වසර 18 කට පසු රාහු මේෂයට කේතු තුලාවට…

2995

දැනට වෘෂභ රාශියේ ගමන් කරන රාහු ග‍්‍රහයා 2022 අපේ‍්‍රල් මාසේ 12 වෙනි අඟහරුවාදා හරියටම දවල් 02.48 ට දැනට ගමන් කරන වෘෂභ රාශියේ සිට මේෂ රාශියට පිවිසියේය. කේතු ග‍්‍රහයාද එදිනම එම වේලාවටම වෘශ්චික රාශියේ සිට තුලා රාශියට පිවිසියේය. ඉතින් මේ ග‍්‍රහ දෙපල මීට වසර 18 කට විතර පෙර එනම් 2004 වර්ෂය තුළත් මේ රාශි ද්විත්වයේ ගමන් කර තිබෙනවා. මේ ග‍්‍රහයෝ ඔබගේ කේන්ද්‍රයේ 2023 ඔක්තෝම්බර් 30 රාතී‍්‍ර 07.47 වෙනකල් මීන හා කන්‍යා රාශිවල ඉන්නවා. 2023 ඔක්තෝම්බර් 30 වන දින රාහු හා කේතු නැවත මීනයටත්, කන්‍යාවටත් පිවිවෙනු ඇත.

ඉතින් මේ රාහු කේතු මාරුවේ ප‍්‍රතිඵල ඔබට හිතා ගන්න ලෙහෙසිම ක‍්‍රමය තමා 2004 ත් – 2005 ත් අතර එම වර්ෂවල ඔබගේ පෞද්ගලික ජීවිතයේ හා පොදුවේ සමස්ත රටේ සිදුවූ සිද්ධීන් ටිකක් කල්පනා කරලා බලන එක. මෙම ග‍්‍රහ මාරුව පමණක් සැලකූ විට තේරේවි. මෙම කාලයෙත් එම කාලයෙත් සිදු වූ සිදුවන සිද්ධීන්වල යම් සමානකමක් තිබෙන බව.

වසර 1 1/2 පමණ කාලයක් තම ග‍්‍රහ ලොව සුකුමාලියට අයත් වෘෂභ රාශියේ රැඳී සිටි රාහු අසුරේන්ද්‍රයා කුජ අයත් මේෂයටත්, කුජ ග‍්‍රහ තමාට අයත් වෘශ්චික රාශියේ සිටි කේතු සිකුරුට අයත් අනෙක් රාශිය වන තුලා රාශියටත් සම්ප‍්‍රාප්ත වීම තුළ රටක් ලෙස පොදු වශයෙන් ගත් කල මෙම කාල සීමාවේ සියල්ල උඩු යටිකුරු කරන ස්වරූපයක් දක්නට ලැබෙයි. කුම්භය වූ ලංකා කේන්ද්‍රයේ මෙවර රාහු 3 වැන්නටත් කේතු 9 වැන්නටත් පිවිසීම අප රටට සියලූ අංශවලින් පසුගිය කාලයට වඩා යහපතක් උදා වනු ඇත. මෙම ඉදිරි කාල සීමාව රටේ නව ආරක ප‍්‍රබෝධමත් වූ නව දේශපාලන නායකත්වයක් ඇතිවන කාලයක් වනු ඇත. ඒ සමගින් රට කරවන ඇත්තන්ට මෙතෙක් තිබූ ප‍්‍රශ්න හා ගැටලූ යම් පමණකින් පහව යන කාලයක් ද වනු ඇත. මැතිවරණ පැවැත්වෙන කාලයක් ද වනු ඇත. දේශපාලනය හා පාර්ලිමේන්තුව උණුසුම් වන හේතු කාරණා දක්නට ලැබෙනු ඇත. එසේම පාතාලයන්, ¥ෂිතයින් හෙළි වන කාල සීමාවකි. 2022 අප්‍රේල් 12 වන දින රාහු හා කේතු නැවත මේෂයටත් තුලාවටත් පිවිසෙන්නේ රටට නව යුගයක් උදා කරමින්ය. එය රටට ජනතාවට යහපත උදාකරන කාලසීමාවක ඇරඹුමක් ලෙස හැඳින්විය හැකිය. කෙසේ වෙතත් 2022 අපේ‍්‍රල් 07 න් පසු එලඹෙන දින 10 තුළ බොහෝවිට අයහපත් කාලගුණික විපර්යාස, නාය යෑම්, නියඟ තත්ත්වයන්,

ගංවතුර, හදිස්සි අනතුරු, අධ්‍යාපන හා සෞඛ්‍ය යන විෂයන් හි අර්බුද, සතුරු බලවේග ක‍්‍රියාත්මක වීම්, රට තුළ මහජන නොසන්සුන්තා මෙන්ම උද්ඝෝෂණ සහ රටෙහි ආර්ථිකයෙහි කඩා වැටීම් වැනි අහිතකර සිදුවීම් ද ඇති වීමට ඉඩ ඇත. එම තත්ත්වය මෙම රාහු මාරුවේ මුල් කාලසීමාව දක්වා පමණක් වනු ඇත.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරා පැවති දේශපාලන හා පරිපාලන අර්බුද තත්ව මෙම රාහු, කේතු මාරුවත් සමඟ ඉදිරි වසර 1 1/2 පමණ කාලයක් තුළ යම් පමණකින් පහව යනු ඇත. එසේම රථවාහන අනතුරු යම් පමණකට පහළ යන කාලයකි. එම නිසා අපල තත්ත්ව ඇති ඔබ ඉතා කල්පනාකාරීව ආගම දහමට මුල්තැන දෙමින් ඉවසිලිමත්ව කටයුතු කිරීම තුළින් ඉහත දැක්වූ ලග්නවල අපල උපද්‍රව අවම කර ගත හැකිය.

රාහු කේතු මාරුව ඔබේ ලග්නයට කෙසේ වෙයිද?

මේෂ ලග්නය

මේෂ ලග්න හිමියන්ට දේපල ඉඩකඩම් ආශ‍්‍රිතව තිබූ කරදර බාධා යම් පමණකින් පහව යනු ඇත. රාහු ලග්නයේත් කේතු 7 වැන්නේත් හේතුවෙන් විවාහ බාධා ඇති කරයි. පවුල් ජීවිතයේ ගැටලූ ඇති විය හැකි බැවින් ඉවසිලිමත් විය යුතුය. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට සුභයි. විභාගවලින් ඉහළ සාමාර්ථ හිමි වේ. තම ගෞරවය හා තත්ත්වය රැක ගනී.

වෘෂභ ලග්නය

රාහු 12 ත් කේතු 06 ත් යන ස්ථානවල ගමන් කිරීම මත වෘෂභ ලග්නය හිමි ඔබට සහෝදර මත බේද දුරු වෙයි. ඒත් එතරම් සුභ නැත. රාහු දුබල නම් අක්ෂි රෝග හා කරන කියන ව්‍යාපාර කටයුතුවලින් පාඩු සිදු විය හැකිය.

මිථුන ලග්නය

මිථුන ලග්නයට අයත් ඔබට රාහු 11 වැන්නේත් කේතු 5 වැන්නේත් වීමෙන් රට යන්න ඉන්නවා නම් ඔබට ඒ සඳහා යහපත් අවස්ථා උදා වනු ඇත. ගමන් බිමන් බහුල වනු ඇත. ආදායම් තත්ත්වය යහපත් වේ. විවාහ ප‍්‍රමාද ඉවත් වෙයි. මානසික තත්ත්වය දුර්වල වීම් හා විවිධ බාධා ඇති වෙයි.

කටක ලග්නය

රාහු 10 වැන්නේත් කේතු 4 වැන්නේත් ගමන් කිරීමෙන් උදාවන මෙම ග‍්‍රහ මාරුව තුළ කටක ලග්නය හිමි ඔබට නීතිමය අංශයන්ගෙන් හා රැකියා අංශවලින් තිබූ බාධා ඉවත් ෙවි. සතුරු කරදර හා පීඩාවන්ට සුළු වශයෙන් මුහුණ පෑමට සිදුවෙයි. විදේශගත වීමේ වාසනාව හිමිය.

සිංහ ලග්නය

මෙම ලග්නය හිමි ඔබට ඉතා සියුම් අන්දමින් තමාගේ අභිමතාර්ථයන්ට පත් වීමට මාර්ග මතු වෙයි. රාහු හා කේතු 9 හා 3 ගමන් කිරීමෙන් බොහෝ දෙනාගේ සහයෝගය ඔබට හිමි වනු ඇත. එසේම ඔබට යම් අංශවලින් මෙම රාහු කේතු මාරුව සුභදායක වනු ඇත. අධ්‍යාපන තත්ත්වයේ දියුණුවක් ඇති වේ.

කන්‍යා ලග්නය

ඔබගේ රැකී රක්‍ෂා හා ව්‍යාපාරවලට බාධා හා ගැටලූ ඇති වීමට ඉඩ ඇති අතර පදිංචි ස්ථානයේ වෙනසක් ඇති විය හැකිය. රාහු 8 ත් කේතු 2 ත් නිසා ශරීර අභ්‍යන්තරයේ රෝගාබාධ තත්ත්වයන් ඇති විය හැකිය. මවට යහපත් නැති අතර සෙම් රෝග ඇති කරයි.

තුලා ලග්නය

තුලා ලග්නය හිමි ඔබගේ රැකියා බාධා ඉවත් වෙයි. රාහු 7 වැන්නේ හා කේතු ලග්න භාවයේ ගමන් කිරීමෙන් දේපල ලැබීමට ඉඩ ඇත. ඔබ මෙම කාල සීමාව තුළ ඉවසීමෙන් හා සිතාමතා කටයුතු කළ යුතුය. මෙම ග‍්‍රහ මාරුව ඔබට මධ්‍යස්ථ ප‍්‍රතිපල උදා වනු ඇත.

වෘශ්චික ලග්නය

හය හා 12 ස්ථානවල රාහු කේතු ගමන් කිරීමෙන් ඔබගේ සෞඛ්‍යය තත්වය පරිහානියට පත් වෙයි. මවට අපලය. ආදායම් තත්ත්වය නම් අයහපත් වනු ඇත. මෙම ග‍්‍රහ මාරුව ඔබට සුභදායක නැත. ආගමට දහමට ලැදි කාලයක් වනු ඇත.

ධනු ලග්නය

ආදායම් තත්ත්වය නම් යහපත් වනු ඇත. එසේම යම් යම් අංශවලින් ජයග‍්‍රහණයන් ලබා ගැනීමෙහි අවස්ථා උදා වෙයි. එහෙත් විවාහ ජීවිතයේ ගැටලූ ඇති වීමට ඉඩ ඇත. ඔබගේ ප‍්‍රසිද්ධි හා ගෞරවය ඉහළ යනු ඇත. රාහු 5 වැන්නේත් කේතු 11 සිටීමෙන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය නම් දුර්වල කරයි.

මකර ලග්නය

රාහු 4 වැන්නේත් කේතු 10 වැන්නේත් වීම හේතුවෙන් මෙම ලග්නය හිමි ඔබගේ වැඩ කටයුතුවල යම් අවුල් ස්වරූපයක් ඇති කරයි. එසේම මෙතෙක් පැවති විවාහ දෝෂ පහව යන අතර, ලැබෙන ආදායම ඉතිරි කර ගත හැකියි. වියදම් කිරීමට ලෝභ සිතේ. දෙමාපිය සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර හිමිවනු ඇත. ඔබගේ මහන්සියේ තරමට ප‍්‍රතිඵල නැත.

කුම්භ ලග්නය

මෙම ලග්නය හිමි ඔබට මෙම රාහු හා කේතු මාරුව යහපත උදා කරනු ඇත. පපුව හා දණහිස් ඇතුළු අත්/උරහිස් ආශ‍්‍රිතව තිබූ රෝගාබාධ නැවත ඇති විය හැක. අධ්‍යාපනය, දැනුම ලබා දෙයි. රාහු 3 වැන්නේත් කේතු 9 වැන්නේත් ගමන් කිරීම ඔබගේ සහෝරදයන්ට යහපත් වනු ඇත. පියාට නම් අපලය. ආගම දහමට සිත යොමු වනු ඇත. කී‍්‍රඩා අංශවලින් ජය උදා වනු ඇත.

මීන ලග්නය

මීන ලග්නයේ රාහු 2 වැන්නේත් කේතු 8 වැන්නෙත් වීමෙන් ඔබගේ වැය පක්ෂය ඉහළ යනු ඇත. දරුඵල සම්බන්ධව බාධා යම් පමණකින් ඉවත් වන අතර අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. නිලතල හා සත්කාර ලැබේ. දත්වල හා මුහුණේ ආබාධ ඇති කරයි. එසේම බෝවන රෝග ඇති වෙයි. ගෘහ ජීවිතය මධ්‍යස්ථ වනු ඇත. මෙම රාහු කේතු මාරුව හේතුවෙන් සුභවාදී පණිවිඩ මෙන්ම අසුභ කාරණා ද ඉදිරි කාලයේදී දැක ගත හැකි වනු ඇත.

ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත‍්‍රයේ ග‍්‍රහ පිහිටීම්, ගත වන මහ දශා හා අතුරු දශා, ග‍්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධ ග‍්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

මෙම රාහු කේතු ග‍්‍රහ මාරුව හේතුවෙන් ඇති වන අපල තත්ත්වයන්වලට පහත සඳහන් ග‍්‍රහ ශාන්තිකර්ම අනුගමනය කළ හැකිය* එම නිසා ඉතා කල්පනාකාරීව ආගම දහමට මුල්තැන දෙමින් ඉවසිලිමත්ව කටයුතු කිරීම තුළින් ඉහත දැක්වූ අපල උපද්‍රව අවම කර ගත හැකිය.

ඒ අනුව පහත සඳහන් විශේෂ බෝ0 පූජාව සෙනසුරාදා හා අඟහරුවාදා දින 21 ක් සවස 6 – 7 අතර නිවැරදිව තැබීම තුළින් ඔබටත් රාහු කේතු අපල සමනය කර ගත හැකිය*

බුදුරජාණන් වහන්සේට රාහු, කේතු ග‍්‍රහ අපල වෙනුවෙන් බෝධි පූජා තැබීමේදී පහත සඳහන් කරුණු අනුගමනය කරන්න.

තමන්ට පහසුවෙන් යෑමට හැකි පුද පූජා පවත්වන නාග රුව සහිත බෝධීන් වහන්සේ නමක් තෝරා ගෙන (වට නොකරන ලද බෝධියක් නම් වඩාත් සුදුසු වේ.* එම ස්ථානය හොඳින් අතුගා පිරිසිදු කර මල් ආසන හා අදාළ ස්ථාන ද පිරිසිදු කිරීමෙන් අනතුරුව අගිල් මිශ‍්‍ර සුවඳ ධූපයක් දල්වා සුවඳ දුම් අල්ලා තෙරුවන්ට පිරිසිදු තැඹිලි තෙල් පහන් 03 ක් හා විෂ්ණු, කතරගම දෙවියන්ට, ගම්භාර දෙවියන්ට මෙන්ම තම ඉෂ්ට හා ආත්ම පාලක දේවතාවුන් ඇතුළු සියලූ දෙවියන්ට එළඟිතෙල් හෝ පස් තෙල් පහන් 05 ක් යකඩ හෝ ලෝහයෙන් තැනූ පහන්වල දල්වා නිල්, රතු මල්, නිල් රතු මල් මාලා, වැටකෙයියා මල් හා නිල් රතු කොඩි පුදකර අදාළ බෝධි පූජා ගාථා කියා බෝධි පූජාව තබන්න. සුවඳ පැන්වලින් වැසි රහිත දිනවල බෝධිය නාවන්න. ඉන් අනතුරුව තමා විසින් මේ කර ගත්තා වූ මෙම සියලූ පින් තමාගේ/ තම දරුවාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් තම ආත්ම පාලක දේවතාවුන්ටත් විෂ්ණු, කතරගම දෙවියන්ට හා ගම්භාර දෙවියන්ට පහත සඳහන් ආකාරයට අනුමෝදන් කරන්න.

එදිනෙදා තමන් කළ පින් මතක් කර පහත සඳහන් පාඨය කියා අදාළ දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න.

 මා විසින් කරගත්තා වූ මෙම සියලූම කුසල සම්භාරය මාගේ /මගේ දරුවාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් ආත්ම පාලක දේවතාවුන් වහන්සේටත් විෂ්ණු, කතරගම දෙවියන්ට හා ගම්භාර දෙවියන්ටත් අත්වේවා. ඒ ආනුභාවයෙන් ඔබ වහන්සේලා ප‍්‍රාර්ථනා කරන්නා වූ සියලූ ප‍්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. තුන්තරා බෝධියකින් උතුම් වූ බෝධියක් ලැබේවා. ඒ ආනිශංසයෙන් මාගේ/මගේ දරුවාගේ පූර්ව ආත්ම භාවයේ කරන ලද අකුසලකර්ම අහෝසි කර්ම බවට පත්කර රාහු, කේතු ග‍්‍රහ අපල හා ඒරාෂ්ටක දෝෂ භංග කර මාගේ /මගේ දරුවාගේ බලාපොරොත්තු ඉෂ්ට කර නිරෝගී බව දියුණුව හා සහනය මෙන්ම අපල, බාධක දුරුකර ශක්තිය, සැනසීම, සැපත ලබා දුන් මැනවි යනුවෙන් සත්‍ය ක‍්‍රියා කරන්න.

නිවසේ දී තෙරුවන් නැමඳීමේදී

ඔබ ගව සූකර ඇතුළු මාංශ කෑමෙන් හා මත්පැන්, දුම්වැටි පානයෙන් මිදී ධාර්මික දිවි පෙවතක් ගත කරමින් පංචශීල ප‍්‍රතිපදාවේ පිහිටා සිට තමා පදිංචි ස්ථානයේ දිනපතා උදේ හෝ සවස වෙන් කරගත් වේලාවක් තුළ බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ දුම් හා ගිලන්පස තබා තෙරුවන් නමඳින්න. ඉන් අනතුරුව චන්ද පිරිත හා සූරිය පිරිත 07 වරක් හා ජයෝ මුනින්දස්ස ගාථාව බුදුරජාණන් වහන්සේ වන්දනා කරන විට කියන්න.

 ඉහත සඳහන් රාහු කේතු ග‍්‍රහ අපල තත්ත්වයන් සඳහා පහත දැක්වෙන ශාන්ති කර්මයන් අනුගමනය කරන්න.

 1. සෙනසුරාදා (ශනිදා) දිනවල උදේ 6 / 7 ත් අතර එළඟිතෙල් මිශ‍්‍ර කිරිබත් ගුලි 8ක් තම හිස වටා/දරුවාගේ හිස වටා කරකවා කපුටන්ට කෑමට දෙන්න. (වතුර බේසමක් ද තබන්න.)

 2. දුගී මගී අත් පා නැති ඇස් අන්ධ හා ආබාධිත අසරණ අයට උදව් උපකාර කරන්න (ආහාර ඇඳුම් පැලඳුම් හා මුදල්)

 3. හැකි සෑම විටකම තමා කන බත් පතෙන් මිටක් ඉඟිලී යන සතෙකුට කෑමට දෙන්න.

 4. හිරවී සිටින කුරුල්ලන් ජෝඩු වශයෙන් බේරා ගෙන නිදහස් කරන්න.

 5. ගලා යන ජලයේ ජීවත් වන මාළුන්ට වී පොරි ස්පර්ශ කර කෑමට දෙන්න.

 6. මහා අභිසම්භිධාන යන්ත‍්‍රය හෝ ඛන්ධපරිත්ත යන්ත‍්‍රය 324 වාරයක් හෝ 1080 වාරයක් පිරිත් කරවාගෙන පස්ලෝ සුරයකලා පැළඳගැනීම)

 7. නයි පොළොං පත්තෑ ආදී උරගයින්ට හිංසා නොකිරීම හා මරණයට පත් නොකිරීම*

 8. වෙහෙර විහාර තැනීමේදී ශ‍්‍රමයෙන් හා මුදලින් උපකාර කරන්න.

 9. කුඩා දරුවන්ට රසකැවිලි, ආහාර, ඇඳුම් පැලඳුම්, පොත් පත් අවස්ථානුකූලව ලබා දීමෙන් උදව් උපකාර කරන්න.

 10. මරණයට කැපවූ ගවයන් හා අනෙකුත් සතුන් නිදහස් කිරීමට උදව් උපකාර කරන්න. හිංසාවෙන් වැළකී හැකි සෑම විටම සියලූම සතුන්ට කෑම බීම ලබා දෙන්න.

 11. ග‍්‍රහ ශාන්ති කර්මවල නිරත වන දිනවලදී හා අදාළ අපල කාරක ග‍්‍රහයාගේ අදාළ දිනවල නිර්මාංශ ආහාර ගැනීම ඉතාම සුබදායක වනු ඇත.

 12. නිවසේ නිරිත දිශාවේ වැටකෙයියා පැළයක් සිටුවා එයට සාත්තු කරන්න. මීට අමතරව

 රාහු ග‍්‍රහයාගේ අපලය

 * පුර පක්ෂය අළලා සෙත් කවි කියවීම අරඹා පසොළොස්වක දිනයක දෙවියන්ට ඔප්පු කිරීම

 * සුදු මල් පූජා කිරීම

 * ඊතන හා වැටකේ දළු මිශ‍්‍ර කොළ වතුර නෑම

 * නාගර්ජුන යන්ත‍්‍රය හෝ අභිසම්භිදාන යන්ත‍්‍රය ජීවම් කරවා පළඳින්න

 * දේව කන්නලව්වක් කර පින් දීම*

 * ගෝමේද ගලක් ඇල්ලූ පස්ලෝ නාග දරණ මුද්දක් මහා අභිසම්භිධාන යන්ත‍්‍රය හෝ ඛන්ධපරිත්ත යන්ත‍්‍රය 324 වාරයක් හෝ 1080 වාරයක් පිරිත් කරවාගෙන පැළඳ ගැනීම*

 කේතු ග‍්‍රහයාගේ අපලය.

 * සෙත් කවි කියවා සෙත් පැතීම

 * කතරගම දෙවියන් ප‍්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම

 * ඊතන කොළොන් කොළ මීශ‍්‍ර කොළ වතුර නෑම

 * කෙසෙල් පත‍්‍ර මත සිටගෙන ස්නානය කිරීම

 * ඉදුනු කෙසෙල් සමග රස කැවිලි දන් දෙන්න.

 * පිරිත් කියවා මළගිය ඇත්තන්ට පින් දීම

 * නවනාත යන්ත‍්‍රය, නවග‍්‍රහ යන්ත‍්‍රය හෝ රතන යන්ත‍්‍රය ජීවම් කරවා පළඳින්න

 දහ අට වසරකට පසු මේෂයට යන රාහු හා තුලාවට යන කේතු ගේ ග‍්‍රහ අපල ඉහත සඳහන් ග‍්‍රහ ශාන්තිකර්ම නිවැරදිව අනුගමනය කිරීම තුළින් සමනය කර ගත හැකිය සෙත්වේවා.

බණ්ඩාරගම, ජ්‍යොතිෂවේදී
සම්පත් එස්. කල්පගේ
‘තසුනි’ සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය,
නො. 53/ඒ 1, විහාර මාවත,
ගම්මන්පිල, බණ්ඩාරගම
දු.අංකය – 0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment