසුව ඊයේ සිට නැවත ආරම්භ කෙරිණ.

මේ අනුව සතියට දින තුනක් චෙන්නායි සිට යාපනයටත්, යාපනයේ සිට චෙන්නායි දක්වාත් ගුවන් ගමන් සිදු කෙරෙනු ඇත.

කොරෝනා වසංගත තත්ත්වය හා පලාලි ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු හේතුවෙන් පසුගිය සමයේ පලාලි සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් නවතා තිබිණි. රුපියල් මිලියන 2,250ක වියදමකින් පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කර තිබුණේ ඉන්දීය රජයේ ආධාරයෙනි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment