වසර 32කට පෙර සිදුවූ අමිතර්ලිංගම් ඝාතනය… ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිවීම නිසා අමිතර්ලිංගම්ට ප‍්‍රභාකරන් විසින් මරණ දඬුවම පැමිණවූ බව හෙළිවිය.

363
වසර 32කට පෙර සිදුවූ අමිතර්ලිංගම් ඝාතනය... ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිවීම නිසා අමිතර්ලිංගම්ට ප‍්‍රභාකරන් විසින් මරණ දඬුවම පැමිණවූ බව හෙළිවිය

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලේ  අමිතර්ලිංගම් සහ යාපනයේ හිටපු මන්තී‍්‍ර වෙට්ටිවේලූ  යෝගේශ්වරන් ඝාතනය වූයේ ජුලි 13 වැනි දා වැනි දිනකය. ඝාතකයා වෙනින් කවුරුත් නොව කිරුබා හෙවත් වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ය. මෙය සිදුවූයේ ශී‍්‍ර ලංකාව තුළ භීෂණ කි‍්‍රයාදාමයන් පැවැති  අවස්ථාවකදීය. මෙම සමයේ ඉන්දීය සාම සාධක බළකාය සහ කොටි ත‍්‍රස්තවාදීන් අතර ගැටුම් ද ඇතිවී තිබුණි.

1989 ජුලි 13 දා සවස 6.30 ට සවස කොටි කි‍්‍රයාකාරීන් තිදෙනෙක් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිතර්ලිංගම් නිවසට පැමිණියේ වැදගත් සාකච්ඡුාවක් සඳහා යැයි දක්වමිනි. කොළඹ හතේ බෞද්ධාලෝක මාවතේ පිහිටි අමිතර්ලිංගම්ගේ දෙමහල් නිවසට පැමිණි මේ කොටි කි‍්‍රයාකාරීන් තිදෙනා විෂු හෙවත් රාසයියා, පීටර් ලියෝන් ඇලෝසියස් හෙවත් විග්නා සහ අරිවු හෙවත් සිව කුමාර්ය. එහෙත් මේ තිදෙනා ප‍්‍රභාකරන් එවූ ඝාතක කණ්ඩායමක් බව අමිතර්ලිංගම් දැන සිටියේ නැත. අමිතර්ලිංගම්ගේ ආරක්‍ෂාව උදෙසා මහවැලි අමාත්‍යාංශයේ ආරක්‍ෂක නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් කීපදෙනෙකු විය. කොටි සමග සාකච්ඡුාවට මුරුගේසු සිව සිතම්පරම්, මාවයි සේනාධිරාජා,සහ යෝගේශ්වරන්ද අමිතර්ලිංගම්ගේ නිවසට පැමිණ සිටියහ. මෙම සාකච්ඡුාවට කොටි දේශපාලන නායක යෝගි හෙවත් නරේන්ද්‍රන් පැමිණීමට නියමිත වුවත් ඔහු පැමිණියේ නැත.

amirthalingam2

මේ දිනවල ආර්. පේ‍්‍රමදාස රජය කොටි සමග සාම සාකච්ඡුාවල යෙදී සිටියහ. මෙම කොටි තිදෙනා අමිතර්ලිංගම්ගේ නිවසට පැමිණෙනවිට ඔවුන් පරීක්‍ෂාවට ලක් නොකරන ලෙසද හිටපු මන්තී‍්‍ර යෝගේශ්වරන් ආරක්‍ෂක කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබුණි. මේ බව පොලිස් පරීක්‍ෂක ටී නන්දසාමි පසුව හෙළිකර තිබුණි. අමිතර්ලිංගම් නිවසට පැමිණි කොටි ඝාතන කණ්ඩායමේ විෂු සහ ඇලෝසියස් උඩු මහළට ගිය අතර සිවකුමාර් තරප්පු පෙළ අසල සිටගෙන සිටියේය. මේ අවස්ථාවේ යෝගේශ්වරම් සිය බිරිය සමග රූපවාහිනි නරඹමින් සිටි බව අනාවරණය විය. කොටි සහ අමිතර්ලිංගම් අතර පැවැති සාකච්ඡුාවේදී සියලූ ද්‍රවිඩ කණ්ඩායම් එක්සත්ව කි‍්‍රයා කළ යුතු බවට අවධාරණය කෙරුණි. උඩුමහලේ මෙලෙස සාකච්ඡුා පැවැත්වෙන අවස්ථාවේ තරප්පු පෙළ අසල සිටි සිවකුමාර් දැඩි කලබලකාරී ස්වරූපයකින් පසුවිය.

amirthalingam3

ඔහුගේ මේ හැසිරීම පොලිස් නිලධාරි නිශ්ශංක තිබ්බොටුමුණුවගේ දැඩි සැකයට භාජනය විය. ඒ නිසා තිබ්බොටුමුණුව සහ පොලිස්භටයකු වූ සත්‍යමූර්ති යන දෙදෙනා සිවකුමාර්ව පරීක්‍ෂාවට ලක් කිරීමේදී උණ්ඩ කිහිපයක් සහ අත්බෝම්බයක්ද අසුවිය. මෙම සාකච්ඡුාව රාති‍්‍ර 7.40 වන තුරුම පැවැත්වුණි. මේ අතර හිටිහැටියේම උඩුමහලේ පැවැති සාකච්ඡුාව අවසන් විය. සාකච්ඡුාව අවසන් කර යෑමට පෙර විෂු නමැත්තා  අමිතර්ලිංගම් වෙත චෝදනා කරමින් උඹලා මිනීකන පාහරයන් යැයි කියා සිටියේය. ඒසමගම ඔහු සාක්කුවෙන් පිස්තෝලයක් ගෙන අමිතර්ලිංගම්ට වෙඩි තැබිය. මෙය දුටු යෝගේශ්වරන් මහහඬින් කෑ ගැසීය. විෂූගේ  ගෝලයා වූ ඇලෝසියස ද් පිස්තෝලයකින්  යෝගේශ්වරන්ට වෙඩි තැබුවේය. එහි සිටි ශිවසිතම්පරම් ද අසුනින් නැඟිට කෑ ගසද්දී විෂූ ඔහුටද වෙඩි තැබීමට කි‍්‍රයා කළේය. වෙඩි ශබ්ද කීපයක් හුවමාරු වීම නිසා පොලිස් පරීක්‍ෂක තිබ්බොටුමුණුව විගස විෂූට සහ ඇලෝසියස්ට වෙඩි තැබීය. එහිදී කොටි දෙදෙනා තුවාල ලබා තරප්පු පෙළ දිගේ පහළට ඒමට උත්සාහ කළත් පොලිස් පරීක්‍ෂකවරයා නොකඩවා ඔවුන්ට වෙඩි තබා මරා දැමීය. මේ අතර පොලිස් භට කන්දසාමිලේ අත්අඩංගවේ සිටි සිවකුමාර් පැන යෑමට උත්සාහ කළත් පොලිස් පරීක්‍ෂක තිබ්බොටුමුණව ඔහුට ද වෙඩි තබා මරා දැමුවේය. මෙම වෙඩි හඬ ඇසූ අමිතර්ලිංගම්ගේ බිරිය වූ මන්ගයිකර්සි සහ යෝගේශ්වරන්ගේ බිරිය වූ සරෝජිනි මෙන්ම මාවයි සේනාධිරාජා තරප්පු පෙළ දිගේ උඩුමහළට දිව ආහ. ඔවුන් දුටුවේ අමිතර්ලිංගම් සිය අසුනේම ලේ පෙරාගෙන වැටී සිටින බවයි.

යෝගේශ්වරන්ද බරපතළ තුවාල ලබා අසුනේ වැතිරී සිටි බව වාර්තා විය. අමිර්තලිංගම් බිරිය සිය සැමියා මියගොස් ඇතිබව නොදැන ඔහුගේ හිස පසුපසට කොට්ටයක් තැබුවාය. මේ අතර යෝගේශ්්වරන් රෝහලට ගෙන යන අවස්ථාවේ මියගොස් සිටි බව හෙළිවිය. උරහිසට වෙඩි වැදීමක් නිසා දිවි ගලවාගත් ශිවසිත්තම්පරම් පමණක් මරණයෙන් බේරුණි. අමිතර්ලිංගම් සහ යෝගේශ්වරන් ඝාතනය කොටි කි‍්‍රයාවක් නොවන බව එවකට ආරක්‍ෂක කටයුතු භාරව සිටි රන්ජන් විජේරත්න පවසා තිබුණි. ඊට සමානව කොටි න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහම් පැවසුවේ පේ‍්‍රමදාස රජය සහ කොටි අතර සාකච්ඡුා කඩාකප්පල් කිරීමට වෙනත් කණ්ඩායමක් එම ඝාතනය සිදුකළ බවයි. මෙම ඝාතන දුටු එකම සාක්‍ෂිකරු වූයේ ශිවසිත්තම්පරම් වුවත් ඔහු සිද්ධිය ගැන නිසි සාක්කි දුන් දුන්නේ නැත. මෙම ඝාතනය ගැන අමිතර්ලිංගම්ගේ බිරිය මන්ගයිකර්සි පසුව පැවසුවේ කොටි තම සැමියා ඝාතනය කරනු ඇතැයි කිසි දිනෙක නොසිතූ බවය. ඇගේ

එම ප‍්‍රකාශයට හේතුව වූයේ කොටි පෝෂණය කළේ අමිතර්ලිංගම් නිසාය. මේ අතර පොලිස් පරීක්‍ෂක තිබ්බොටුමුණුව විසින් මරාදැමූ ඝාතකයන් තිදෙනාගේ සිරුරු මඩකලපුව වෙත ගෙනයනු ලැබීය. වසර කිහිපයකට පෙර මඩකලපුවේ කොටි මෙහෙයුමක යෙදී සිටි හමුදා භට පිරිසක් කොටි සුසාන භූමියක තිබූ සොහොන්කොත් දෙකක් දුටුවේය. එම සොහොන් කොත් විෂූ සහ ඇලෝසියස් වෙනුවෙන් කොටි ඉදිකර තිබුණි. ද්‍රවිඩ විමුක්ති අරගලය උදෙසා දිවිපිදූවන් ලෙස එම සොහොන් කොත්වල සඳහන් වී තිබුණි. අමිතර්ලිංගම් ඝාතනයවී වසර ගණනකට පසු කොළඹ වැල්ලවතතේ දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පිරිසක් එම සැමරුමට සහභාගි වූහ. මෙහිදී අමිතර්ලිංගම් ඝාතනය ගැන වචනයක්වත් ප‍්‍රකාශයට පත්වූයේ නැත. මෙය දුන්න ගැන මිස දුනුවායා ගැන වසන් කිරීමකි. දුනුවායා යනු ප‍්‍රභාකරන්ය. කොටි ඝාතන කණ්ඩායමේ ඝාතන සැලසුමෙන් දිවි ගලවා සිව ශිවසිත්තම්පරම් 2006 වසරේදී මිය ගියේය. ඔහුගේ අභාවය තම වාසියට ගත් කොටි ද්‍රවිඩ අරගලයේ ප‍්‍රධානියකු වූ ශිවසිත්තම්පරම් මිය යෑම විශාල පාඩුවක් බව පවසා සිරුරට කොටි ධජය පෙරවනු ලැබීය. මෙය ඝාතකයන් විසින් ශිවසිනම්පරම් අභාවය ගැන කනගාටුව පළකර ද්‍රවිඩ ජනතාව රැුවටීමකි. අමිතර්ලිංගම් ඝාතනයට පෙර ඔහුගේ බිරිය මන්ගර්කර්සි පැවසුවේ සිංහලයන්ගේ සම්වලින් පාවහන් නිපදවන තුරු තමන්ට සැනසීමක් නැති බවයි. වසර කීපයකට පසු ලන්ඩන් නුවරදී මන්ගයිකර්සි ප‍්‍රකාශයක් කළාය. මගේ සැමියා මරුවේ ප‍්‍රභාකරන් යැයි ඇය කියා සිටියාය. අමිතර්ලිංගම් ඝාතනයෙන් පසු බි‍්‍රතාන්‍යයේ පදිංචියට ගිය ඇය සහ පුතුන් දෙදෙනා වරක් ශී‍්‍ර ලංකාවට ද පැමිණ විශ‍්‍රාමික පොලිස් නිලධාරි නිශ්ශංක තිබ්බොටුමුණුව පදිංචිව සිටි කෑගල්ලට ගොස් ඔහුට හමුවිය. මෙම ඝාතනය වන අවස්ථාවේ සාකච්ඡුාවට පැමිණ සිටි මාවයි සේනාධිරාජා වෙඩි තැබීම් සිදුවන අවස්ථාවේ සිටියේ කොහේදයයි අනාවරණය වූයේ නැත. කොටි ඔහුට වෙඩි නොතැබීම ද අභිරහසකි. මේ තත්ත්වය මැද රජය කොටි ඝාතකයන් වූ විෂූ සහ ඇලෝසියස් මෙන්ම සිවකුමාර් ගැනද පරීක්‍ෂණ පැවැත්වීමට කි‍්‍රය කළේ නැත. මේ අතර 2016 මාර්තු 9 දා මන්ගයිකර්සි ලන්ඩන් නුවරදී මිය ගියාය. මිය යන විට ඇයගේ වයස 83 කි. මෙලෙස කොටි අමිතර්ලිංගම් ඝාතනය කළේ ඔහු ඉන්දු-ලංකා ගිවිසුමට සහය දැක්වීම නිසා බව වසර කිහිපයකට පසු හෙළිවිය. අමිතර්ලිංගම් ඝාතනයේ වීරයා වූයේ පොලිස් පරීක්‍ෂක නිශ්ශංක තිබ්බොටුමුනුවයි. එහෙත් එවකට සිටි රජය ඔහුගේ සේවය ඇගයීමට ලක් කළේ නැත. ද්‍රවිඩ දේශපාලකයන් තිදෙනෙක් ඝාතනය කළේ ජුලි මසය. 1995 ජුලි 27 දා යාපනය නගරාධිපති ඇල්ප‍්‍රඞ් දොරේ අප්පා ඝාතනය විය. 1988 ජුලි 15 නැෙඟනහිර මන්තී‍්‍ර කේ. නගනරත්නම්ද 2001 ජුල 24 දා නීලන් තිරුචෙල්වම් ද ඝාතනය විය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment