වසර දෙකකට පසු රග්බි පිටිය සකී‍්‍රය වෙයි

210

අන්තර් කී‍්‍රඩා සමාජ ලීග් ශූරතාවලිය හෙට සිට…

ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය සංවිධානය කර ඇති අන්තර් ක‍්‍රීඩා සමාජයීය ලීග් ශුරතා රග්බි පාපන්දු තරගාවලිය හෙට (21 වැනිදා* ප:ව: 04.00 ට කොළඹ හැව්ලොක් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන යුද හමුදාව සහ සී.ආර් ඇන්ඞ් එෆ්.සී. යන දෙපිල අතර තරගයෙන් ආරම්භ කෙරේ.

තරගය 28 කින් සමන්විත වන මෙවර ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලිය ක‍්‍රීඩාංගණ 07 ක් කේන්ද්‍ර කර ගනිමින් ලබන මාර්තු මස 06 දින දක්වා ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මෙහි තරග 04 ක් මහනුවර පිහිටි නිත්තවෙල ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර සෙසු තරග 24 ක් කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාත්මක කෙරේ.

කොළඹ හැව්ලොක් ක‍්‍රීඩාංගණයේදී තරග 08 ක්ද බම්බලපිටියේ පිහිටි පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථාන

ක‍්‍රීඩාංගණයේ දී තරග 05 ක්ද ලොන්ඩන් පෙදෙසේ පිහිටි සී.ආර්. ක‍්‍රීඩාංගණයේදී තරග 03 ක් ද වැලිසර පිහිටි නාවික හමුදා ක‍්‍රීඩාංගණයේ දී තරග 03 ක් ද රත්මලානේ පිහිටි ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී තරග 03 ක් ද කොළඹ රීඞ් මාවතේ පිහිටී පැරණි තුරග තරග පිටියේදී තරග 02 ක් ද පැවැත්වෙන පරිදි මෙවර ලීග් තරගාවලිය සංවිධානය කර තිබීම කැපී පෙනේ.

ගෝලීය වසංගතයක් බවට පරිවර්තනය වී තිබුණු කොවිඞ්-19 තත්ත්වය හේතුවෙන් පසුගිය දෙවසරක කාලයක් තිස්සේ දේශීය ලීග් රග්බි ශූරතාවලිය පැවැත්වීමට නොහැකි විය.

වසර දෙකක නිහඬතාවයකින් පසුව ක‍්‍රියාත්මක වී ඇති රිස්ලි ඉල්ලීයාස් මහතාගේ

සභාපතිත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය මෙවර තරගාවලිය සංවිධානය කර තිබීම ඉහළ අගයක් ගෙන තිබේ. ඒ අනුව යමින් මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීම උදෙසා සටන් වදින කණ්ඩායම් සංඛ්‍යාව 08 කි.

මහනුවර ක‍්‍රීඩා සමාජය, පොලිස් ක‍්‍රීඩා සමාජය, යුද හමුදා සමාජය, ගුවන් හමුදා සමාජය, නාවික හමුදා සමාජය , හැව්ලොක් ක‍්‍රීඩා සමාජය, සී.එච්. ඇන්ඞ් එෆ්.සී. සහ සී.ආර් ඇන්ඞ් එෆ්.සී එම කණ්ඩායම් වෙති.

මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ වාර්ෂිකව පැවැත්වෙන තරග මාලාවන් අතරේ අන්තර් සමාජයීය රග්බී පාපන්දු ලීග් ශූරතාවලියට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. ක‍්‍රීඩා සමාජ අතර ඇති තරගකාරීත්වය හේතුවෙන්ම ඒ සඳහා ඇති පේ‍්‍රක්ෂක සහභාගිත්වයද පසුගිය දශක කිහිපය තුළ කැපී පෙනුණි.

ඒ අනුව යමින් සංවිධානය කර ඇති මෙවර තරගාවලිය ද ආරම්භයේ සිට අවසානය දක්වාම තියුණු හා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අනුමාන කළ හැකිය. එහෙත් සෑම ක‍්‍රීඩාංගණයකම පේ‍්‍රක්ෂක ධාරිතාවයෙන් හරි අඩක් (50%* පමණක් කැඳවා ගැනීමට සෞඛ්‍ය අංශය අවසර දී තිබීම හේතුවෙන් පසුගිය තරග මාලාවන් වලට වඩා අඩු ක‍්‍රීඩා ලෝලීන්ගේ

සහභාගිත්වයක් වාර්තා වනු නොඅනුමානය. සෑම ක‍්‍රීඩකයෙක් ම කොවිඞ්-19 සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව ක‍්‍රීඩා කිරීමට මෙවර තරගාවලිය තුළ බැඳී සිටීම ද විශේෂත්වයකි.

තරග 04 කින් සැදුම්ලත් වන ආරම්භක සති අන්තයේ තරග සැලසුම

2022.01.21

(01* ප:ව: 04.00 ට යුද හමුදාව සහ සී ආර් ඇන්ඞ් එෆ්.සී. අතර හැව්ලොක්ස් පිටියේදී

2022.01.22

(02* ප:ව: 04.00 ට ගුවන් හමුදාව සහ මහනුවර අතර රත්මලාන ගුවන් හමුදා පිටියේදී

(03* ප:ව: 06.30 ට හැව්ලොක්ස් සහ නාවික හමුදාව අතර හැව්ලොක්ස් පිටියේදී

2022.01.23

(04* ප:ව: 04.00 ට සී.එච් ඇන්ඞ් එෆ්.සී සහ පොලිස් අතර පැරණි තුරඟ තරග පිටියේදී

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment