වසර 5ක් ආදායම් බලපත් නැති වාහන බ්ලැක් ලිස්ට්

211

තොරතුරු පද්ධතියෙනුත් ඉවතට

වසර 05 ක් ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදු ලේඛනගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට සාකච්ඡා කරමින් තිබෙන බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පැවැසීය.

මෙය සාකච්ඡා මට්ටමින් පවතින බවත්, ඊට අදාළව ක්‍රියාකිරීම සඳහා වසර 05 කට අධික කාලයක් ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන සම්බන්ධයෙන් පළාත් මට්ටමින් වාර්තාවක් කැඳවා ඇති බවත් ඒ මහතා කීය.

එම වාර්තාව ලැබීමෙන් පසු ප්‍රවාහන ඇමැතිවරයා දැනුවත් කර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට අදහස් කර තිබෙන බව ද ඒ මහතා කීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට පෙර දිස්ත්‍රික් මෝටර් රථ පරීක්‍ෂකවරුන් හරහා ද එම වාහන සම්බන්ධයෙන් පරීක්‍ෂාවක් සිදුකරන බවත්, මෙම තීරණය ගැනීමට සාකච්ඡා කරන්නේ එකදිගට වසර 05 ක් ආදායම් බලපත්‍ර ලබානොගත් වාහන සම්බන්ධයෙන් බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment