වසර 13ක් එංගලන්තයේ විසූ ‘‘ජෝෂි’’ ගෝරිල්ලා කොංගෝ වනාන්තරයකට

454

එංගලන්තයේ සෆාරි උද්‍යානයක වසර 13ක කාලයක් දිවි ගෙවූ 13 හැවිරිදි වියෙහි පසු වන ‘‘ජෝෂි’’ නමැති  ගෝරිල්ලා කිලෝමීටර් 9000 කට වඩා දුරින් පිහිටි කොංගෝවේ වනාන්තරයකට මුදාහැරීමට එංගලන්ත බලධාරීන් පියවර ගෙන තිබේ. ඉතාමත් සන්සුන් ඉරියව්වලින් යුතු මෙම ගෝරිල්ලා අප‍්‍රිකානු රාජ්‍යයක් වන කොංගෝවේ, බ‍්‍රසවිල් හි පිහිටි වනාන්තරයකට මුදා හැරීමට මේ අනුව පියවර ගෙන තිබේ.
 
 කිලෝ ග‍්‍රෑම් 190 ක් බරැුති මෙම ගෝරිල්ලා ගුවන් යානයකින් හා ගොඩබිමෙන් ඔහුගේ නව වාසස්ථානය වෙත ගෙන ගොස් ඇති අතර ඔහුට කැලෑබද ගෝරිල්ලන් සමග ජීවත්වන ආකාරය පිළිබඳව පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව වනාන්තරයට මුදා හැරීමට කොංගෝ බලධාරීන් සැලසුම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment