වසර දහයක අනියම් පෙම පෙට‍්‍රල්වලින් නවතා දමයි

623


වසර දහයක් පුරා ආදරය කළ ඥාති සොහොයුරිය මගහැරී යයි සිත් කලකිරුණු පුද්ගලයකු ඇයගේ නිවස ඉදිරිපිට මාර්ගයට පැමිණ සිරුරට ගිනි තබා ගැනීමෙන් දැඩි පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කළ බව වාද්දූව පොලීසිය කියයි.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ පානදුර හිරණ පන්සල පාරේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.

වාද්දුව පොහොඩ් ඩර මුල්ල
පදිංචිව සිටින විවාහක මෙම පුද්ගලයා වසර දහයක සිට අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇත.
අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් සමීප ඥාති සොයුරිය අනියම් සබඳතාවය මාස පහක පමණ ඉහත දී නවතා දමා ඇතැයි පොලිසිය කියයි.

මෙයින් දැඩි සිත්තැවුලට පත් පුද්ගලයා ඊයේ රාත්‍රී 8.00ට පමණ පෙට‍්‍රල් පිරවූ බෝතලයක් සහ ගිනි පෙට්ටියක් රැගෙන ඥාති සොයුරිය ගේ නිවස අසල මාර්ගයට පැමිණ ශරීරයට හලාගෙන ගිනි තබාගෙන ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment