වසර 11කට පසු නවසීලන්ත පතලකින් මළ සිරුරු මතු වේ

656

වසර 11කට පමණ පෙරදී නවසීලන්තයේ ගල් අඟුරු පතලක සිදු වූ පිපිරීමක් හේතුවෙන් මියගිය පතල්කරුවන් 29 දෙනකුගේ සිරුරු කොටස් පතල පිහිටි ප‍්‍රදේශයෙන් මතු වීමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
 
 නවසීලන්තයේ සවුත් දූපතෙහි පිහිටි පයික් රිවර් නමැති ගල් අඟුරු පතලෙහි ගැඹුරුම ස්ථානයක 2010 වසරේ නොවැම්බර් මාසයේ සිදු වූ පිපිරීම් දෙකකින් පතල්කරුවන් 29 දෙනකු මියගොස් තිබූ අතර මියගිය අයගේ මළසිරුරු සොයා ගැනීමට පවා නොහැකි වී තිබිණි. පිපිරීම් සිදුවන අවස්ථාවේදී පතලෙහි සිටි පතල්කරුවන් 31
 
 දෙනාගෙන් දිවි බේරාගෙන ඇත්තේ දෙදෙනකු පමණකි. පතල පිහිටි ස්ථානය හැරීමේදී පතලෙහි ගැඹුරු ස්ථානයක මෙසේ මියගිය පතල්කරුවන් කිහිපදෙනකුගේ මළ සිරුරුවල කොටස් පවතින බව නිලධාරීන් විසින් හඳුනාගෙන තිබේ. කෙසේ වුවද මෙම මළ සිරුරු කොටස් පවතින ස්ථානය වෙත කිසිවකුටත් ළඟා විය නොහැකි බව නිලධාරීන් විසින් ප‍්‍රකාශ කර තිබේ.
 
 විදෙස් පුවත් සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment