වසර 2035 වන විට ලොව ජනගහනයෙන් හරි අඩක් ස්ථුලභාවයට පත් වීමේ අවදානමක්!

148

ලොව පුරා ස්ථුලභාවය හෙවත් තරබාරු බවට පත් වන්නන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට කඩිනම් පියවර නොගතහොත් වසර 2035 වන විට ලොව ජනගහනයෙන් හරි අඩක් තරබාරුබවින් හෝ අධිබරින් පෙළෙනු ඇතැයි ලෝක ස්ථුලතා සම්මේලනය පවසයි. මේ වන විට ලොව පුරා රටවල විශාල පිරිසක් ස්ථුලභාවයට ගොදුරු වෙමින් සිටින අතර එය පාලනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර නොගතහොත් ලොව ජනගහනයෙන් බිලියන 4කට අධික පිරිසක් එම තත්ත්වයට ගොදුරු වනු ඇති බව සම්මේලනය කියයි.

කුඩා ළමුන් ශීඝ්‍රයෙන් ස්ථුලභාවයට ගොදුරු වෙමින් පවතින අතර අඩු ආදායම්ලාභී අප්‍රිකානු හා ආසියානු රටවල ජනතාව වැඩි වශයෙන් මෙම තත්ත්වයට ගොදුරු වෙමින් සිටින බව ලෝක ස්ථුලතා සම්මේලනය අවධාරණය කර සිටී. සම්මේලනයේ සභාපති මහාචාර්ය ලුවිස් බවර් ට අනුව වසර 2035 වන විට ලොව ස්ථුලභාවයට පත් වන්නන්ගේ රෝගාබාධ වෙනුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4කට (බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 3.3) අධික මුදලක් වැය කිරීමට රජයන්ට සිදු වනු ඇත. “මෙම තත්ත්වය කනගාටුදායක තත්ත්වයක්. මේ නිසා ලොව පුරා රජයන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් තරුණ ප්‍රජාවට සෞඛ්‍ය, ආර්ථික හා සමාජයීය අවදානමක් දැරීමට සිදු වන වියදම් සිදු කිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගත යුතුයි” මහාචාර්ය බවර් කියයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment