වසර 38කට පසු ඉන්දියාව හොකී අවසන් පූර්ව වටයට

314

පසුගිය 2016 ‘රියෝ’ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි රන් පදක්කම් ලාභී ආජන්ටිනාව පෙරේදා (01) පැවති පිරිමි හොකී අර්ධ අවසන් පූර්ව වටයේදී ජර්මනිය හමුවේ ගෝල් 03 – 01 ක් ලෙස පරාජයට පත්වීම කැපී පෙනුණි.

පළමු කාර්තුවේ දී 00 – 00 ක් ලෙස ද දෙවන කාර්තුවේ දී 01- 00 ක් ලෙසද තෙවන කාර්තුවේ දී 02 – 00 ක් ලෙසද සිව් වන කාර්තුවේ දී 03 – 01 ක් ලෙස ද අදාළ ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට ජර්මානුවන් හට හැකි වූහ.

මේ අතර වාරයේ අතිශය තියුණු තරඟයකින් අනතුරුව දඩුවම් පහර ආශ‍්‍රිතව ගෝල් 03 – 00 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට ඔස්ටේ‍්‍රලියාව සමත්විය.

නෙදර්ලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවතී මෙම තරඟය සඳහා නියමිත කාලය නිමා වන විට දෙපිලම ගෝල් 02 – 02 ක් ලෙස රැුස් කර ගෙන තිබුණි. ඒ හේතුවෙන් ජයග‍්‍රාහී පිල තෝරා ගැනීම සඳහා දඬුවම් පහර එල්ල කිරීමේ ( 08 ීැජදබාි ීයදදඑ ධමඑ ) අවස්ථාව යොදා ගැනිණ.

ඉන් අනතුරුව ක‍්‍රියාත්මක කෙරුණු බෙල්ජියම සහ ස්පාඤ්ඤ අතර තරගයෙන් ගෝල් 03 – 01 ක ජයග‍්‍රහණය සටහන් කරගැනීමට ලොව අංක 01 ට ශේණිගතව සිටින බෙල්ජියම සමත්වූ අතර මහා බි‍්‍රතාන්‍යය පිල ගෝල් 03 – 01 ක් ලෙස පරාජයට පත්කරන්නට අසල්වැසි ඉන්දියාවට හැකි විය.

අවුරුදු 38 ක ට පසුව ඉන්දීය පිරිමි සහ කාන්තා පිල් ඔලිම්පික් ක‍්‍රීඩා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි.

පාපන්දු

මෙවර පිරිමි පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග යුගලය අද පැවැත්වේ.

ඒ අනුව පසුගිය වර රන් පදක්කම් ලාභී බ‍්‍රසිලය සහ මෙක්සිකෝව පළමුව ද සත්කාරක ජපානය සහ ස්පාඤ්ඤය දෙවනුවද තරග වැදීමට නියමිතය.

කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට වරම් ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව සහ ස්වීඩනය සමත්විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment