වසර මිලියන 43කට පෙර ජීවත් වූ පාද හතරේ තල්මසකුගේ අස්ථි සොයා ගැනේ

318

දැනට වසර මිලියන 43 කට පමණ පෙර ජීවත් වූ පාද හතරකින් යුතු තල්මසකුගේ අස්ථි කොටස් විද්‍යාඥයන් පිරිසක් විසින් ඊජිප්තුවේ පිහිටි බටහිර කාන්තාරයේ තිබී සොයා ගෙන තිබේ. මෙම අස්ථි කොටස් පාද හතරකින් යුතු ‘ඇම්පීබියස් පියෝ මිසෙටස්’ නමැති තල්මස් වර්ගයට අයත් බව විද්‍යාඥයෝ පවසති.

 වසර මිලියන 10කට අධික කාලයක් පෘථිවියෙහි ගොඩබිම ජීවත් වූ මෙම පාද හතරේ තල්මසුන්ගෙන් වත්මන් තල්මසුන් පැවතගෙන එන බව විශ්වාස කෙරේ. සොයා ගනු ලැබූ අස්ථි අයත් පාද හතරේ තල්මසා කිලෝ ග‍්‍රෑම් 600ක් පමණ බරකින් යුතු වූ බව අනාවරණය වී ඇති අතර එම තල්මසාගේ දිග මීටර් 3ක් (අඩි 10ක් පමණ) බව විද්‍යාඥයෝ කියා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment