වසර විස්සකට පස්සෙ සුරාජ් අධ්‍යක්‍ෂණයට

259

මාව විශ්වාස කරපු නැති අයත් හිටියා….
විවාහය කාලයට බාර දුන්නා….

‘මගේ සඳ ඔබ. ටෙලි නිර්මාණය හරහා රංගන ශිල්පියෙක් ලෙස ක්‍ෂේත්‍රයට පැමිණි ඔහු ‘ඕලු. ටෙලි නිර්මාණය හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. වසර විස්සකට පසුව අද ඔහු අධ්‍යක්‍ෂවරයාගේ භූමිකාවට පණ දෙනව.

සුරාජ් මාපා සමග අපේ මේ කතාබහ ඔහුගේ කුළුඳුල් අධ්‍යක්‍ෂණය ගැනයි.

‘නොනිමි ඔබේ පළමු අධ්‍යක්‍ෂණය, කොහොමද ප්‍රතිචාර?

ඇත්තටම ගොඩක් ස්තූතියි. මම මුලින්ම රංගනයෙන් දායක වුණ ‘මගේ සඳ ඔබ’ ටෙලි නාට්‍යයේ පටන් මට ගොඩක්ම සහයෝගය ලබා දුන්නෙ මාධ්‍ය සහෝදරයන්. මුද්‍රිත මාධ්‍යයෙන් තමයි අපි මුලින්ම ජනප්‍රිය වුණේ. ඇත්තටම ‘නොනිමි’ ටෙලි නාට්‍යයට ගොඩක් හොඳ ප්‍රතිචාර මේ වන විට ලැබෙමින් පවතිනව. අපි කරන සමහර නිර්මාණවලට මිනිස්සු කැමතියි. සමහර නිර්මාණවලට ආරෙයි. මේ අතරින් ‘නොනිමි’ මිනිස්සු ආදරයෙන් වැළඳගන්න නිර්මාණයක් බවට පත්වෙලා. ඒ ගැන ගොඩක් සතුටුයි.

වසර විස්සකට පස්සෙ සුරාජ් අධ්‍යක්‍ෂණයට

මොනවද මුහුණ දුන් අභියෝග?

මේ ටෙලි නාට්‍ය චන්දන ජයසිංහ සහ මගේ සම අධ්‍යක්‍ෂණයක් විදිහට තමයි පුංචි තිරයට එන්නෙ. චන්දන මින් පෙර අධ්‍යක්‍ෂණය කරල තිබුණත් මේ මගේ පළමු වැනි අධ්‍යක්‍ෂණය. ඇත්තටම කිව්වොත් අධ්‍යක්‍ෂණය ගැන මගෙ හිතේ කැමැත්තක් තිබුණ. නමුත් මේ තරම් ඉක්මණින් ඒ දේ කරන්න පුළුවන් වෙයි කියල හිතුවෙ නැහැ. කොහොම වුණත් අපේ හීනවලට අපිට දැන් ඉක්මණින් ඉක්මණින් යන්න සිද්ධවෙලා තියෙනව. මෙතනදි අධ්‍යක්‍ෂණයට වඩා අපිට වුවමනාව තිබුණෙ හොඳ නිර්මාණයක් කරන්න. ඒ නිසාම අපි පිටපතක් හදාගෙන අධ්‍යක්‍ෂවරයෙක් හෙව්වා. මේ වලාවෙදි මගේ යහළුවො මගෙන් ඇහුව ඇයි ඔයාට කරන්න බැරි කියල. ඒ වගේම ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක් වන ශාන්ත සොයිසා මහත්මයා ඇහුව ඇයි සුරාජ් ඔයා මේක කරන්නෙ නැත්තෙ කියල. මට මං ගැන විශ්වාසයක් ඇතිවෙන තැනට ඔවුන් මාව ගෙනාව. ඉන් පස්සෙ චන්දන අයියයි මමයි කතා වුණා අපිම අධ්‍යක්‍ෂණය කරමු කියල.

රංගනයෙන් දායක වන අතර අධ්‍යක්‍ෂණය කිරීම පහසු දෙයක්ද?

ඇත්තටම රංගනයේ යෙදෙන ගමන් අධ්‍යක්‍ෂණය කිරීම අසීරු දෙයක්. එතනදි චන්දන අයියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනව. ඒ වගේම රූපරාමු” කලර්ස්” ලොකේෂන් වගේ හැමදෙයකම සාර්ථකත්වගේ ගෞරවය යන්න ඔන චන්දන අයියට. මම නිර්මාණයේ අභ්‍යන්තර දේවල්” කලාකරුවන් හැසිරවීම වගේ දේවල්වල වගකීම භාර අරගෙන සහයෝගයෙන් වැඩකරනව.

වසර විස්සකට පස්සෙ සුරාජ් අධ්‍යක්‍ෂණයට

‘නොනිමි. කැමරාවෙන් අලුත් මුහුණක් දකිනව?

ෂෙනාලි සමරසිංහ කියන චරිතය හොයාගන්න අපි ගොඩක් මහන්සි වුණා. ඒ වගේම මම අධ්‍යක්‍ෂවරයෙක් කියල විශ්වාස නැති නිසා සමහර අය අකමැති වුණ

අවස්ථාත් තිබුණ. අපිට වුවමනාව තිබුණෙ ඒ ඒ චරිතයට ගැලපෙනම කෙනාව ගන්න. උදාහරණයක් විදිහට මේ නාට්‍යයේ පොලිස් නිළධාරියෙක් ඉන්නවනම් ඔහු ඇත්තටම පොලිස් නිළධාරියෙක්. වෛද්‍යවරයෙක් වුණත් ඒ වගේ. ඒ චරිතවල වගකීම ගන්න පුළුවන් නළුනිළියන් තමයි ඉන්නෙ. එතකොට නිර්මාණය හරි ලස්සනයි සහ ඔවුන්ව හසුරුවන්න පුළුවන් ශක්තියක් වෛද්‍යවරයාට තියෙන්න ඕන.

ෂෙනාලි ඔබේ බලාපොරොත්තුව ඉටු කළාද?

ඇත්තටම ප්‍රේක්‍ෂකයා ඒ චරිතය වැළඳගෙන ඉවරයි. ඉතිං මම හිතනව ඇය ඒ චරිතයට සාධාරණයක් කළා කියල.

වසර විස්සකට පස්සෙ සුරාජ් අධ්‍යක්‍ෂණයට

ඔබ අධ්‍යක්‍ෂවරයෙක් වෙන්නෙ වසර විස්සක පළපුරුද්දත් එක්ක?

ඔව්” මම ක්‍ෂේත්‍රයට එන්නෙ 2001 වසරෙ. ප්‍රවීණ අධ්‍යක්‍ෂවරුන් වැඩකරන හැටි බලල” ප්‍රවීණ නළු නිළියන් වැඩකරන හැටි බලල සහ චිත්‍රපට” ටෙලි නාට්‍ය බලල ඉගෙන ගත්ත දේවල තමයි අද ප්‍රයෝජනයට ගන්නෙ. ඒ වගේම කලාවට තියෙන කැමැත්ත සහ පෙරේතකම” නැත්නම් ආසාව නිසා තමයි මේ හැමදෙයක්ම ඉගෙනගන්තෙ.

නිම්නාද සේනානායකට ප්‍රේක්‍ෂකයා මොකද කියන්නෙ?

නිම්නාදට මේ වෙනකොට ගොඩක් අය ආදරය කරන්න පටන් අරගෙන තියෙන්නෙ. මේ චරිතය හරහා කෙරෙන්නෙ බොහෝ දෙනකුට අමතක වෙලා තියෙන අපේ රටේ අතීතය නැවත මතක් කිරීමක් කිව්වොත් නිවැරදියි.

සුරාජ් මාපා කියන නර්ථන ශිල්පියාට මොකද වුණේ?

නර්ථනය අතහැරල නැහැ. ලබන අවුරුද්ද මැද විතර මගේ ප්‍රසංගයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනව.

තනිකඩ ජීවිතයට තිත තියන්නෙ කවදද?

ඒක නම් දන්නෙ නැහැ. ජීවිතයේ යම් යම් දේවල් මේ විදිහට වෙන්න ඕන කියල පොඩි කාලෙ බලාපොරොත්තු තිබුණ තමයි. නමුත් විවිධ ප්‍රශ්නත් එක්ක අපි නොහිතපු තැන්වලට අපිව තල්ලුවෙලා ගියානෙ. මේ එකක්වත් සැළසුම් කරපු දේවල් නෙමෙයි. ස්වාභාවිකවම සිදු වුණ දේවල්. අපි අනාගතයට බයවෙන්න හොඳ නැහැ. විවාහය කියන්නෙ ගොඩක් හිතල මතල ගන්න ඕන තීරණයක්. ගොඩක් අයගෙ ජීවිතවලට විවාහයෙන් ලොකු බලපෑමක් ඇතිකරනව. කාලය ගොඩක් දේවල්වලට විසඳුම් ලබල දෙයි.

‘නොනිමි. ට අමතරව?

නොනිමිට අමතරව ප්‍රියන්ත ප්‍රනාන්දුගෙ ‘සුසුම් රස්තියාදුවක්. ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙනව. ඒ වගේම ඉසුරු මුදලි වීරසිංහගෙ ටෙලි නිර්මාණයකටත් රංගනයෙන් එකතු වෙනව.

ලැබෙන ආරාධනා ගැන සෑහීමකට පත්වෙනවද?

ඔව්” ගොඩක් නිර්මාණවලට දායක වෙන්න කලින් තෝරාබේරා ගැනීමක් කරනව. මේ තෝරා ගැනීම තමයි අපේ ජීවිතවලට වැදගත් වෙන්නෙ.

වසර විස්සකට පස්සෙ සුරාජ් අධ්‍යක්‍ෂණයට

‘නොනිමි. අත්දැකීම්?

සමහර අය අපිව අවිශ්වාස කළා වගේම සමහර තැන්වලදි ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහර දේවල් අපිට ලැබුණෙ නැහැ. නමුත් අපේ නිෂ්පාදකවරයා අපිව විශ්වාස කළා. ඒ වගේම කියන්න ඕන” ආරක්‍ෂක අමාත්‍යංශයෙන් අපිට ලොකු සහයෝගයක් ලැබෙනව. ඒ වගේම පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවෙන්ම ලැබෙන සහයෝගය ගැන ගොඩක් සතුටුයි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment