වසර හතක් තිස්සේ අතුරුදන්ව සිටි කුරු අලියා නැවතත් උඩවලවට ඇවිත්…

854

2013 වසරේ පළමුව වරට සොයාගත් උඩවලවේ වනෝද්‍යානයේ සැරිසරමින් සිටි දුර්ලභ ගණයේ කුරු අලියා 2021 වසරේ කලාපයට නොපැමිණීම හේතුවෙන් අතුරුදන්ව ඇතැයි රාවයක් පැතිර ගොස් තිබිණ.

නැවතත් මෙම කුරු අලියා පසුගිය දිනවල නැවත උඩවලව කලාපයට පැමිණ සැරිසරණ බවට පරීක්ෂණ කැමරාවලට හසුව ඇත. මෙම කුරු අලියා කල්තොට, බලංගොඩ ඇතුළු විශාල භූමි ප්‍රදේශයක් පරිහරණය කරන බවද සඳහන් වේ. එසේම දෙස් විදෙස් සංචාරකයන්ගේ විශේෂ අවධානය ද මෙම කුරු අලියා කෙරෙහි යොමුව තිබුන බවත් පසුගිය ජුනි – ජුලි මාසවල දී මෙම කුරු අලියා කලාප ප්‍රදේශයට නොපැමිණීම හේතුවෙන් හා පරීක්ෂණ කැමරාවල හසු නොවීම හේතුවෙන් අතුරුදන්ව ඇතැයි රට තුළ රාවයක් පැතිර තිබූ බවද වනසත්ව අධි ආරක්ෂක කලාප නිලධාරී වී. ජී. විතානගේ මහතා පැවසීය.

ඇඹිලිපිටිය – සේන වී ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment