වසර 20කට පසු සිව් දෙනෙකුට එල්ලුම් ගස

495

වසර 20කට පෙර සිංහල අවුරුදු දා හම්බන්තොට කැටැන්වැවදී පුද්ගලයෙකු කපා කොටා පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වැරදි කරු වූ චූදිතයින් හය දෙනෙකුට හම්බන්තොට මහාධිකරණය ඊයේ (22) සවස මරණීය දණ්ඩණය නියම කෙරුණි. මෙලෙස මරණීය දණ්ඩණය නියම වුයේ හම්බන්තොට ගොන්නොරුව හා කැටැන්වැව පදිංචි කරුවන් වන 81 හැවිරිදි තිදරු පියෙකු වන සමන් බුලත්ගම,43 හැවිරිදි දෙදෙරු පියෙකු වන සිනිපැල්ලගේ ලලිත් ප්‍රසන්න,80 හැවිරිදි රණසිංහ ආරච්චිගේ ජිනදාස,46 හැවිරිදි හේවා හල්පගේ වසන්ත,39 හැවිරිදි දිලාන් මංජුල හා 38 හැවිරිදි එච්.එම්.නවරත්න නැමති චුදිතයන් හය දෙනෙකුටය. චුදිතයින් එක්ව 2003.04.14 වන දින සිහල අවුරුදු දා හම්බන්තොට කැටැන්වැව පදිංචි 30 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකුට අතින් පයින් පොලිවලන් හා මාරක ආයුධ වලින් පහරදි ඝාතනය කර තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment